‘කොළඹ අපේ නගරයයි’ මිතුරැ ජාලය

‘කොළඹ අපේ නගරයයි’ යනු අප නගරයේ සේවාවන් පිළිබඳව තොරතුරු බෙදා හදා ගනිමින් අප නගරය වඩා සුන්දර නගරයක් කිරීම සඳහා දැනුවත්ව ක්‍රියාත්මක වීම සඳහා වූ මිතුරු ජාලයකි. ඔබ ජීවත් වන්නේ කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ නම් හා ඔබට නගරයේ කසළ සේවාව හා අනිකුත් සේවා දියුණු කිරීමට උනන්දුවක් ඇති නම්, එය ඔබේ අවකාශය යි.

මෙම ජාලය මෙහෙයවන්නේ තිරසාර ලෙස කසළ බැහැර කිරීම සඳහා වූ ව්‍යාපාරය යි. එහි  කැදවුම්කරු සුජාතා ගමගේ මහත්මිය වන අතර ලර්න් ඒෂියා, සර්වෝදය හා ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ  සංසංදය යනු ව්‍යාපාරය හා අනුබද්ධ ආයතනයි.

අපගේ අරමුණ වන්නේ, කොළඹ නගරයේ පනස් පහක් වූ ග්‍රාම නිලධාරී වසම්  වලින් එක් වසමකට අවම වශයෙන් එක් කෙනෙක්  බැගින් වනසේ මිතුරැ ජාලයට එක් කර,   එම ජාලය හරහා එක් එක් ප්‍රදේශය පිළබඳ තොරතුරු, විශේෂයෙන් කසළ තත්වය පිලිබඳ තොරතුරැ, වෙබ්, එස්එම්එස් හෝ මොබයිල් ෆෝන් සමීක්ෂණ තුලින් ලබා ගෙන බෙදා හදා ගැනීමත්, එම තොරතුරු ඔස්සේ  ක්‍රියාත්මක වීමත් ය. අදාළ වෙනත් තොරතුරු සොයා ගැනීමත්, අවශ්‍ය නම සුළු පර්යේෂණ වල යෙදීමටත් අපි බලාපොරොත්තු වෙමු.

වඩා පුළුල් හා වඩා ශක්තිමත්  ජාලයක් තුලින් අපේ සාමූහික හඬ වඩාත් ත්‍රීව ලෙස  ඉදිරිපත් වෙනු ඇත. කරුණාකර එම  මුහුණු පොතට ගොස් ලයික් කර ෂෙයාර් කරන්න.

 

 

Leave a comment