සුවඳ සපිරි

සුවඳ සපිරි පිපෙන මලක් මම නෙලන්නෙ නෑ
මහද මිහිරි පුරන හදක් මම පෙලන්නෙ නෑ
සමිඳ අසිරි නසන බවෙක් මම පතන්නෙ නෑ
පැහැද කිහිරි නැගෙන කලෙක් මම පිදෙන්නෙ නෑ

පුන ගැයුම:

ජීවිත පූජා පූජාසනේ //

දූලි මැදින වෙහෙස කඳුළ පියවි ජීවිතේ
කැපිලි පුරන දහස විපුල පියවි ජීවිතේ
ඉපිලි දුදන පහස සකල පියවි ජීවිතේ
විදලි පිදෙන පසස ලකළ පියවි ජීවිතේ

අධම කුරිරු පිරුවේ බලැති ලොවට වින කළෝ
මැවුම මියුරු නැසුවො හදැති ලොවට වින කළෝ
සුසුම වියරු සැදුවො නැගෙති ලොවට වින කළෝ
පැතුම සතුරු පැතුවො ගෙවති ලොවට වින කළෝ

පිනිබිඳු (3) 39 පිටුව

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න