විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

පස්මහ බැළුම්


blogging

නෑ නෑ ඒ පස්මහ බැළුම් නෙවෙයි, මේ මගේ පස්මහ බැළුම්. වැඩේ කියන්නේ, ඊයේ තමයි මේ ලිපිය ලියන්න ඕනේ. නමුත්, අද රෑට රෑ වෙලා තමයි මතක්වුණේ. මොනවා කරන්නද, මතක්වෙච්ච වෙලාවේදි වත් ලියන්න එපායැ. ඈ………? මොකක් ගැනද ලියන්නේ කියලද ඇහුවේ. අනේ වෙන මොකක් ගැන ලියන්නද පින්වතුනි, මේ මගේම බ්ලොග ගැන ලියනවා ඇර.

හප්පොච්චියෙ සෙල්ලන්ද කොල්ලො කිව්වලු. මේ දෙසැම්බර පහළොස්වැනිදාට, මේ බ්ලොග් කෙරුවාව පටන් අරන්, අවුරුදු පහක් වෙනවා ඔන්න. මට මතක්වෙන්නේ, මම පළමුවැනි පියවර තැබූ ආකාරයයි. හිතේ කිසිම විස්වාසයක් තිබුණේ නැහැ වැඩේ හරියයි කියලා. ටික දවසක් ලිපි එක දෙක ලියවෙනකොට තමයි, තමුන්නාන්සේලාගේ ‘පෙතිචාර’ ලැබුණේ. එයින් ලද අහවල් දහිරියෙන් තමා, අද වනතුරු ලියන්නේ.

මේ අවුරුදු පහ ඇතුළත ලද, සතුටුදායක, කණගාටුදායක සහ අප්‍රසන්න අත්දැකීම් බොහොමයි. සතුටුදායක වන්නේ හොඳ ප්‍රතිචාර ලැබීම සහ සම්මාන වලින් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වීමයි. කණගාටුදායක වන්නේ, සමහර බ්ලොග් සහෘදයන්, බ්ලොග් ලිවීම මෙන්ම කියවීමද අතහැර දමා ඇති නිසයි. අප්‍රසන්න වන්නේ අමන පුද්ගලයන්, රිසි සේ බ්ලොග් ලෝකය පුරා තම දූෂිත සිත්වලින්, බ්ලොග් කමෙන්ට් වසුරු හෙලීමයි. තවත් සමහරු නිර්ලජ්ජිතව මගේ ලිපි සොරකම් කොට තමන්ගේ මෙන් පළකිරීමයි.

මගේ බ්ලොග් ලිපිවල ලියන යුද තොරතුරු සඳහා කමෙන්ට් වලදී පින්තූර සහ වීඩියෝ යෙදීමට අවශ්‍ය වෙනවා. නමුත් ඉතා මෑතකදී, ගූගල් සමාගම, එම පහසුකම අත්හිටුවීම මටනම් බලවත් පාඩුවක්. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී නම් ඒ හිරිහැරය නැහැ.

ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති.

ඉතා දීර්ඝ විස්තර රාශියක් සිතට ආවත්, ඒ සියල්ල යටපත් කරගෙන, මෙතෙකින් නවතින්නේ, ‘සිතේ සවිය සහ ගතේ සවිය තිබෙනතුරු, ඔබ වෙනුවෙන් ලියමි’ යන සිතුවිල්ල පෙරදැරි කරගෙනයි.

2016 දෙසැම්බර් මස 16 දින 0020 පැය.

Comments on: "පස්මහ බැළුම්" (14)

  1. පස්වන වසරට පියනගන https://jangun.wordpress.com ට ජයවේවා! මේ කාලය තුළ බෙදා හැරි ඥාන සම්භාරය වෙනුවෙන් තුති කුසුම්

  2. Congratulations 5th of anniversary! !!!!!!!!!!!!

  3. Congratulations sir. I am a big follower of your site. Eventruough i did not comment i dont miss any of your great articles. Sinhalen phone eken type karnna amarui. Samwenna. Ea wagema godak stuti oya me karana sewayata sir. Tnx

  4. yako podi kollakne ne balagena yanakota, mama hithuwe 70k wath athi kiyala habby birthday

  5. 5 වන වසරට හදවතින්ම සුභ පැතුම්! ඔබතුමාගෙ බ්ලොග් එකෙන් ඉගෙන ගත්ත ඒවනම් බොහොමයි.

  6. බුද්ධික පෙරේරා said:

    මා බ්ලොග් කියවීමට පුරුද්දක් ඇතිකරගත්තේ ඔබගේ අඩවියට පැමිණීමත් සමඟයි (වායු රයිෆල් සොයාගෙන ආවේ )

    සිතින් තරුණ ඔබට දීර්ඝායුෂ ලැබේවා

    මම කමෙන්ට් නොදැම්මාට සැමදාම පැමිණ අලුත් ලිපි තිබේදැයි සොයනවා

    වේබ් අවකාශවයේ සිටින ඇසූ පිරූ ඇත්තෙකු ලෙස ඔබට ගරු කරම්
    සැබෑ ජීවිතයේ හමුවී කථා කිරීමට ක‍ැමතියි

    තවතවත් අප දැනුමින් සන්නද්ධ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි

  7. අපෙනුත් සුභ පැතුම් !!!!
    වැඩි වැඩියෙන් අප වෙන්වෙන් ලියන්න ධෛර්‍යය ලැබේවායි පතමි…..

  8. දේශපාලනික දැක්ම අතින් සම්පුරණයෙන් වෙනස් පැත්තක හිටියත් ඔබ තුමා දක්ෂ ලේඛකයෙක්.රට වෙනුවෙන් සේවය කල රණ විරුවෙක් ..දැන ගන්න හුගක් වුවමනාව තිබුණු බොහොමයක් ඔබ තුමාගේ ලිපි වලින් දන ගත්තා.වැඩි වැඩියෙන් බ්ලොග් ලිපි වලින් සියලු දෙනාට දැනුම බෙදා දෙන්න ශක්තිය වාසනාව නිරෝගිකම ලැබේවා කියල පතනවා

  9. මේ වනකොට මම බ්ලොග් සටහන් හැටියට කියල නොවරදවාම කියවන්නේ ඔබතුමාගේ බ්ලොග් එක කියල කිව්වත් ඒක වැරදි නැහැ (සුබාෂ් මල්ලිගේ අඟහරුවා එකත් කියවනවා. ඒත් නිතර ලිපි පලවෙන්නේ නෑ නෙ). මම ඒ දවස්වල නිතර කියවපු හරීගේ හීනලන්තය, කැරකෙන ලෝකේ, කෝච්චියා, locolanka වගේ ඒවායේ දැන් නිතර සටහන් පලවෙන්නේ නෑ මොකද ඒ අය දැන් කාලයත් සමග ගොඩක් කාර්යබහුල වීම නිසා….. කොහොමහරි වසර 5ක් තිස්සේ ඔබතුමා මේ ආපු ගමනට සුබ පැතුම් එක් කරන්නට කැමතියි…. ජයවේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.