නුවර සිද්දිය — කාගෙද වැරැද්ද?

duminda - Copy

දුමින්ද ජයසේන කියලා එක්කෙනෙක් medium.com වෙබ්සයිට් එකේ ලිපියක් ලියලා තියෙනවා. එයා ලියලා තියෙන්නේ තරුණ තරුණියන්ට රටේ තත්වේය ගැන හිතන්න කියලා, නුවර වෙච්ච සිද්දිය උඩ.

විශේෂයෙන්ම මෙයා කියන්නේ 1983-2009 තිබිච්ච යුද්දය මහා අපරාධයක් කියලා. ඔව්, ඒක ඇත්ත. හැබැයි ඔබ ඔහුගේ වචන සුපරීක්ශාකාරීව අධ්‍යයනය කරනවානම්, වෙනත් අර්ථයක් දැකෙයි.

බලමු මොකද්ද ලියලා තියෙන්නේ කියලා.

යුද්දේ නිසා අපිට ගොඩක් දේවල් අහිමු උනා. යුද්දෙට ගෙදර හිටපු කොල්ලෝ තුන්දෙනාම යවලා අදටත් උන්ව මතක් කර කර හැමදාම අඩන අම්මලා තාත්තලා අපි අතර ඉන්නවා. උතුරේත් දකුණේත් අම්මලා තාම බලන් ඉන්නවා අතුරුදහන් වුන පුතා කවද හරි කොහේ හරි ඉඳලා ගෙදර එයි කියලා.

දැන් මේක කියෙව්වාම මොකද්ද හිතෙන්නේ?

1. යුද්දේ නිසා, සිංහල කොල්ලෝ මැරුණා. 2. ඒවගේම, යුද්දේ නිසා දෙමළ තරුණයන්නුත් මැරුණා.

හැබැයි මතක තබා ගත යුතුයි, මේ යුද්දෙ සටන් කරේ වෙනත් කණ්ඩායම් දෙකක්. රටවල් දෙකක හමුදාවල් දෙකක් නෙවෙයි. අපේ රටේ ආණ්ඩුව යුද්ද කරේ දෙමළ ජාතිවදීන්ගේ (සම්පන්දන්, චෙල්වනායගම්, TNA, ඇතුලු දෙමළ නායකයෝගේ) ත්‍රස්තවාදීන්ව පරද්දන්න. මෙයා ලියුව්වේ හරියට LTTEය අහිංසක, වැදගත්, නීත්‍යානුකූලික බලයක් වගේ. ඒක සම්පුර්ණ බොරුවක්.

තවත් එකක් මතක තබා ගන්න ඕනේ. ගොඩාක් දෙමළ ජනතාව ආසාවෙන්, “ඊලාමය” බලාපොරුත්වෙන් මේ යුද්දේට බඳුනේ. දැන් TV එකට ඇවිල්ල ඇඩුවට, මේ “උතුරේ අම්මලා” කට වහගන හිටියා උතුරේ LTTE යුගය කාලේ. දෙමළ තරුණයන් නැතිවෙච්ච එක ගැන වග කියන්න ඕනේ දැන් තාම කට කියවන TNA පක්ෂයි සම්පන්දන් ඇතුලු දෙමළ නායකයෝයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවයි, සිංහල ජාතියයි නෙවෙයි. එච්චර දුකනම්, ඇයි දෙමළ ජනතාව තාමත් TNA එකට චන්දෙ දෙන්නේ?

ඉන්පසුව, දුමින්ද මෙහෙම ලියනවා:

71, 83 කැරැල්ල කියලා අහලා ඇතිනේ මම ඔගොලන්ගෙන් කාරුණිකව ඉල්ලනවා අපේ මේ ඉතිහාසය ගැන, ඇයි යුද්දේ/කැරලි පටන් ගත්තේ කියන එක ගැන කියවලා දැන ගන්න කියලා.

මේවා school එකේ හරියට උගන්නපු නැති එක හරිම වැරදියි. අපේ හිටපු රජවරු ගැන හොදට වර්ණනා කරලා තිබුනට නිදහසෙන් පස්සේ අපි කරපු වැරදි නිසා අපේ රටේ ඇතිඋන විවිද සිද්දීන් ගැන, අපි මොනවද එකෙන් ඉගන ගත්තේ, ඒ වගේ දේවල් ආයේ වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැනත් මීට වඩා අපිට දැනුමක් තිබුනානම් අපේ රට මේ වගේ තත්වයකට පත් නොතිබෙන්නට තිබුනා.

දැන් මේ හෑල්ල ගැන බලමු:

ඇයි 1970-1980 සිද්දවූ කැරැලි පටන් ගත්තේ? දකුණේ හිටපු තරුණයන්ට අනාගතයක් නැහැ කියලා කට කතා ගිය නිසා. වමේ පක්ෂ හා වමේ නායකයෝ Marxism පාවිච්චි කරලා, දකුණේ තරුණයන්ගේ වෛරය සහ ක්‍රෝදෙය ඇවිස්සලා, සිංහල ආණ්ඩුවයි, සිංහල මිනිස්සුයි, ගාතනය කරාම දුප්පතුන්ට “විමුක්තිය” ලැබෙයි කියුව්ව නිසා.

මේකෙන් පැහදිලිව පේන්නේ දෙමළ අන්තවාදී නායකයින් හා සිංහල (Marxists) මාක්ස්වාදී නායකයන් අතර වෙනසක් නැත. දෙගොල්ලම සිංහලයන්ව මරන එක තමයි කරේ. ඉතින් අද JVP එකයි TNA එකයි එකට “යහපාලන” ආණ්ඩුවට සහයෝගය දෙන එක ගැන පුදුමයක් නැහැ.

හැබැයි දුමින්ද කියන්නේ මේ සිද්දවල්වල හේතුව, නිදහසෙන් පස්සේ කරපු “වැරදි” නිසා කියලා. ඒක හරි වැඩක්. නිදහසෙන් පස්සේ වෙච්ච් නිසා, නිදහස් ආණ්ඩුවේ වැරැද්දක් වෙන්නේ කොහොමද?

ලෝකේ හැමතැනම, වමේ “ජාතික විමුක්ති” පෙරමුණවල් කැරැලි පටන්ගත්තා 1940 සිට. කම්බෝදියාවේ, කියුබාවේ, කොංගෝවේ, මැලේසියාවේ, නිකරගුආවේ, සහ ඉන්දියාවේත්, ලංකාවේ වගේම වමේ පෙරමුණවල් යුද්දවල් පටන්ගත්තා. මිනිස්සු හරියට මැරුණා ඒ රටවල් වලත්. හැබැයි, ඒ ඒ රටවල මිනිස්සු කියන්නේ නැහැ ඒක ඒ ඒ ජනතාවගේ වැරැද්දක් කියලා .

ඒ හා සමානව, සුලුජාතීන්ගේ අන්තවාදය සහ ත්‍රස්තවාදය බොහෝ රටවල් තුල තියෙනවා. යුගෝස්ලාවියාවේ ලොකු යුද්දයක් තිබුනා. පිලිපීනයේ යුද්දයක් යනවා ම්සුලිම් ත්‍රස්තවාදය නිසා. රුවන්ඩාවේ ටුට්සි කියන ජාතිය හුටිස් එක්ක යුද්ද කරා. අද චිනේ “උවිගර්” (Uighur) සුළු ජාතියත් එක්ක යුද්දයක් තියෙනෙව. ඒවත් කාගේ වැරදි ද?

අපේ රටේ වෙච්ච කැරැලි අපේ රටට විතරක් වෙච්ච දේවල් නෙවෙයි.

යුද්දවල් කිසිසේත්ම හොඳ නැහැ. හැබැයි හැමතිස්සෙම යුද්දවල් වළක්වා ගත නොහැකිය. එහෙම තත්වයක් සිදු වුනාම, ඒ යුද්දය සටන් කරලා, දිනලා, රට ස්ථාවර තැනට අයෙත් ගෙන්න ඕනෑ. බොරුවට “අපි බෞද්ධයෝ, සාමකාමිව ඉමු, ඒ ගොල්ලෝන්ගේ ඉල්ලීම් අසාධාරණ වුනත් දෙමු, නැත්ම් යුද්දයක් එයි” කියලා කොන්ද නමාගන, බිම වැටීගන, බයෙන් වෙවුල වෙවුල ඉන්න බැහැ. බැහැ විතරක් නෙවෙයි. එහෙම ඉන්න ක වැරදියි.

මිනිස්සුන් හැම තිස්සෙම යුද්ද කරනවා. ඒක හැම රටේ ඓතිහාසයේ තියනවා. මොනවා කීවත්, නම් කරන ඕනෑම රට, යම්කිසි කාලෙක, යුද්දයක හේතුව එකමයි ඒකියන්නේ, එක නායකයෙකුට, එක සුළු ජතියකට, ක් පක්ෂයකට, බලය ගන්න තියෙන ඕනෑකම.

මේකයි ඇත්ත. මේ සත්‍යය නිසා තමයි අපේ රජවරුන් කරපු වීර ක්‍රියාවන් ගැන පාසැල් වල කියලා දෙන්නේ. පැහැදිලිව බැලුවොත්, ඒකාලෙ ඉඳන් දැන් දක්වා වෙනසක් නැහැ.

දුමින්ද ඊලඟට කියනවා:

ඕගොල්ලෝ කියවලා බැලුවහම තෙරයි මේ ගිය සතියේ Kandy වුන සිද්දියට ගොඩක් ලගින් යන දේවල් වලින් තමයි LTTE war එකත් පටන් ගත්තේ කියලා.”

මේකත් සම්පුර්නම බොරුවක්.

2018 පළාත් පාලන මැතිවරනයෙන් පසුව ආණ්ඩුවට එරහිව විශ්වසබංග යෝජනාවක් ගේන්න යනකොටම, නුවර මොකද්ද වුනේ? මැරයන් ටිකක් ගිහිල්ල අපරා කරලා, ලොකු උත්ගොෂණයක් හැදුවා.

සිංහල ජාතියයි, සිංහල සංස්කෘතියයි, නිදහසෙන් පස්සේ සිංහලයන් හදපු රජයවලුයි මේකට වගකියන්න ඕනෙද?

මෙයා ලියලා තියෙන්නේ සිංහලයන් එරෙහිව ජාතිවාදී ප්‍රකාශනයක්!

නුවර සිදුවීමට වගකියන්න ඕනේ මේ ඒකාදිපති “ආණ්ඩුව” විතරයි: 2015 වසරේ BBS කාරයෝ අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? “මහසෝන් බලකාය” මැරයන්ගේ FB එක වැහුවේ නැත්තේ ඇයි? රනිල් පොලිසිය නුවරට යැවුවේ නැත්තේ ඇයි?

මේකමයි වුනේ 1983 සිද්දියේ. මැරයන් ගොඩක් කොළඹ අපරාධ කරන කොට, රනිල්ගේ මාමා ජනාදිපති (JR). එදාත් පොලිසියවත් හමුදාවවත් ගෙනාවේ නැහැ. ඒකාලේ IGP දෙමළ මිනිහෙක්, රුද්‍රා රාජසින්ග්ම් කියලා, එයත් මුකුත් කරේ නැහැ.

කෙසේවෙත් නුවර සිදුවීම වගේ ඒවා හැම රටේම වෙනවා. 2013 වසරෙ බංගලාදේශ්ශයේ මුස්ලිම් පිරිසක් “කොක්ස් බසාර්” (cox bazaar) කියන නගරයේ බංගලදේශි බෞධයන්ට පහර දුන්නා. ඒකට මේක ලියන දුමින්ද මුළු මුස්ලිම් ජාතියට වගකියන්න කිව්වද?

දෙමළ ත්‍රස්ටවාදී යුද්දේ ඇත්තටම පටන්ගත්තේ 1976 “වදුකොද්දයි යෝජනාව” දෙමළ නායකයෝ ප්‍රකාශ කරාට පස්සේ. එතනින් තමයි දෙමළ තරුණයන්ට අදහස් ආවේ කඩුවෙන් සිංහල ජාතිය බය කරලා, බලය ගන්න. 1983 වසරේ උත්ගොෂණය වුනේ හමුදාවේ 13 දෙනෙක් ප්‍රභාකරන් ගාතනය කරාට පස්සේ. ඊට ඉස්සෙල්ලා, දෙමළ අන්තවදිය ගාතනය කරේ උතුරේ හිටපු පොලිස්සියි, SLFP අපේක්ශක අල්ෆ්රෙඩ් දුරිඅප්පා, ඒවගේ කොළොඹ රජයට වැඩ කරපු අයයි. ඒවා කරේ උතුරේ මිනිස්සුන්ව රටෙ රාජ්‍යයෙන් බෙදන්න.

දුමින්ද ලැජ්ජ නැතුව ඊලඟට කියනවා:

ලෝකේ කිසිම රටක් මරාගෙන සාර්ථක වෙලා නෑ. US, යුරෝපේ වගේ රටවල් දෙවන ලෝක යුද්දෙන් පස්සේ ඉගෙන ගත්ත පාඩම් නිසා තමයි ඒ ගොල්ලෝ අද ඉතාමත් හොද තැනක ඉන්නේ

මොන පිස්සුවක්ද මේ?

කවුද කියුවේ මර මර දිවුණු වෙන්න පුළුවන් කියලා? තමුන්ගේම රටේ, තමුන්ගේම ජනතාව මර මර ඉන්න රටවල් ටිකක් තියනවා. ඒවා ඔක්කොම වමේ රටවල් උතුරු කොරියාව, “පොල්පොට්”ගේ කැම්බෝඩියාව, සොවියට් යුක්රේනය, ඇතුළු රටවල් පමණයි.

සාර්ථක වෙන්න, ඉස්සෙල්ලාම අස්ථාවරත්වය නවත්තන්න ඕනේ. හිට්ලර් වගේ, ප්‍රභාකරන් වගේ, ප්‍රච්න්දකාර ගාතකයෝන්ව ඉස්සෙල්ලාම පරදන්න ඕනේ.

බටහිර රටවල් ඔවුන්ගේ තිබුන දෙවැනි ලෝක යුද්දේය දිනුවා. ඊට පස්සේ ඉගෙන ගත්තේ මොකද්ද? ඔවුන් ඔවුන් අතර යුද්ද කරන ඒක නරකයි කියලා. ඉතින් ඔවුන් එකතු වෙලා, අත්වැල් බැඳගන ගියා ඉරාකියටයි, ලිබියාවටයි බෝම්බ ගහන්න.

තවද බටහිර රටවල් ඇතුලේ තත්වය කොහොමද? රටවල්වල ජනතාව සැපෙන් ඉන්නවද? යුරෝපයේ, අහිංසක මිනිස්සුන් අස්සේ ත්‍රස්ථවදීන් රාගන මැරෙන බෝම්බ දානවා. රටවල්වල පුරවැසියන්ට රස්සාවල් නැහැ. එහෙ තරුනයින්ට අනාගතයක් නැහැ. නීතිවිරෝධී සංක්රමනිකයන් ඒ රටවල පිරිලා, අපරාධකාරිත්වය වැඩිවෙලා. මේ “ඉතාමත් හොද තැනක” ඉන්න රටවල් ද? මේවා නිසා තමයි එංගලන්තේ ජනතාව brexit එකට චන්දෙ දුන්නේ. එහෙම්මමයි මේ ලඟදි ඉතාලියේ ජනතාව දේශප්‍රේමී පක්ෂ වලට ජයග්‍රහණයක් දුන්නේ.

අන්තිමටම දුමින්ද කියන්නේ:

මේකට කරන්න ඕන දේ බුදු හාමුදුරුවො පැහැදිළව කියලා තියනවා. එක තමයි මධ්‍යම ප්‍රතිපදාව.

මද්‍යම ප්‍රතිපදාවට යන්න දෙගොලන්ටම හොඳින්, සාමකාවීම ඉන්න අරමුනක් තියෙන්න ඕනේ. දෙමළ අන්තවාදීන්ට ඕනෑ වෙලා තියෙන්න සාමය නෙවෙයි සුද්දාගේ කාලේ තිබුන වරප්‍රසාදය, බලය, සහ වාසිදායක තත්වය විතරයි. අනිත් පැත්තෙන්, වමේ ත්‍රස්තවාදීන්ට ඕනේ සාමය නෙවෙයි අමාරුවෙන් වැඩ කරලා, මහන්සිවෙලා, කැපකරපු මිනිස්සුන්ව ගාතනය කරලා ඔවුන්ගේ ගෙවල්, සල්ලි, සහ බඩු සූරාකන්න.

මේවගේ විරුද්ධකාරයෝ මිනීමරුවෝ, වංචාකාරයෝ, සහ ත්‍රස්තවාදියෝ එක්ක කොහොමද මද්‍යම ප්‍රතිපදාවක් ගැන කතාකරන්නේ? ප්‍රචණ්ඩකාර බොරුකාරයෝ එක්ක එහෙම ගනුදෙනු කරන්න බැහැ.

නිගමනය

දුමින්දගේ ලිපිය හොඳට කියෙවුවොත් පැහැදිලිවම පෙන්නේ ඒක පුරාම තියෙන්නේ එක දෙයයි: සිංහල සහ සිංහල බෞධ්යන්ගේ “වැරැද්ද.

දෙමළ අයට වැරදි කරාලු. දකුණේ අයට වැරදි කරාලු. දැන් අලුතෙන් මුස්ලිම් අයට වැරදි කරාලු. මේකමයි NGO කාරයෝ කියන්නේ. මේ “වැරැද්ද” කියලා තමයි බොරු “යුද අපරාධ” කෙහෙම්මලට මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට සහ මුළු යුදහමුදාවටමට බොරු චෝදනා දාන්න යන්නේ.

මෙහෙම, මේ බොරු “වැරදි” වලට සිංහල තරුණ තරුණියන්ට අපේ රට ගැන ලැජ්ජවෙන්න කියලා කියන්නේ. හැම රටේම ජාතිවාදිය තියෙනවා, අපරාද කාරයෝ ඉන්නවා. මේ සිංහලයන්ගේ වරදක් නෙවෙයි. යුද්දෙයි, දකුණේ කැරැල්ලයි දෙකම සිංහලයාගේ වැරදි නෙවෙයි.

සිංහල ජාතිය යුද්දේ දිනපු එක ගෞරවනීය දෙයක්. දකුණේ කැරැල්ල නවත්තලාත් කරේ හරි දෙයක්. රට ඇතුලේ ඉන්න බලයට කෑදර මිනිස්සු (දෙමළ හෝ සිංහල හෝ) මේ උත්ගොෂණ අපේ රටට ගෙනාවේ. බටහිර රටවල් මේ දුෂ්ට මිනිස්සුන්ට සහයෝගය දුන්නා, රට අස්ථාවර කරලා අයෙත් ඔවුන් යටතේ පාගලා තියන්න. බටහිර රටවල්වල සහයෝගය නිසා තමයි මේ උත්ගොෂණ දිගට දිගට ගියේ.

දුමින්ද වගේ මිනිස්සු හරියට ඉන්නවා. NGO කාරයොත් මේකමයි කරන්නේ. ඔවුන් කරන්නේ බොරු කිය කිය, අපේම ජාතිය ගැන අපිව අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන එක.

යුද්දේ දිනුවේ කොච්චර අමාරුවෙන්ද? රටවල් කීයක්, NGO කාරයෝ කීයක්, ඔවුන්ගේ තර්ජන කීයක් පරද්දලා ද ත්‍රරස්තවදීන්ව ඉවරකරලා, ජයග්‍රහණය ලැබුනේ?

මොවුන්, මේ යුද්දේ හේතුවයි, ජයග්‍රහණයයේ සත්‍යයි, ඔක්කෝම අත්හැරලා දාලා, විසිකරලා, අමතක කරලා, යුද්දයක් තිබුන එක ජාතික “ලැජ්ජාවක්” නිසා, යුද්දේ දිනපු එකත් “ලැජ්ජාවක්” කියලා ප්‍රකාශන කරනවා. දදුමින්ද වගේ මිනිස්සුන්ට තමයි ලැජ්ජ නැත්තේ, මෙහෙම දුෂ්ට, අමූලික බොරු කියන්න.

යුද්ද දිනපු එකෙන් රට ශක්තිමත් වුනා. ඒ ශක්තිය බිදින්න යනවා දැන් මේ නුවර සිද්දිය පාවිච්චි කරලා.

මේ රටේ යුද්දෙවත්, කැරැලිවත්, අහිංසක සිංහල ජනතාව නෙවෙයි පටන් ගත්තේ. සිංහලයෝ නෙවෙයි වැරදි කාරෙයෝ.

අවසානයේ දුමින්ද වගේ මිනිස්සුන්ට සිංහල රජය, සිංහල විඥානය, සිංහල ජාතිය විතරයි වැරදිකාරයො. අනිත් අය ඔක්කොමල අහිංසක බබාලා. මෙයා වගේ කොන්දක් නැති, එයාගෙම ජාතියට පිල්කුලයෙන් ඉන්න, නිෂ්පල මිනිස්සු අපේ අන්ඩුවල්වල හිටපු නිසා තමයි දෙමළ ජාතිවාදයයි, දකුණේ වමේ උත්ගොශනයි, බටහිර රටවල්වල අත්තනෝමතික සැලැස්මයි යට අපේ මුළු ජනතාවම දුක් වින්දේ.

දුමින්ද ලිව්ව වගේ කපටි බොරු වලට කවදාවත් රැවටෙන්න එපා. දුමින්ද දේශත්ද්‍රෝහීයෙක් විතරයි.


දුමින්දගේ ලිපිය මෙතන.

Agree? Disagree? Comment below!