විරු සැමරුම

Posted: June 6, 2018 in Uncategorized

ඔනරබල් සර්
බෙන්ස් රථයෙන් පැමිණ
පාවඩ මතින් ගොස්
මල්මාලයක් පිළිරුවට දමා
බෙන්ස් රථයෙන්ම යන්නට ගියේය

ඔහු සහ ඇය
පාන්දර දෙකේ බසයෙන් පැමිණ
සිමෙන්තියෙන් කෙටූ නාම පුවරුවේ
තම පුතුගේ නම සොයා
කදුලු පිරි දෙනෙතින්
කුසට අහරක් නොමැතිව
අවසාන බසයෙන් යලි ගමට ගියෝය…

-සගා-
06/06/2018

Leave a comment