අපි කුමක් කරමුද?

download

ජාතිවාදී ආගමික ගිනි දැල් පහව යමින් තිබේ. හෙට අනිද්දාට අපට නෑවතත් FB යාමට හැකිවනු ඇත. ඒ FB මල මගුලක් වුවත්. 2014 අලුත්ගම සිදුවීමේදී නිතිය හරිහැටි ක්‍රියාත්මක වී අපරාදකරුවන්ට දඩුවම් පැන වූයේනම් අවම තරමේ මේ අවස්ථාවේ හානිය අවම කිරීමට හෝ හැකියාව ලැබීමට ඉඩ තිබුණි.

ඉදිරි මැතිවරණ වලදී බොහෝදුරට පොහොට්ටුව ජය ලැබෙනු ඇත. ඇතැමුන්ගේ මතය මහින්ද පැමිණීම හොද බවත් නමුත් නාමල්ගේ පැමිණීම බියකරු දෙයක් වනු ඇති බවත්ය. මේ මතය බොහෝ දුරට දකුණේ දක්නට ලැබේ.

සියල්ලෝ සංවර්දනයට කැමැත්තෝය. ඔවුන් මහින්ද සමයේ සිදුවූ සංවර්දනයට තවමත් කැමතිය. නමුත් පොහොට්ටුවේ පැමිණීම ලැබූ නිදහස් ඉඩ කප්පාදු වනුඇත. නිතිය මත පාලනය යහපාලනය බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වල පල්ලට යනු ඇත. 2012.11.10 වැලිකඩ සිරගෙයි සිද්දින් යලි කරලියට එනු නොවුනුමානය.

කල යුත්තේ කුමක්ද?

සියලු ආකාරයේ ජාතිවාදී ප්ර්චන්දත්වයන් දියත් කල අය නිතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් පැමිණවීමයි. FB ඇතුළු සමාජ මාද්‍ය තහනම ඉවත්කර පාලනයක් මත ඒවා බාවිතයට ගැනීමට සලස්වා බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීමයි. මයිත්‍රී සහ රනිල් ආණ්ඩුව ලස්සන කතා කිරීමට පමණක් සිමා නොවී නීති සැදීමට පමණක් සිමා නොවී ජනතාවට දැනෙන සන්වර්දනයක් ලබා දිය යුතුය. තවද ගෙදර කුස්සියේ තත්වය සහනදායි විය යුතුව තිබේ. පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීමද අනිවාර්ය වේ.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑