මල් සුවඳේ

මල් සුවඳේ නැගලා
එමි මම ඔබව සොයා
තරු වැල් බැඳ ගෙන
ඉර හඳ ඇද ගෙන
බබලා ඔබව සොයා

මී දුම හා මුසුවී
එමි මම ඔබව සොයා
එතු මී වදයේ – පැණිගෙන උදයේ
එමි මම ඔබව සොයා

කුරුළුන් කැදැලි සොයා
ඉර නැති සැන්දෑවේ
යනසේ එමි ඔබ – එමි මම යමි ඔබ
හිමි පා ඔබව සොයා

මගෙ මල් දිවිය නෙලා
මසුරන් බඳුනක ලා
සුවඳ ලාටු හා පරාග එහිලා
ගෙන එමි ඔබව සොයා

යාගී 5 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න