ලක් ජනගහනයෙන් බාගයක්ම 1985ට පසු උපන් අයයි. මෙය වැදගත් ඇයි?

ජනගහනයක මධ්‍යස්ථ වයස (Median Age) කියන්නේ එම පිරිස වයස අනුව එක සමාන කාණ්ඩ දෙකකට බෙදිය හැකි වයසයි. එනම් ජනයාගෙන් හරි අඩක් එම වයසට වඩා බාල වන විට ඉතිරි අඩ එම වයසට වඩා වැඩිමහල්. මධ්‍යස්ථ වයස් අගය කාලයත් සමග ටිකෙන් ටික වෙනස් වනවා.

The median divides the age distribution into two equal parts: one-half of the cases falling below the median age and one-half above the median.

Image source: https://www.pinterest.com/pin/300333868877400032/

2012දී අවසන් ජන සංගණනය කළ අවස්ථාවේ මෙරට මධ්‍යස්ථ වයස 31ක් වූවා. 2016 වන විට එය අවුරුදු 32.5 දක්වා ඉහළ ගිහින්. ජනගහනයක ළමා හා තරුණ ප්‍රතිශතය කෙමෙන් අඩු වන විට මධ්‍යස්ථ අගය වැඩි වනවා. (60ට වැඩි ජනගහනය ඉහළ ජපානයේ මේ අගය අවුරුඩු 46.9යි. ඉන්දියාවේ මධ්‍යස්ථ වයස අවුරුදු 27.6ක් වන අතර පාකිස්ථානයේ එය 23.4යි.)

අපේ ජනගහනය සම්බන්ධයෙන් බලන විට අද ලක් ජනයාගෙන් බාගයක්ම 1985 හෝ ඊට පසුව උපන් අයයි. ඒ කියන්නේ 1983 කළු ජූලියට පසුවයි. 1987-89 භීෂන සමය ගැනවත් මේ කිසිවකුට හරිහැටි මතකයන් තිබිය නොහැකියි.

1977 ආර්ථිකය විවෘත කිරීමට පෙර තිබූ සමාජවාදී විකාරයන් හෝ 1982 ජනමත විචාරණය හෝ අත්විඳ ඇත්තේ රටේ බාගයකට වඩා අඩු පිරිසක්. රටේ බහුතරයක් දෙනාට මහවැලිය හැරවීම, ඉන්දු- ලංකා ගිවිසුම ආදිය පොතපතින් කියවන සිදුවීම් පමණයි.

මෙය ප්‍රායෝගිකව වැදගත් වන්නේ මේ නිසයි: මෑත ඉතිහාසය ගැන නොයෙක් දෙනා මාධ්‍යවල හා දේශපාලන වේදිකාවල නොයෙක් විග්‍රහයන් කරනනවා. අමූලික බොරු මෙන්ම සත්‍යය විකෘති කිරීම් එමටයි.

මතක තබා ගත යුත්තේ 1990ට පමණ පෙර සිදු වූ කිසිවක් ගැන සෘජු මතකයන් හෝ අත්දැකීම් අද ලක් සමාජයෙන් බාගයකට නොමැති බවයි.

More data: http://worldpopulationreview.com/countries/median-age-by-country/

 

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

2 thoughts on “ලක් ජනගහනයෙන් බාගයක්ම 1985ට පසු උපන් අයයි. මෙය වැදගත් ඇයි?”

  1. බොහෝ විට අර්ථ විරහිත සම්පප්‍රලාප මගින් අපේ රට කැළඹෙන සිවිල් සමාජයක් බවට පත්වෙමින් තිබීමට ඔබ පෙන්වා දෙන තත්ත්වයන් ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනී යනවා

  2. මේ ලිපිය ඉතාමත් හොදයි. විද්‍යාත්මක කරුණු සහ සංඛ්‍යාන දත්ත මගින් අපේ රටේ සමාජය ගැන අපූර්ව අර්ථකතන ලබා දීම ඉතාමත් අාකර්ෂනීය දෙයක් ලෙස තමයි මම දකින්නේ. අැමරිකාවේ කාල් සේගන්, නීල් ඩි ග්රාස් ටයිසන් වගේ විද්‍යාඥයින් මේ වගේ අපූරු ලිපි, වීඩියෝ පල කරනවා දැකලා තිබුනත් ලංකාවේ ඒහෙම නොවීම ගැන ලොකු කනගාටුවකිනුයි පසුවුනේ. අැමරිකාවේ සමාජය තුළ කොස්මෝස්, ස්ටාර් ටෝක්ස් වගේ වැඩසටහන් මගින් විද්‍යාව pop culture ඒකට ගෙන ඒන්න පුලුවන් වෙලා තියෙනවා. අපේ රටෙත් හුදෙක් කලා කරුවන්, දේශපාලකයන් විතරක් Pop culture icons විදිහට ඉන්නෙ නැතුව ඒ තැන් වල තියෙන අඩුව පුරවන්න නියම විද්‍යාඥයින් Pop culture ඒක තුළට පැමිණෙනවා නම් අපේ රටේ සමාජය මීට වඩා බුද්ධිමත් වන්නට ඉඩ තිබෙන බව මගෙ මතයයි. මේ වගේ ලිපි දිගින් දිගටම පල කරන්න. දැනුම සොයන සමාජය මේ කරා කෙසේ හෝ අැදී ඒයි. ස්තූතියි !

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.