Wednesday 17 January 2018

ඇය කවුද ?


"කෝපි බොන්න ඕනෑ වහින දවස් වලට... අනේ මන්දා.....  හ්ම්...... "    මම  තනිවම මුමුනමින් කෝපි සකසන යන්ත්‍රය වෙත ගියෙමි.....
කෝපි කෝප්පය පිරෙන්න තෙක්  යන්ත්‍රයට  දමන පුරුදු  තට්ටුව  අද  මදක් තාලය වෙනස් කර  ඉබේම වාගේ වැදුනි.......
"මෙන්න නෝනා....   පිරෙන්නම දාලා  ඇති ...  "  මට වෙනදා පෙන්වන සුපුරුදු ලෙන්ගතු සිනහව පෑ ඈ , පසුම්බිය වෙත සිය අත යොමු කළාය.
"ඊයේ රුපියල් පහක් මෙහෙ  ඇතිනේද ?  ඔන්න අද පහක් අඩුවෙන් ඒක නිසා...."
ඇය නිවැරදී බව සිහින් සිනහවකින් මම ප්‍රකාශ කොට සිටියෙමි.....
"අම්මපා කෙල්ල වගේ තාම ඉන්න හැටි.... එක්කො ඇන්දපන්කො වයසට ගැලපෙන්නෙ......  " මම මටම කියාගෙන පුරුදු අසුනටම යනතෙක් ඇය දෙසම බලා සිටියෙමි..
"සමහර විට මානසික මොනවහරි ගැටලුවක් තියෙන කෙනෙක්ද දන්නෙත් නෑ...."
"එහෙම වෙන්න්ත් බෑ.....  හොන්දට   සල්ලිත් තියෙනව වගේනේ..   මොකද දන්නෙ නෑ වාහනෙන් එන්නෙ නැත්තෙ...."
"අපරාදෙ කියන්න බෑ , ඕන මනුස්සයෙක් එක්ක හොන්දට හිනාවෙලා කතා කරනව..... වෙන ඔහොම සල්ලි තියෙනෙ එකෙක් ඔහොම කතාකරයි......"
"අද මොකද දන්නෙ නෑ යාලුව එන්න පරක්කු.....බලමු  බලමු....  එකත් මහ පුදුම යාලුකම්ක්  තමයි....  මම මේ දැක්කමයි මෙච්චර වයසට යනකන් මෙහෙම යාලුකමක් තියෙන දෙන්නෙක්.... "
" ආ  ඔය එන්නෙ කියනකොටම........අද අත් දෙක වන වන එන්නෙ මොකද දන්නෙ නෑ..... "

"ඒයි.. උම්බ මොකද ඔය ඔතනට වෙලා කනුවක් බදාගෙන තනියෙන් කතා කර කර ඉන්නෙ....  මෙතන වැඩ තියෙනව....."  අවන්හලේ  වැඩ බාර දෙවියාගෙ බිරුම ඇරම්බිනි....

ජගත් අය්යා කෑ ගසන තෙක්ම මම සිටියේ කනුවක් වටා අත යවා තුරුලුකරගෙන බවද මට අමතක වී තිබුනි.... නැවත වැඩට බැස්සද.. මගේ නෙත් යොමු වී තිබුනේ කෙලවර අසුනෙහි සිටි ඇය සහ ඇයගේ මිතුරිය දෙසය.
ඇය අසලට ගොස් වචනයක්  දෙකක් කතා කිරීමට පුදුම  ආසවක් කෙමෙන් කෙමෙන් ගොඩ නැගෙමින් තිබෙන බව මගෙ නොසන්සුන් ශරීර ඉරිය්ව් මටම ඉන්ගි කළේය.
"ගියත් ඉතින් මොනව කතා කරන්නද ? "  "ඒ උනාට මට ආසයි , මොකද මේ නිතර නිතර  අපේ රෙස්ටුරන්ට් එකටම  ඇවිත් මහ දවල් කෝපි බීලා යන්නෙ ඇයි කියල දැනගන්න....."
"මාව ගනන් ගන්නෙ නැතුව ඉන්න එකක් නැහැ.. මොකද... එහෙම මාන්නයක් ගෑවිලාවත් නැහැ ඒ මනුස්සයගෙ...."

"ම්ම්ම්ම්.... දැන්ම හදිස්සි වෙන්න ඕන නෑ... කොහොමත් දැන්ම යන එකක් නෑ.... තව ටිකක් වෙලා ඉමු... "
"කමක් නෑ.....  ගිහින් නිකන් කතා කරනව....."

මම සෙමෙන් සෙමෙන් ඇ‍ය උන් මේසය  අසලට ගියෙමි....  මම ලන්ගාවත්ම කිසින්දු කලබලයක් නොමතිව ඇය සුපුරුදු සිනිහව පෑය.
"නෝනා .. මම  ටේබ්ල් එක  ක්ලීන් කරන්නද ?"
 "මොකද අද කලින්ම..... අපි තාම කතාකරලත් ඉවරත් නැහැනෙ....." ඇය  සිනාසෙමින් මා හට මේසය පිරිසුදු කිරිමට ඉඩකඩ ලබාදෙමින් පැවසුවාය.
"නෑ .... නෝනලගේ ලේසියටයි මම සුද්ද කරන්න අවේ...  අද ටිකක්  වැඩිපුර වෙලා ඉන්නවා වගේ තේරුන හින්දා මට හිතුන ක්ලීන් කරලා දුන්නොත් නෝනලට ලේසි වෙයි කියල..."

"පුතාගෙ නම මොකද්ද "     " සුදීර "
" ගොඩක් කල්ද මෙහේ වැඩට  ඇවිල්ල..."
 " නෝනා මෙහේ එන්න පටන් ගන්න මාස පහ හයකට කලින් තමා ආවේ...."  මම බිම බලා ගෙනම උත්තර දුනිමි.
"සුදීර අපි ගැන සෑහෙන්න දේවල් දන්නව වගෙ......."  දෙදනාම මදක් හන්ඩ නගා සිනා සුනහ.

" පේන තරම් සංවර නැද්ද මන්දා.... මහ හයියෙන්  හිනා උන හැටි විතරක්...."  මගේ හිත මටම ඊටත් වඩා හයියෙන්  කීය.

" නෝනලා මේ කිට්ටුවද ? "  
 "සුදීර හිතන් ඉන්නෙ කොහොමද ?"

"මට හිතෙන්නෙ  නෝනල මේ ලංග වෙන්න ඕන කියල..... ඒකනේ  කාර් එකෙන් එන්නෙ නැතුව   පයින්ම එන්නෙ......."
"ෂා ..සුදීර මාර  දක්ෂයෙක් නෙ......   කොහොමද හිතුවේ මට කාර් එකක් තියෙනව කියල....."
"කාර් එකක් ගන්න බැරි මනුස්සයෙක් මේ වගේ තැනකින්  කෝපි බොනවද  නෝනා....."

"මම මෙතනින් කෝපි බොන්නෙ ගාන ගැන හිතල නෙමෙයි පුතා.......    නේද මෙයා..."  ඇය ඇගේ මිතුරිය දෙස බලා හිස වනා ඇගේ ඒ සම්බන්ද අදහස විමසන බවක් පෙනුනි....
"ඔව්  ඔව්....මෙතන ඉන්දන් කෝපි  බොනකොට තියෙන හිතේ සැහැල්ලුව , වෙන කොහේදිවත් ගන්න බෑ...."  එවර මිතුරිය පිලිතුරු දූන්නේද පෙර සේම සිනා සෙමිනි...

"දවස් දෙකකට කලින් නෝනා හම්බවෙන්න අවේ නෝනගෙ දුවද ? " මම සිතේ තදකරගෙනම හිටි ප්‍රශ්නය එක්වරම කරලියට ගෙනාආවෙමි.....

" දුව.....???" ඇය අසීමිත ව්ශ්මයකින් මදෙස මොහොතක් බලා සිටියාය.
 සියලු දෙනා නිශ්ශබ්දය......   මම තක්බීරි වී ඇයත් , මිතුරියත් දෙස වරින් වර බලමින් සිටියෙමි.....

 සියලු නිහඩතා එක්වරම බින්ද්දමා ඇය පෙරටත් වඩා මහ හඩින් සිනා සුනි...එවර  අවන්හලේ සිටි අනෙකුත් අයද එක්වරම අප දෙස බලන බව මට දැනුනි....

ඇය සිය අසුනෙන් නැගිට සියල්ලගෙන් නිහතමානීව මෙන්ම සුන්දරව සමාව ගන්නා ගමන්..මා වෙත දෑස් කුඩා කර මදක් බලා සිටියේය....

"සුදීර මොකද ඒ මගේ දුව කියල හිතුවෙ... ? ".. ඇය තවමත් මා දෙස යොමු කල තියුනු බැල්මෙන් ඉවත් වී තිබුනේ නැත.

" අනේ නෑ නෝනා...මම මේ කිව්වෙ....එදා ඒ අපු මිස් යන කොට නෝනට වැන්දල යනවා මම දැක්ක... ඒකයි...."

"වැන්දල ගියා... ?"  එවර එක්වරම හඩ්ඬ අවදි කලේ මිතුරියයි.... ඇයට තවත් ප්‍රශ්න ඇසීමට ඉඩ නොතබාම කතා නායිකාව පිලිතුරු දුන්නාය....
" ආ...මට ඔයාට කියන්න බැරිඋනා...  මගෙ රිලේශන් කෙනෙක්ගෙ දුවක් අවා ...." " සුදීර හරිම දක්ෂ නිරීක්ශකයෙක් නේ..."....

"වෙන මොනවද සුදීර මම ගැන හොයල තියෙන දේවල්..  කියමු බලන්න..... " ඇය අසුනේ හරිබරි ගැසෙමින් ඇසුවේ කතන්දරයක් අසන්නට ලැහස්ති වෙන අයුරිනි...

"නෝනා එන්නෙ හැම බදාදාටයි...සිකුරාදටයී... ඒ එන හැම දාකම මේ නෝනත් එනව.... ඇවිල්ල පැයක් දෙකක් විතර කතාකරල යනව..."  
" ම්ම්ම්  හරි  හරි...."

"නෝනා හැමදාම බොන්නෙ කෝපි...වෙන මුක්ත් බොන්නෙ නෑ.... මේ නෝන නම් කවදාවත් මුකුත් අපෙන් බොන්නෙ නෑ..."
" ඒකත් හරි...  වෙන  වෙන.. "

" මේ නෝනා ගිය ගමන්...නෝනා කාටදෝ කෝල් එකක් අරගෙන  , ඊටපස්සෙ  ෆොන් එක එහා මෙහා කර කර ඉන්ද්ඳලා තනියෙම ටිකක් හිනවෙලා යනව...."
" ඊට පස්සෙ නෝනා රතු පාට කාර් එකක් එනකන් ඉන්දල...එකේ නැගල යනව...."
"

"සුදීර  ...පුතා ඔයා ඇත්තටම හරිම දක්ෂ දරුවෙක්..... මම හරිම කැමතියි ඔයා මට මේ දේවල් විස්තර කරපු විදියට....හරිම අවංක විදියට ඔයා විස්තර කලා..."
"ඔන්න අද මගේ ගානේ පොඩි ටිප් එකක්....."  ඇය රුපියල් පන්සියයේ නෝට්ටුවක් මවෙත දිගු කලේය....

කිසිසේත්ම මා එවැන්නක් ඇයගෙන් බලාපොරොත්තු වූයේ නැත​.කිසිසේත්ම නැත​.

" අයියෝ   එපා නෝනා...මම මේ නෝනා එක්ක කතා කරන්න අවේ එහෙම දෙයකට නෙවේ,,,  එපා එපා නෝනා...මට සල්ලි එපා...."

එදා ඇය සිය මිතුරියත් සමගඟ අවන්හලෙන් පිටව ගියේ නොසෑහෙන්න මගේ ගුන වයමිනි... මුදල් භාර නොගැනීම ගැන දෝශාරෝපනයක්ද නැතුව නොවේ....

..
..
..
..
කාලය කෙමෙන් ගත වී යයි....
දිනක් දෙකක්...ගත වෙයි....

අවන්හල වෙනදා මෙන්ම අවිවේකීව ඇත.....

සුපුරුදු බදදා ඇය නැවත පැමිනෙයි......

"කෝපි එකක්........"
කෝපි කෝප්පය ලැහස්ති වීමට පෙර ඇය නැවත ඇගේ හඬ අවදි කලාය..ඒ තරමක් සෙමෙන්....නමුත්...තර්ජනාත්මකව....

"ජගත්.... මිනිහට මොකද කලේ....
මම තමුන්ට කියල තියෙනව වැඩට ගන්න එවුන් ගැන මීට වඩා සැලකිල්ලෙන් අවදානයෙන් ඉන්න ඕන කියල.... අයෙ මෙහෙම උනොත්... මම නරක ගෑනි කියන්න එපා...."
" හොඳමයි මැඩම්..."

කෝපි කෝප්පය පිරෙන්නම අදත් කොපී පිරුනි....

සුදීර නැවත වැඩට අවේද නැත...

No comments:

Post a Comment