ඉරු දියර ඇස්
බලන් වෙන විස තරු දෙස
ඒත් ඒ ඇස් මගේ
එවූ රන් ගිනි සිලු එදා මා වෙත
රහස් කොදුරන සෙවනැලි
මමය් ඒ අන්දකාරය
පොර බදන සිතිවිලි නුබේ
අතර මා මියැදෙන බව දැනේ
මල පින්න දිය වෙමින්
නුබෙන් ඒ තරු ලබන උණුහුමෙ
සොයමි හුස්මක් මේ සොහොන් ටැබ තුල
මලානික වෙමින් හැම දිනකම
මැකී යන තුරු රැදී ඉන්නම්
මමය් ඒ අන්දකාරය

— සෙනාලි පෙරේරා | 12.11.2016 12:00 A.M.

Published by

perturbedslumber

I'm a 27 year old girl and this is the space where I turn my feelings in to words, spill my thoughts, share things worth noticing and empty my heart to make room for more absurdities of life.

Leave a comment