Translate

Monday, September 4, 2017

ඩයස් ගුණරත්න නැමති බාලදක්ෂයා

දියලගොඩ දයාහඬ

දියලගොඩ ඉංග්‍රීසි විද්‍යාලයෙන්  මූලික අධ්‍යාපනය ලැබූ ඩබ්. ජෝශප් ඩයස් ගුණ‍රත්න (දයාගුණේ) මහතා පැරණි කලුතර හොරණ බාලදක්ෂ දිසාවට අයත් කීර්තිමත් බාලදක්ෂ සමූහයක් වූ පළමු දියලගොඩ බාලදක්ෂ සමූහයේ ආරම්භක සාමාජිකයෙකු විය. 

Full Name - Wajjakkarakankanamage Joseph Dias Gunaratne
Wife - Aneeshia Beatrice Fernando
Eldest son - Rohitha
Eldest daughter - Prabha
2nd son - Ajith
2nd daughter - Inoka.
Both Rohitha and Ajith were old scouts of 4 th Moratuwa Scout Group of St. Sebastian's College Moratuwa.
The following attachments are the proofs for his Radio Programme of Scouts for the Sinhala listeners.

Image may contain: 1 person, eyeglasses and closeup
පසු කලෙක ඇල්පිටිය සාන්ත තෙරේසා විද්‍යාලයෙන් ගුරු වෘත්තියට පැමිණි අතර පසුව පොතුපිටිය මහා  විද්‍යාලය, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යාලය, හලාවත අඟුණවල විද්‍යාලය, බිංගිරිය මහා විද්‍යාලය, මොරටුව විල්ලෝරාවත්ත විදයාලය, මොරටුව කටුකුරුන්ද විද්‍යාලය, මග්ගොන චරිතශෝධනාගාරයෙහි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කිරීමෙහි පුරෝගාමියෙකු විය.  1960දී සිය ලී පදක්කම් උසස් පාඨමාලාව සම්පූර්ණ කලේය. අනතුරුව සහය පුහුණු නායකයෙකු හා පුහුණු නායකයෙකු ලෙස ජාතික පුහුණු සංචිතයෙහි සේවය කළ මෙතුමා හට දෙස් විදෙස් පුහුණු පාඨමාලා සඳහා සහභාගීවීමේ අවස්ථාව නිරන්තරයෙන්ම ලැබිණ. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීම, ගී ගැයීම, කථිකත්වය හා ඉදිරිපත් කිරීමේ කලා කෞෂල්‍යය හේතුවෙන් ජාක්‍යන්තර පුහුණු කටයුතුවල දී එතුමාගේ දක්ෂතාව කැපීපෙනෙන්නට විය.

පුරා වසර 72කට නොවැඩි ඉතිහාසයක සිට රාගම තේවත්ත බැසිලිකා පුදබිමෙහි පැවැත්වෙන පූජා මංගල්‍යය  සඳහා බාලදක්ෂයන් සහභාගී කරවීමේ පුරෝගාමියා වනුයේ ද මෙතුමාය. 1945 සිට පළමුවන දියලගොඩ කණ්ඩායමේ බාලදක්ෂයන් 04කුගෙන් ආරම්භකර අඛණ්ඩව මේ දක්වාත් පවත්වාගෙන යන ප්‍රජා සේවාව රදගුරුතුමන් විසින් ද අගය කර තිබේ. 

සිංහල භාෂාව පිළිබඳ එතුමා සතු දක්ෂතාවය මානවක බාලදක්ෂ කටයුතු ව්‍යාප්ත කිරීමෙහි ලා කැපී පෙනෙන මෙහෙවරක් කරනු ලැබීය. සිංහල භාෂාවෙන් ලියූ පොත පත්වල හිඟවීමට පිළියමක් ලෙස මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව පොත හා මානවක බාලදක්ෂ ක්‍රියාමාර්ය යන පොත් සිංහල භාෂාවට පරිවර්තනය කළේය. 

විදුහල්පතිවරයෙකු ලෙස උසස්වීම් ලැබූ මෙතුමා බුලන්කුලම මහවිද්‍යාලය, ශාන්ත අන්තෝනි විදයාලය, කඩොලාන හා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයෙහි ද සේවය කලේය. 

60-80 දශක දෙක තුළදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා එක්ව ක්‍රියාත්මක වූ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන්වේ. එම වැඩසටහන 1965 වර්ෂයේ ආරම්භ වූ බව P.S.R.රාජමනි මහතා විසින් පස්වන බාලදක්ෂ ජම්බෝරියේ සමරු පොතට එක් කල ‘LOOKING BACK OVER THE YEARS’ ලිපියෙහි පිටු අංක 41හි සඳහන්වේ. කරුණාරත්න අබේසේකර මහතාගේ පූර්ණ මෙහෙයවීම හා සහයෝගය යටතේ R.S.L.සුමනසේකර මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම 'බාලදක්ෂ හඬ' වැඩසටහන මසකට එක් වරක් පැය භාගය බැගින් විකාශනය වූ බව පැවසේ. 1967 ඔක්තෝම්බර් 1දා සිට 1968 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පැය භාගය බැගින් වූ වැඩසටහන් 30ක් විකාශනය කළ බව 1968 බාලදක්ෂ මූලස්ථානය විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. කුලියාපිටිය මහා විදයාලයේ බාලදක්ෂ නායක ගොඩ්ෆ්‍රි වර්ණකුලසූරිය විසින් පළමුවරට ඉදිරිපත් කල ඔපෙරා ශෛලියේ වැඩසටහන එම වර්ෂයේ විකාශය වූ වැඩසටන් අතරින් අතරින් කැපී පෙණුන බව එම වාර්තාවෙහි දැක්වේ. එසේම පානදුර හොරණ දිසාවේ ශ්‍රී පාලි මහා විද්‍යාලය, තක්ෂිලා මහා විද්‍යාලය, විද්‍යාරත්න මහා විද්‍යාලය, ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ආදී විදුහල්වල බාලදක්ෂයන්ගේත් පානදුර ශා.අන්තෝනි විද්‍යාලය, 65 කොළඹ, මීගමුව ශා. පීතර මහා විද්‍යාලය, බෝලවලාන පුහුණු විද්‍යාලය, කුලියාපිටිය මහා විද්‍යාලය සහ ජාතික මූලස්ථානයේ විශේෂ වැඩසටහන් දෙකක් ද පටිගත කිරීම් සිදුකල බව ම සඳහන් වේ.

බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා වෙන්ව තිබුණු මෙම ඉඩකඩ පූර්ව පටිගත කිරීමක් ලෙස සකස් වූ බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් (ශ්‍රී. ලං. ගු. වි. සං.) සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරක විය. බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වු මෙතුමන් 1965 වසරේ සිට " බාලදක්ෂ හඬ" නමින් මුල්වරට ගුවන් විදුලි බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කර දේශිය සිංහළ අසන්නන්ට හඳුන්වා දෙන ලදී. මෙවැනි විනෝදාත්මක සහ සාරවත් වැඩසටහනකට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පෝතකයන්, බාලදක්ෂයන් සහ මානවකයින් සහභාගිකරවීම විශේෂ සිද්ධියකි.
සමකාලීන ජම්බෝරි හා කඳවුරු පුරා ඇසුණු ශබ්ද විකාශන හ‍ඬෙහි ඩයස් ගුණ‍රත්නගේ මිහිරි වාග් විලාශය කිසිවෙකුටත් අමතක නොවේ. 1972දී විහාරමහාදේවි උද්‍යානයේ පැවැත් වු  කොළඹ දියමන්ති ජුබිලි කැම්පෝරියේදී ගුණ‍රත්න මහතා සමග හිටපු කොමසාරිස්වරයෙකු වන නන්දා අබේනායක මහතා විසින් විශේෂ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ඉදිරිපත් කලේය. ජෝර්ජ් වීදාගම මහතා විසින් SLBCහි 6වන මැදිරියට පැමිණ උපදෙස් ලබාදෙමින් එය පටිගත කල අතර එයට නාලන්දා බාලදක්ෂයෙකු ලෙස ධර්මලාල් ගුණවර්ධන මහතා ද සහභාගී වූ බව scouting සඟරාවේ අප වෙත දන්වන ලද්දේ ය. පසුකාලීනව බී.එන් කුරේ මහතා විසින් ද මෙම බාලදක්ෂයා හඩ සඳහා දායකත්වය දැක්වූ බව වර්තමාන Scouting සඟරාවේ ප්‍රධාන කර්තෘ චමින්ද වාරියප්පෙරුම මහතා අප වෙත දන්වා සිටි අතර එතුමා ද කීප අවස්ථාවක ඒ සඳහා සහභාගී වූ බව දන්වන ලද්දේය. ශ්‍රී ලංකාවෙහි ගම්දනව් සිසාරා විසිර යන ලෙස ගුවන් විදුලිය ඔස්සේ බාලදක්ෂ ව්‍යාපාරය සමාජගත කිරීමේ ප්‍රමුඛතමයෙක් ලෙස ඩයස් ගුණ‍රත්න හා ජෝර්ජ් වීදාගම විසින් සිදුකළ මෙහෙවර මේ දක්වාත් කිසිවෙකු විසින් ඇගෙයුමට පවා ලක්කර නොතිබීම කණගාටුවට කරුණකි. ලංකාව පුරා සිටි පෝතකයින් බාලදක්ෂයන් රටට හදුන්වාදෙමින් විකාශනය කොට පවත්වාගෙන යනු ලැබූ මෙම වැඩ සටහනෙහි ආලෝකය ලැබූ බොහෝ දක්ෂ දරුවන් වර්තමානයෙහි ද බාලදක්ෂ ව්‍යාපාරයෙහි සේවය කරනු දැකිය හැකිය.
1972 පැවති මොරටු පිළියන්දල දිසා කඳවුර. D.C.O.T.අමරසේකර (D C), W.J.ඩයස් ගුණරත්න, ලයනල් ජේ. සිල්වා යන මහත්වරුන් කාකි නිලඇදුමින් ප්‍රධාන රැළියට සහභාගී වූ ආකාරය
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකු ලෙස හැඳින්විය හැකි එතුමා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කලේය.  සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාවේ ද වසර කීපයක් යන්නට පෙර ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පදකීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය.

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි
ගිනි දළු නැගයති.....

පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.

ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්


----------------------

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..

අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගයති.....

--------------------
ලකිසුරු විලියම් ගොපල්ලව ශ්‍රීමතාණන් අතින් 1965දී දීර්ඝ සේවා පදක්කමින් ද පසුව විශ්ෂ්ඨ සේවා සහතිකය හා පදක්කම ද දිනා ගත් මෙතුමා 1986දී බාලදක්ෂ ව්‍යාපාරයට සිදුකළ සේවාව අගයමින් Bar To the Medal of Merit සම්මානය අතිගරු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන උතුමාණන් අතින් දිනාගනු ලැබීය. 

පාසැල් කාලයෙන් අනතුරුව බාලදක්ෂ අචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ඇරඹු මෙතුමන් මග්ගොන චරිතශෝධනාගාරය, පොතුපිටිය මහා විද්‍යාලය සහ බින්ගිරිය මහා විද්‍යාලය ඇතුළු විදුහල් ගණනාවකම බාලදක්ෂ කණ්ඩායම් බිහි කිරිමෙහිලා පුරෝගාමි විය. 1960දී ලී පදක්කම දිනා ගන්නා මෙතුමන් පසුව ක්‍රමාණුකුලව පියවර තබමින් පුහුණු කිරීමේ නායක පාඨමාලාව සම්පුර්ණ කරමින් පුහුණු කිරීමේ නායකයෙකු බවට පත්ව ජාතික පුහුණු කිරීමේ කටයුතු වලදී තම දායකත්වය ඉහළින්ම ලබා දෙන ලදි.

ඩයස් මහතාණන්‍ ශ්‍රී ලංකීය බාලදක්ෂ අපට සුවිශේෂිවන්නෙ එතුමන් අති දක්ෂ ලේඛකයෙකු සහ බාලදක්ෂ මාධ්‍යවේදියෙකු වු නිසාය. හෙළ භාෂාව පිළිබඳව විශිෂ්ඨ දැනුමක් සහ භාෂාව හැසිරවිමේ හැකියාවක් මෙතුමන් සතුවු අතරම ඉංග්‍රීසි භාෂාව නිසි පරිදි පිරිසිදුව භාවිතා කල විද්වතෙකි. ඉංග්‍රීසි ක්‍රමයට කටයුතු කෙරණු එකල සිංහළ භාෂාවෙන් පලවු බාලදක්ෂ පොතපත ඉතාමත් විරළවු යුගයක ඉංග්‍රීසි බසින් භාවිතයට ගැනුණු පොත් බොහෝමයක් ඔහු අතින් සිංහළයට පරිවර්ථනය වු අතර බාලදක්ෂයන් අතර පත්තර සර් නමින් ජනප්‍රියත්වයට පත් වූයේය. මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව ( Rover Scout Organization and Training) මානවක බාලදක්ෂ ක්‍රියා මාර්ගය ( The Rover Plan ) වැනි කෘතින් සුවිශේෂි වන අතර එමගින් මානවක බාලදක්ෂ කටයුතු කෙරෙහි මෙතුමන්ගේ තිබු උනන්දුව සහ දැණුමද මනාව විද්‍යමාන විය.

ජාතික පුහුණු අංශයට සමගාමීව බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ ඩබ්.ජේ.ඩයස් ගුණ‍රත්න මහතා බාලදක්ෂ එළිමහන් සංදර්ශන වේදිකාවෙහි ස්කවුටොරාමා (SCOUTORAMA) වැඩ සටහන සඳහා කැපීපෙනෙන වෙනස්කම් රැසක් එක්කරනු ලැබූ බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන් වේ. පුවත් පත් සඳහා ලිපි ලිවීමට අමතර ව ශ්‍රී ලංකා බාලදක්ෂයා පුවත් පතෙහි සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ මෙතුමා හුදෙක් රැකියාවක් ලෙස නොසලකමින් ගුරු වෘත්තිය හා දැරූ සෙසු තනතුරු සියල්ල ඉතා ආදර්ශවත් අන්දමින් මහජනතාව වෙත සේවය සැපයීම පිණිසම කටයුතු කලේය. එතුමාගේ පරිත්‍යාගශීලී බව අන්සැම අතරෙහි කැපී පෙනෙන්ට විය. 

වෘත්තියෙන් විදුහල්පතිවරයෙකු වු ඩයස් මහතාණන් ගුරු වෘත්තිය දේව කැඳවිමක් ලෙස සිතා 38වසරක අමරණිය සේවයක් කර ඇත. ඇල්පිටිය ශාන්ත තෙරේසා විදුහලෙන් තම සේවය ඇරඹු මෙතුමා මග්ගොන චරිත ශෝධනාගාරය , දියලගොඩ රෝමානු කතෝලික විදුහල, පොතුපිටිය මහ විදුහල, හලාවත අඟුණවිල විදුහල, බින්ගිරිය සහ විදුහල, මොරටුව විල්ලෝරාවත්ත විදුහල, මොරටුව කටුකුරුන්ද විදුහල සහ විදුහල්පති තනතුරට උසස් කිරිමෙන් පසුව බුලක්කුලම මහ විදුහල, සාන්ත අන්තෝනි විදුහල කඩලාන සහ මොරටුව මෙතෝදිස්ත විදුහලේදි සේවය කරන ලදී.

යහපත් සහ ආදර්ශමත් කිතුණුවෙකු වු මෙතුමා 1945 සිට 1995 දක්වා පුරා වසර 50ක් නොකඩවා රාගම තේවත්තේ අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂිකව පවත්වන රෝගීන් ආශිර්වාද ගැන්විමේ සන්ධ්‍යා මෙහෙයේ ප්‍රජාසේවයට තම නායකත්වයෙන් දියලගොඩ බාලදක්ෂ සමුහය සහභාගී කිරීම අද්වීතිය සිද්ධියකි.

විදෙස් රටවල පැවැති බොහෝ පාඨමාලාවන්ට සහභාගි වීමට වරම් ලැබු මෙතුමා එ හරහා ලබා ගත් දැණුම තමන් විසින් නායකත්වය දුන් පාඨමාලාවන් සඳහා සහභාගිවුවන්ට නොමසුරුව ලබාදිනි. එතුමන් සතුවු ගායන හැකියාව ,කථන හැකියාව සහ කලා කෞශල්‍යයන් එකල බොහෝ පාඨමාලාවන්වල සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. මෙරට සෑම ජම්බෝරියකදීමද ශබ්දවිකාශන ඔස්සේ එතුමන්ගේ හඬ ඇසිනි. 1974 වසරේදි ජාතික මුලස්ථාන කොමසාරිස්වරයෙකු ලෙස ස්වර්ගස්ත වන මොහොත දක්වාම එම තනතුරේ කටයුතු කරන ලදී. වසර 38ක් පුරා සදා අමරණීය සේවයක් සැලසූ එතුමා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් සදහටම වියෝ විය. එතුමාගේ වියෝව ජාතික බාලදක්ෂ මූලස්ථානයට ද දරාගත නොහැකි පාඩුවක් විය.





 

















Articles from 'Sri Lanka Baladakshaya' contd...

1) 2008 !st Issue  (2653) - Photo Mr. Dias Gunaratne                                      
2) Jan/March1999 (2641/2642) Article on Mr. Gunaratne By Mr Hilary Silva & the song Gini Dalu Naga.....                                                                            
3) July 1992 (2643) Gini Dalu Naga yathi Original lyrics                                  
4) Aug.15-21 1992 (2633) Special Jamboree edition Jamboree song of 4th Nat. Jamboree
5) Oct-Dec. 1992  (2648) The Official Theme Song not sung at 4th Nat. Jamboree                                 6) Jan/Feb 1991  (2640) Theme song of SAARC Jamboree -Sung by Mr.Clarence Wijewardane.         7) Nov 1994  (2647) Campfire song composed by Mr. Chandraratne Manawasinghe                             8) Oct. 1991  (2638) Song of PEACE  A song by the Scouts of School for the Blind, Ratmalana sung at "Baladaksha Handa' of March 1986            
9) Jan- March 1993  (2644) About the great Scouter, Composer & Singer Mr. Mike B Balapitiya and his song 'punchi punchi pal....'

ඉහත තොරතුරු අපවෙත එවීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය
Bede Perera,
Dharmalal Gunawardena
Shiraz Salih,

 
------------------

ඩයස් ගුණරත්න මහතාගේ බාලදක්ෂ කටයුතු සම්බන්දයෙන් අන්තර්ජාලයේ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොමැතිවීම කණගාටු දායක කරුණකි. අනෙකුත් තොරතුරු මෙන්ම මෙවැනි ඉතිහාස තොරතුරු ලියා තැබීමට කැමති නම් අපට සහයවන්න.

------------------------
පසු සටහන
බාලදක්ෂ ඔබේ අවධානයට! 

Remarkable Scouts යටතේ අපගේ බ්ලොග් පිටුවෙහි දැනට දෙස් විදෙස්හි සුපතල බාලදක්ෂයන් ගැන බෙහෝ තොරතුරු ඇතුලත් කර ඇත. මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ බෙහෝ ජනප්‍රිය බාලදක්ෂ බාලදක්ෂිකාවන් එහි ඇතුලත් වේ. ඉතා අසීරුවෙන් scouting සඟරාවේ අප විසින් සිදුකරන හා මෙතෙක් වගා කර ඇති බෙහෝ තොරතුරු අන්තර්ජාලය පිරික්සීමේන් දැකගත හැකිය. බාලදක්ෂ ආශ්‍රිත ඕනෑම සිංහල යෙදුමකට හෝ Scouting sri lanka යන්න සෙව්ම් යන්ත්‍රයක යෙදූවිට එක් රැස්වන තොරතුරු වලින් 75% තොරතුරු අපවිසින් යාවත් කාලීන කළ තොරතුරු බව ඔබත් නොදන්නා බව සිතමු. හැකිනම් අපේ උත්සාහයට දිරිදීම සදහා ඔබ දන්නා හදුනන දිරිය බාලදක්ෂයන්ගේ තොරතුරු අපට යොමු කරන්න.scoutingmagazine@gmail.com
-----------

No comments:

Post a Comment