කවිය හා එහි රසය
තේරුම්ගැනීමට නොහැකිව
ඔබ මගෙන් ප්‍රශ්න නැගුවේ
නළල රැලි ගසා, ඇස් දෙකද පුංචි කොට
“සශී , what does it all mean though? I don’t understand a thing” කියාය…..
ඒ කෙසේ විය හැකිද?
අනෙකුත් සියලුම දෑ පිළිබඳව
අදහස් ගැලපුනද
කවිය ගැන ඔබට අදහසක් නොතොබීම ගැන මම පුදුම වුනෙමි
“Is it something that happened to you?'”
“Is this about you?”
කුතුහල වැඩි වී ගිය කල
ඔබ කට කොනින් සිනාසී
සමච්චලයට මෙන්, තවදුරට ප්‍රශ්න කර
අත් දෙකද උඩට දමා
පුටුව මත දිගා වී
මා දෙස එක එල්ලේ බලා සිටියේ
පිටසක්වල ජීවියෙක් දුටුවා මෙනි
දෙදෙනා මොහතකින් ආගන්තුකයන් කල
ඒ වචන ස්වල්පය අභිබවා
යා හැකිද?
නතර වේවිද නැත්නම් , මෙතනම,
අතරමං වී, කවිය , හා අප?

සශිකලා ප්‍රේමවර්ධන
2016 නොවැම්බර් 9 දින