විනි විදිමි ප්‍රේමය

බොහෝ කල් විය හිතවත
අදට අපගේ නෙතු ගැටී
නුඹේ වත සේයාවකී හද
බැදී ඇති බෝ දූවිලී
පිස දමන්නට මතක පවනින්
උවමනාවක් මට නැතී
නොවදිනු සේ අහලකටවත්
සිත් කවුලු අගුලන්නෙමි

එක්ව ගිය මග නැගුනු හසරැලි
ඇසී සියොතුන් පිබිදුනූ
නගන කසු කුසු ඔහෙ වුනාවේ
නෑසු සවනින් හැර යමී

රැදෙන්නට හෝ මිදෙන්නට ‍යැයි
කියන්නට ඉසිඹුව නොවී
එයින් වෙනසක් නොවන බැව් දත්
කල්හි ප්‍රේමය හැදිනෙමී

2 thoughts on “විනි විදිමි ප්‍රේමය

Leave a comment