අපගෙ පඬුර වේ

පුන ගැයුම:

අපගෙ පඬුර වේ මේ යාගයේ ඔබට පිදෙන
පඬුරු අපගෙ ජීවේ ලකුණ වේ

අඳුරු ලොවට එළිය දෙන්නෙ සමිඳු සමිඳු ඔබ ම වේ
ඔබ රැහැනේ රැඳී ඉන්න දෙන්නැ ආසිරි

කඳුළු වලට සතුට දෙන්නෙ ඔබයි සමිඳුනේ
ඔබ ඇසුරේ දිවි ගෙවන්න දෙන්නැ ආසිරි

දුබල බවට සවිය දෙන්නෙ ඔබමය සමිඳේ
සබල බවින් දිවි ගෙවන්න දෙන්නැ ආසිරි

යාග ගී (1) 8 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න