විද්‍යා පීඨයේ වසරේ වඩාත්ම කැපී පෙනෙන ශිෂ්‍යයා, දිල්හාන් මානවඩු.

Share

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ 2016 වසර සදහා වූ උපාධි ප්‍රදානෝත්සවය 2017, අගෝස්තු මස දෙවන වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහිදී විද්‍යා පීඨයේ වසරේ වඩාත්ම කැපී පෙනෙන ශිෂ්‍යයා සදහා වූ
ජස්ටින් සමරසේකර සම්මානය හිමි වූයේ දිල්හාන් මානවඩු සොයුරාටයි. ඔහුත් සමඟ සුහද කතාබහක යෙදෙන්නට FOS Media අපට අවස්ථාව ලැබුණා.

A/L කරන කාලෙදිත් Science Faculty එන්න හීනයක් තිබුණාද?

මම Engineering Faculty එකට තේරිලා හිටියත් ඒ පැත්තට වැඩි කැමැත්තක් තිබුනෙ නෑ. ගෙදරින් කිව්වෙත් මට කැමති දේ කරන්න කියලා. මම 1 st Year ඉද්දි මම දන්න 4 th year අයියා කෙනෙක් හිටියා. ඒ අයියත් මට ලොකු inspiration එකක් වුණා. මට ලොකූ targets නෑ. මම දැනගෙන හිටියෙ මම Science Faculty ආවොත් මට යමක් කරන්න පුළුවන් කියල විතරයි. තමන් කරන දෙය හොඳට කළොත් ඕනි දෙයක් කරන්න පුළුවන්.

Campus එන්න කලින් campus එක ගැන මොනවගේ අදහසක් ද තිබුණේ?

ඇත්තටම A/L කාලේ ලොකූ අදහසක් තිබුණේ නෑ campus එක ගැන. ඒත් ආවට පස්සේ ගොඩාක් විනෝද වුණා. හොඳ යාළුවෝ හම්බවුණා.

පළමු වසරේ සිට අවසන් වසර දක්වා academic වැඩ සාර්ථකව කළේ කොහොමද ?

මම ගත්ත හොඳම තීරණයක් තමයි P5 Combination එක තෝරාගත්ත එක. ගොඩක් අයගේ තර්කයක් තමයි Maths සහ Chemistry අමාරුයි. ඒනිසා P5 තෝරාගන්න එපා කියන එක. ඒත් මම ඒ විෂයයන් දෙකම තෝරාගත්තෙ ආස නිසා. ඒ නිසා මට කවදාවත් ඉගෙන ගන්න එක pressure එකක් වුණේ නැ.

අධ්‍යාපන කටයුතු එක්කම බාහිර කටයුතුත් කළා නේද ?

ඔව්. මම Chemistry Society එකේ සහ Science Camps වල හිටියා. අවුරුදු හතරම චෙස් කළා. ගිය අවුරුද්දේ අපේ චෙස් team එක ගැන කියන්නම ඕනි. SLUG Tournament එක කිට්ටු වෙද්දී මුලින්ම අපේ coach අයින් වුණා . National team select වුණ නිසා අපේ Captain ට අපිත් එක්ක play කරන්න බැරි වුණා. සාමාන්‍යයෙන් එහෙම වුණාම tournament එක කල් දානවා. ඒත් අපි play කරලා 2nd place ගත්තා. මගේ campus ජීවිතයේ මට ලැබුණු වටිනාම දේ ඒක.

එවැනි අභියෝගයකට මුහුණ දෙද්දි මොනවගේ හැගීමක්ද දැනුනේ ?

ඇත්තටම මම හිතුවෙ නෑ, මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලබයි කියලා. ඒත් අපි team එකම එකට හිටියා ඒ දවස් වල. ඒ වගේම අපි අපි ගැන විශ්වාස කළා.

අධ්‍යාපන කටයුතු සහ බාහිර කටයුතු සමබර කර ගත්තේ කොහොමද ?

මම හිතන්නේ මම කරපු විදිහ නම් එච්චරම හොඳ නෑ. මම අන්තිම මොහොතේ තමා පඩම් කරන්න පටන් ගන්නේ. මට සාමාන්‍යයෙන් දෙයක් කියපු ගමන් තේරෙනවා. ගොඩක් අය පාඩම් කරද්දී පොත දිහා බලන් ඉන්න එක විතරයි කරන්නේ. A/L එක්ක බලද්දි campus එකේ කරන්න තියන ප්‍රමාණය ගොඩාක් අඩුයි නේද? ඒ නිසා කරන දේ හරියට කරන්න ඕනි.

Campus ජීවිතයේ අමතකම නොවන සිදුවීම් මොනවාද?

කන දේවල් සම්බන්ධව තමයි ගොඩක් මතක තියෙන්නෙ. ගොඩක් දේවල් කියන්න බෑ හැබැයි SAIFA day, Astro day සහ චෙස් ටීම් එකේ වැඩ ගොඩක් තියෙනව. ඒ ඔක්කොටම වඩා අමතක නොවෙන්නෙ විහංගා හම්බ උන එක. ශ්‍රමදානෙ ඉඳන් අද වෙනකන් හැමවෙලේම මාත් එක්කම එයා හිටියා. මේ අවෝඩ් එකෙන් භාගයක්ම විහංගා ගෙ.

මෙතනින් එහාට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?

දැනට මම Theoretical physical Chemistry පැත්තෙන් PhD එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක හොඳට කරගත්තොත් හොඳ තැනකට යන්න පුළුවන් වෙයි. මොකද අපි යම් තැනකට ආවට පස්සෙ තමයි එතනින් එහාට මොකක්ද කරන්න පුළුවන් කියලා පේන්නේ.

Campus එකේ ඉගෙන ගන්න සහ Campus එන්න ඉන්න අයටයි දෙන්න තියන පණිවිඩය මොකක්ද ?

Campus එක කියන්නේ ඇත්තටම නියම තැනක්. බාහිර වැඩ කරන එක හොඳයි. Academic වැඩ කොහොමත් හැමෝම කරනවනේ. නමුත් අනිත් කෙනා කරනවා බලලා ඒ තරමටම කරන්න යන්න එපා. තමන් දැනගන්න ඕනි තමන්ට පුළුවන් සීමාව. මොකද මම දැකලා තියනවා සමහර ළමයි stress වෙලා ඉන්නවා. Campus එකේ ඉන්න පොඩි කාලයයි නේ. ඒ කාලේ Fun එකේ ඉන්න ඕනි.

සරසවි ජීවිතය ජයගත් ඔහු අපත් සමග අදහස් එකතු කලේ එලෙසින්…

දිල්හාන් සොයුර, ඔබේ ඉදිරි අනාගතයට  FoS Media අපෙන් උණුසුම් සුබ පැතුම්!

පිළිවිසීම: හේෂානි අංජලී සමගින් සතිකා ජයසිරි

 

 
Tagged : /