ජාතිවාදය

එක පැත්තකින් එලියට බහින්න බැරි තරම් ගිනි කාශ්ඨක අව්ව, අනික් පැත්තෙන් ජාතිවාදයේ ගිනිදැල්, ජාතිවාදය ත්‍රස්තවාදයේ පියා කියල හදුන් වන්නේ ඇයි කියල මට පැහැදිලියි. නිය පොත්තෙන් කපන්න තියෙන දේ හරියට කපන්නේ නැතුව ඒක පොරවෙන් කපන්න බලාගෙන හිටියොත් අන්තිමට නවතින්නේ ඒක පොරවෙනුත් කපන්න බැරි තරමට ලොකු වෙලා, මිනිස්සු කුලල් කාගන්නේ මොකටද කියල වෙලාවකට හිතගන්න බෑ, හැමෝම බලන්නේ අයිති කරගන්න මිසක් බෙදා ගන්න නෙවේ.

මිනිස්සුන්ට වෙලාවකට අමතකයි තමන් මනුස්ස කියලා වෙලාවකට, එ වෙලාවට මතක තියෙන්නෙ තමන් බෞද්ධ කියල එක්කො මුස්ලිම් කියල, එහෙමත් නැත්නම් කතෝලික කියලා. මේ ආගම් අපිට කියා දුන්න ආගමික නායකයොවත් හිතන්න නැතුව ඇති ජාති ආගම් නිසා මිනිස්සු මෙ තරම් මරා ගනිවි කියලා. අපි කොහොම නැටුවත් දවසක අපි ඔක්කොටම යන්න වෙනවා, එදාට අපේ අයිතිය කියලා දෙයක් අපි අරගෙන යන්නේ නෑ. අපි කරපු හොද නරක අපි අරන් ගියෙ නැතත් ඒ ටික අපිට මතක් වේවි, ඒ නිසා ජාතියේ ආගමේ නාමෙන් කුලල් කාගන්නේ නැතුව මිනිස්සු විදිහට ජීවත් වෙන්න උත්සහ කරමු දැන් ඉදලවත්.

Leave a comment