මේවාට හිනාවිය යුත්තේ කොහෙන්දැයි සිතාගත නොහැකිය. මහින්ද මහත්තයා පෙන්නනවාට වඩා දැඩි ලෙස අසරණවී, ඉඡ්ඡාභංගත්වයට පත්වී ඇති බව පෙනේ. නැතිනම් මේවගේ දෙකොණින් හිනායන කතා කියන්නේ නැත. මේ කතාව නාමල් කිව්වනම් කමක් නැත. නාමල් ගොනා බව නොදන්නේ ඌ විතරමය.
මේ කතාව මහින්ද කිව්වේ චීන තානාපති හමුවීමෙන් පසුවය. චීන තානාපති දුවගෙන මහින්දව හමුවෙන්න ගියේ හම්බන්තොටදී නැටූ නාඩගමේ නූල් සූත්තරකාරයා මහින්ද බව හොඳින් දන්නා නිසාය.
දැන් මහින්ද කියන විධියට චීන තානාපති එනම් චීන රජයේ නිළ නියෝජිතයා මහින්දව හමුවී ඇත්තේ චීනයට හම්බන්තොට ගැන ප්‍රශ්ණ තියෙන බව කියන්නය. ඒ කියන්නේ මහින්ද තාමත් ජනාධිපති නැතිනම් ඔන්න මෙන්න ජනාධිපති කියලා චීනේ හිතාගෙන ඉන්නවා වගේය.
චීනයට හම්බන්තොට වරාය හෝ ආයෝජන ගැන ගැටලු ඇතිනම් අහන්න, විසඳගන්න කට්ටිය ඕනෑ තරම් ඉන්නවාය.
1. ජනාධිපති
2. අගමැති
3. මුදල් ඇමති
4. ආයෝජන ඇමති
5. වරාය ඇමති
ආදී වගකිවයුතු, විසඳුමක් දෙන්න හැකි මිනිස්සු ඉන්දැද්දී චීන තානාපති ගිහින් මහින්ද හමුවෙලා අපිටත් හම්බන්තොට ප්‍රශ්ණ තියෙනවායයි කියලාය.
ආණ්ඩුවක් තියෙද්දී විපක්ෂයේ නාඩගම් කාරයින්ගෙන් ආණ්ඩුවේ ව්‍යාපෘති ගැන ප්‍රශ්ණ අහන සිරිතක් ලෝකේ විදෙස් සබඳතා රීතිවල (diplomatic protocol) නැත.
මහින්ද විපක්ෂනායකවත් නොවන, නීත්‍යානුකූලව ගත්කල නිකම්ම නිකන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්දැද්දී එයාගෙන් චීනාට අහන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ විතරය. මහින්ද නොකිව්වාට චීන තානාපති ගියේ ඔය ප්‍රශ්නේ අහන්නය.
- කණ්ඩුළ හස්තිගිරි
Visit Me on Facebook
ලයික් කොරන්න ඔබන්න එකක් නෑනේ
ReplyDeletehttps://www.facebook.com/profile.php?id=100014974446628 මෙතනින් මගේ FB පිටුවට ගිහින් ලයික් එකක් දාන්න පුලුවන්....
Delete