සමාජ මාද්‍ය ……..මයිත්‍රී රනිල් සුසංයෝගය.

download

ජන ගෝෂා නඩුව – “මෙම නඩුවේ පෙත්සම්කරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු මෙන්ම හොරණ ප්‍රාදේශීය සබාවේ සාමාජිකයකු වූ අතර ඔහු ඉංගිරියේදී විරෝදතාවයට සහබාගි විය. ඔහු බෙරයක් ගසමින් විරෝදතාවය්ට එක් විය. පොලිසිය ඔහුට එය නවත්වන ලෙසට නියෝග කළහ. ඇහුම්කන් නොදීමේ ප්‍රතිපලය වුයේ පොලිසිය ඔහුගේ බෙරය කඩා දැමීමයි. ඒ අවස්ථාවේ පොලිසිය ඔහුට පහර දෙන ලදී. නමුත් රැස්ව සිටි පිරිස දිගටම ආණ්ඩුවට එරෙහිව සටන් පාට කියමින් කැගැසුහ. ඔවුහු මහා පාරද අවහිර කළහ. සෙනග විසුරුවහරිම්ට කදූ ලු ගැස් ගැසූ අතර බැටන් පොලු ප්‍රහාරයක් ද දියත් කළහ.”1993 ශ්‍රී ලංකා නීති වාර්තා 468/92 වේ.

යුක්තිය නඩුව – “පෙත්සම්කරු යුක්තිය සතිපතා පුවත්පතේ කතෘ මෙන්ම අයිතිකරු වේ. 1992.10.10 දින නුවරඑලිය නගර සබාවේ නගරාදිපති යුක්තිය පුවත්පත් 450 ක් බලයෙන් රැගෙන යන ලදී. ඒ නගරාදිපතිට හිමි බලය යටතේය. ඒ අනුව මෙය විදායක හා පරිපාලන ක්‍රියාවක් වේ. මෙසේ පැහැර ගැනීමට හේතුව ආණ්ඩුවට එරෙහි වූ පත්තරයක් වසා දැමීමයි.”1995 ශ්‍රී ලංකා නීති වාර්තා 884/92 වේ.

මෙම මුලික අයිතිවාසිකම් නඩු දෙකම අදාළ පෙත්සම්කරුවන් විසින් ජයග්‍රහණය කරන ලදී. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන පරිච්චේදයේ සහතික කර ඇති බාෂනයට හා ප්‍රකාශනයට ඇති නිදහස උල්ලංගනය කිරීමක් බව ශේෂ්ට්‍රදිකරණය තීරණය කළේය.

අද සිදුව ඇත්තේ කුමක්ද?

ජනපති මයිත්‍රී සහ අගමැති රනිල් සුසංයෝගය සමාජ මාද්‍ය තහනම් කර ඇත. එය දේශීය හා විදේශීය පුරවැසියන්ට හිමි බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අමු අමුවේ උල්ලංගනය කිරීමකි. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ මෙම මාද්‍ය මර්දනය මිට වඩා දරුණු මෙන්ම බියකරු විය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රනීත් එක්නැලිගොඩ, පොද්දල ජයන්ත ඇතුළු මාද්යවේදීන් සිහිපත් වේ.

අද මාද්‍ය නිදහසට යම් ඉඩක් ඇත. එය එසේ වුවයයි සමාජ මාද්‍ය තහනම සදරනියකරණය කල නොහැක. ඒ නිසා මෙම තහනම වහා ඉවත් කල යුතුය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑