HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 15කින් මොළයේ චිප් තැන්පත් කළ සුපිරි මිනිසුන්!

මයික්‍රොචිපයක් ඔබේ මොළයේ තැන්පත් කිරීමෙන් එහි සම්පූර්ණ කි‍්‍රයාකාරිත්වය හෙළිකර ගැනීම කළ හැකියි කීවොත් එය අලූත්ම විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක එන්නක් යැයි ඔබ සිතන්නට පුළුවන.

ඒත් එය තවත් වසර 15කින් මෙපිට සැබෑ කර ගත හැකි දෙයක් යැයි විද්‍යාඥයන් කියනවා. එවැනි උපකරණයක් බිහි කිරීමට වෙහෙසෙන බ‍්‍රයන් ජොන්සන් කියන්නේ ස්මාට් ෆෝන් වගේ ජනතාව අතර ඉක්මනින් ම ජනපි‍්‍රය වන බවයි. ආරම්භයේ දී මෙම චිපය යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ මොළේ ඇති වන ගැටලූ සහගත තත්වයන්ට පිළියම් සෙවීමටයි.

ඔවුන් වෙහෙසෙන බවයි.

මොළයේ තැන්පත් කෙරෙන චිපයක් මගින් එහි සම්පූර්ණ කි‍්‍රයාකාරිත්වය හෙළිදරවු කරගෙන මිනිසා තුළින් සුපිරි මිනිසකු බිහිකිරීමට ආසන්න බවයි විද්‍යාඥයන් දැන් කියන්නේ.

උතුරු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටෙඞ් බර්ජර් ප‍්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් කරන පර්යේෂණයකට අනුවයි, කර්නෙල් ආයතනය දැනටමත් මිනිස් මොළයේ තැන්පත් කළ හැකි චිපයක් තැනීම ගැන කටයුතු ආරම්භ කළේ. ඔවුන් දැනටමත් රෝහල්වල සිටිනා අපස්මාර රෝගීන්ට අදාළව අත්හදා බැලීම් පටන් අරන්.

ඇමරිකාවේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ නිල ප‍්‍රකාශනය වූ ‘ස්පෙක්ට‍්‍රම්’ (IEEE Spesrum) සඟරාවට ප‍්‍රකාශයක් කරන උතුරු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නාසා ඉංජිනේරු කේන්ද්‍රයේ ටෙඞ් බර්ජර් කියන්නේ ”අපි දැන් මේ උපකරණය මිනිසුන්ට යොදා පරීක්ෂණ කරනවා. ආරම්භයේ දී ම එහි ප‍්‍රතිඵල සාර්ථක බව පෙනෙන්නට තියෙනවා.” කියායි.

”අපේ මීළඟ පියවර වන්නේ මෙය බද්ධ කළ හැකි උපකරණයක් ලෙස වානිජ පදනමකින් නිපදවීමයි.” ඔහු වැඩිදුරටත් කියනවා.

ඔවුන්ගේ බලාපොරොත්තු ව මෙය නිරෝගී පුද්ගලයන් වෙනුවෙන් භාවිත කිරීමට පෙර ස්නායු පරිහානියට පත් වෙමින් යන ඇල්සයිමර් වැනි රෝග තත්වයනට ලක් වූ පුද්ගලයන් උදෙසා මුලින් ම යොදා ගැනීමයි. ඒ අතර අපස්මාර රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ඔවුන් මේවා දැනටමත් යොදා ගෙන තියෙනවා.

නිව් සයන්ටිස්ට් සඟරාවට ප‍්‍රකාශයක් කරමින් ජොන්සන් කියන්නේ ”ඔබට මොළයේ කී‍්‍රයාකාරිත්වයේ අඩු වීමකට එනම් විස්මෘතියක් වැනි තත්වයකට මුහුණදීමට සිදුවුණොත් මොළයේ හිපොකැම්පසයට මයික්‍රොචිපයක් බද්ධ කිරීමෙන් මොළයේ කි‍්‍රයාකාරීත්වය යළි පියවි තත්වයට පත් කළ හැකියි. නැති වූ මතකය නැවත ලබා ගත හැකියි.” කියායි.

කර්නෙල් ආයතනයේ ආරම්භකයා වූ ඔහු පෘතුගාලයේ ලිස්බන් නගරයේ පැවති වෙබ් සමුුළුවකදී කියා ඇත්තේ ඔවුන් විසින් ආරම්භ කර ඇති මොළයට මයික්‍රොචිප තැනීමේ වැඩ පිළිවෙළ නිසා මොළයේ රහස් හෙළිදරවු කර ගැනීමට හැකි වන නිසා එය මිනිසා මෙතෙක් ජය නොගත් ඉසව්වකට පා තැබීමක් බවයි.

”මං හිතන විදියට ඉදිරි වසර 15-20 තුළ, මොළයට අදාළ ව අප නගන ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරු සොයා ගත හැකි වන තරමේ මෙවලම් ගණනාවක් තනා ගැනීමට අපට හැකි වේවි.” ජොන්සන් කියනවා.

”නිදසුනක් වශයෙන් මට නිවැරදි මතකයක් ලබා ගත හැකිද? මට මගේ මතකයන් අමතක කළ හැකිද? මගේ ඉගෙනීමේ හැකියාව වැඩි කර ගත හැකිද? මට මගේ මොළය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති කර ගත හැකිද?” ඔහු තවදුරටත් පැහැදිලි කරනවා.

”අතීතයේ සිදුවූවක් ගැන අත්දැකීමක් ලබන්නට ඔබට අවශ්‍ය නම් එය සිතින් මවා ගත හැකි වෙනත් අයකුගෙන් එය මයික්‍රො චිපයක් මගින් ලබා ගෙන ඒ අත්දැකීම ඒ අයුරින් ම විඳින්න ඔබට අනාගතයේ දී පුළුවන් වේවි.

”අනාගතයේ දී මෙම මයික්‍රො චිප් අද ස්මාර්ට් ෆෝන් මෙන් සුලබ වේවි. මේවායේ උපකාරයෙන් සුපිරි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් මොළයක් ඔබටත් උරුම කර ගත හැකි වේවි.”

මොළයේ තැන්පත් කිරීමෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීම සඳහා සුක්ෂම උපකරණයක්් තැනීමට කර්නල් ආයතනය දැනටමත් අවධානය යොමු කර තියෙනවා. (පරිගණකයෙන් නිර්මාණය කළ රූපයකි.)

මෙහි දැක්වෙන මොළයේ ඇති හිපොකැම්පසය තමයි අපේ මතකය හා සම්බන්ධව කි‍්‍රයා කරන්නේ.

ආචාර්ය ටෙඞ් බර්ජර් පැහැදිලි කරන ආකාරයට අනුව මෙම රූපයෙන් දැක්වෙන්නේ මොළයේ ඇති හිපොකැම්පසය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන අවස්ථාවලදී විශේෂ චිපයක් මගින් නැති වූ මතකය යළි ලබා ගත හැකි අයුරුයි.




Post a Comment

0 Comments