Tuesday, May 9, 2017

නිවන



මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳ​ක්, පැවදිරුවක් කළකිරෙනවද? කළකිරුනද? කෝටුවුන අත්පා ය සිතේ හයියෙන් සැලෙන දරුපැටවු කුසගින්න නිවාඩුව උදුරුවන කම්හලට මහමගට ජීවිතය සින්නවෙන දිවියෙ සිරකරුවෙලා හොයමු තව නිර්වාන කුණුකඳුත් හිසමත්තේ සුවඳ සිත පිනායන වැලලිච්ච එවුන් ගැන එකෙක් නැත සිහිකරන මැයි රැලිය පුරවාපු ඔලු ගෙඩිම නිති ගණින රටට මොන රෙද්දටද වෙසඟේ නැගි සඳපාන පඳුරකට ගැහුවොතින් ඇමතිලා වීසිවෙන කන්න නැති කතිර ඇති හරක්මය සියලු තැන පැරදිච්ච පිලේ සිට වදනින්ම රට හදන පෙරේතම අමනුන් ය​ හැම තැනම ගිනි තියන ගර්ජනය තර්ජනය උපවාස සෑම තැන රාත්තල නොමැතිනම් වර්ජනය සිත පිනන බර වැඩිම යුතුකමට යටවිච්ච වගකීම අතරමැද ඇඹරිච්ච මිනිසුන්‍ ය පණ යදින මහලු ලෙඩ පණ අදින පැවදි රූ ගිනිගන්න දෙමළ මුස්ලිම් සිහළ බෙදන වැට ඉනි බඳින රට විරුවෝ උණු වතුර කොඳු දිගේ වැක්කෙරුන ගෙදර එන විට කටින් හදන ප්‍රතිපත්ති මන ඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින මිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන්‍ යන කටුස්සා...

28 comments:

  1. හා මෙන්න කාලෙකට පස්සේ කටුසු ඇවිත් අපිට සසර පෙරනිමිති පෙන්නලා යන්න

    ReplyDelete
    Replies
    1. හැක්... මාව දැක්කොත්නම් මතක්වෙන්නේ සතර පෙරනිමිතිම තමයි....

      Delete
  2. ලෙසටම නෙලල තියෙන්නේ අගේට

    ReplyDelete
    Replies
    1. නලින් අයියා ආපහු ඇක්ටිවුවෙලා ඉන්නවා දැක්කා. කියෙවුවට කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ආවේ නෑ කකුලුවටයි, මන්තර ගුරුකම් වලටයි. වෙලාවක් හදාගන්න උපරිම ට්‍රයි මේ දවස්වල. බලමුකෝ

      Delete
  3. මේක එල කිරි යකෝ ...
    මෙහෙම ලියන්ඩ පුලුවං එකානෙ මේ .. නෑ එක්කො ඕන්නෑ ....

    ReplyDelete
    Replies
    1. මා ඔබේ හසරැල් ජලාසේ කිමිදෙනා මොහොතේ
      ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරුකා එළියේ...

      පල පල ඩෝ යන්න... බ්ලොග් ලිවුවා වගේද ඒවා.

      Delete
  4. කාලෙකට පස්සේ ගංගාරාමේ පොඩි හාංදුවන්ගේ පාත්තරේ මතක් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද හාංදුරුවොයි පාත්තරෙයි කේස් එක? තේරුනේ නහී

      Delete
  5. Replies
    1. ඇයි...උණුසුම දෙන්නද? පල යන්න වනචරයා

      Delete
  6. කලකිරෙනවා අප්පා :)

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඉතින් ඔය නෝනා කළ කිර කිර හිටියා ඇති. කොස් කිර කිර ඉන්න ඕනේ කාලේ මේ

      Delete
  7. කරදරය රට පුරා දකින මේ හැම තැනක
    දොර වැසූ මුත් ගෙයක ගිණි කඳුලු හැම හිතක
    නිරයනම් දැන් පෙනෙයි දිවි ගෙවන මේ රටක
    පෙරනිමිති දැන් කුමට නිවන වැළලෙන විටක.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දුමියෝ... ජයවේවා

      Delete
  8. අගේයි +++++++++++++++++++++++++++

    ReplyDelete
  9. Replies
    1. යකෝ මේක පංසලේ පිං ඉඩම වගේවෙලානේ.... හැම එකාම වැට ගහනවා

      Delete
  10. ඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින
    මිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන්‍ යන

    මේ කතාව නියමයි . මට මෙහෙම දෙයක් හිතෙනවා.මිනිස්සු මොනතරම් ⁣කලකිරෙන දේවල් දැක්කත් මොනතරම් දුක් වින්ඳත් ඒක ඇතුළෙම සතුටක් සැපක් හෙයනවා මිස ඒක අතහැරලා විසඳුමකට යන්න බයයි. කැමති නෑ. හේතු කීපයක්ම තියෙනවා .එක ඒ විසඳුම පහසුවෙන් ලඟා කරගන්න බැරි වීම . දෙක එයින් මම කියන පුද්ගලයා නැති වෙයි කියන බය. තුන මේ දුක් ගොඩවල් අස්සෙ තාවකාලික බොහොම කෙටි පුංචි පුංචි සැපවල් තිබීම සහ ඒවා අතහරින්න තියෙන ලෝබකම. තව හේතු ඇති. මෙන්න මේ නිසා කලකිරීම ඇතිවෙනකම් කියලා කල් මර මර දුක් පීඩා විඳ විඳ පවතින ක්‍රමයට බැන බැන ඉන්නවා .....

    ReplyDelete
    Replies
    1. මමත් ඇතුලුව මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ගේ හීනේ වෙන්නේ තමන්ගේ ආදරණීයන් සමග කරදරයක් නැතුව ජීවත්වීමයි සඳ. ඒ මිනිස්සුන්ගේ නිවන තමයි ඒ. ඒ හීනෙත් කකුල්ගාව පොඩිවෙද්දී ඒ මිනිස්සුන්ට මේ ප්වතින සිස්ටම් එකට හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හැමදෙයක්ම විකිණෙන ලෝකයක ආගම නොවිකෙණෙයි කියලා බලාගන තමන්ට හොරෙන් තමන්ව විකුණනවා...

      Delete
  11. කාලෙකින් ලියලා.... තව ලියන්න කටුසු

    ReplyDelete
    Replies
    1. හොයාගමු කොහොමහරි ...කාලය

      Delete