මේ ලිපිය, කිසිසේත් ලියන්නට සිතාගෙන සිටි ලිපියක් නෙවෙයි. මේ දිනවල, සංස්කරණය වෙමින් පවතින ලිපි හයක්, මගේ බ්ලොග් ලිපි කෙටුම්පත් වශයෙන් තිබෙනවා. නමුත්, මගේ ආත්ම අභිමානය කෙලෙසන්නට වැර දරන, අවලම් ගති ලක්ෂණ සහිත පුඟුලන් කීපදෙනෙකුගේ, ඒ අවලම් චර්යාව නිසා මේ ලිපිය ලියවෙන්නට හේතු කාරණා පෑදුණා.
හිවල්ලු සිංහයන් වෙන්න උත්සාහ කරණ එක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයිනේ. අනික ඒ ලෝක ස්වභාවය, බ්ලොග් ලෝකයට කියලා වෙනසක් නැහැ. කාලෙන් කාලෙට, බ්ලොග් ලෝකයේ, සිවල් ව්‍රතය, සුනඛ ව්‍රතය, නපුංසක ව්‍රතය, රකින උන්ගේ කිරිජ්ජ පල්ලට කෙවිටෙන් ඇනලා, ‘ඒයි…..උඹ හිවලෙක්, සුනඛයෙක්, නපුංසකයෙක්, කියලා මතක් කරදීමට සිදුවීමත් පුදුමයක් නෙවෙයි. මේ ඊයේ පෙරේදා, මෙවැනි හිවලෙක්/සුනඛයෙක්/නපුංසකයෙක්/ කෙඳිරිගාමින් මගේ පස්සෙන් එනවා. ඔබ දන්නවා ඇති නේ, නපුන්සකයන් කෙඳිරි ගහා පස්සෙන් එන හැටි. අනේ පොඩ්ඩක් ඉන්නකූ….කියාගෙන. මේ නපුංසකයා/යෝ අන්න ඒ වගේමයි.
මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග් ෆොබියාවක් නෙවෙයි. කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි මේකාට, ඒ ජනප්‍රියත්වය සදාකාලික නොවන බවත්, අවලම් කතා නොකියා, ඊට වඩා රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට, නපුංසක තෙමේ හොඳටම ප්‍රමාදවී වැඩිය.
තමන්, සෘෂි වරයකු මෙන්, බ්ලොග් ලෝකය තුළ, සදාකාලිකව වන්දනයට පූජාවට ලක්විය යුතු යැ යි, ස්වයං මෝහනයට සහ ස්වයං වින්දනයට පත්ව සිටින මෙවැනි පුඟුලන්, කිසිදිනක, තමන්ට අභියෝග එල්ලවනු දකින්නට අකමැතිය. ඒ අභියෝග, බ්ලොග් රචනය තුලින් අබිභවා යන්නට තරම් ලේඛන හැකියාවක්, තමන් තුළ නැති බව දන්නා මේ නපුංසකයා/යෝ, ඉනික්බිති, තම පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වමින්, තමන් මහමග පඳුරක් අස්සේ හොරිකඩ බැල්ලියකට ජාතක වූ බව, ලොවටම මොනවට පසක් කරමින්, අපහාසය පමණක් තම අවිය කරගනිමින්ද, අශූචි වලග ලැග සිටිමින් ප්‍රතිමල්ලවයාට සටනට අභියෝග කරන සූකරයන්ගේ තත්වයට පත්වෙති.
මේ අවජාතක ව්‍රතය නොඉවසන වෙනත් බ්ලොග් රචකයකු, සදාචාරාත්මක බව පසෙක තබා, මොවුන්ගේ සාමාන්‍ය පවුල් ජීවිතයේ ස්වරූපයට ගැලපෙන අසැබි වදනින් ඇමතූ කල්හි, වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්, හොරිකඩ පර බල්ලකු මෙන්, මම බෝසතෙක්මි යයි, බෑඟිරි ගසයි.
මුන්ගේ අවලම් අඩවි, අප විසින් අත්හැරදමා තිබුණත්, තමන්ගේ අවජාතක බව ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, අප අඩවිවල අතහැර දමා යති. පඳුරක් ගානේ කකුල උස්සන, අවජාතක හොරිකඩ පරබල්ලන්ගේ ව්‍රතය, මුන් අනුගමනය කරන බවට හොඳම නිදසුනකි.
මෙතැන්සිට කතාව මෙසේ පැහැදිලි කරමි. මේ මෑතකදී, කලකට පසු, මා යුද අවියක් ගැන ලිපි මාලාවක් ලියන ලද්දේ පාඨකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදිය. මා සිතුවාටත් වඩා එම ලිපි මාලාව ජනප්‍රිය විය.
ඊයේ පෙරේදා දිනක W 3 ලංකා බ්ලොග් අඩවියේදී, මේ ගොන් වහන්සේ, තමන් නොදන්නා විෂයයක් ගැන කමෙන්ට් එකක් දමා තිබුන අතර, මම එතැනදීම, ඒ බ්ලොග් සුනඛයාට නිසි පිළිතුරු දුනිමි. මේ තියෙන්නේ ඒ ගොන් අදහස සහ මගේ පිළිතුරයි.
මේ ලාමක පඟර නැට්ටා, ප්‍රස්තුතයට අදාලව අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි පුස්සෙක් බව පැහැදිලිවම පෙනෙනවා. මෙන්න මම මේ පුස්සාට දුන්න පිළිතුර.
වැඩේ වැරදුන බව පුස්සාට තේරුනා. පුස්සා වහාම තමන්ගේ ගොන්කම වහගන්න, තව කමෙන්ට් එකක් දැම්මා. ඒක හරියට, මේ කැනහිලා තමන්ගේ රෙද්ද කඩලා මූණ වහගත්තා වගේ. පුස්සාගේ හෙළුව එහෙම පිටින් එළියේ.
කිසිදු අවස්ථාවක අනුඛණ්ඩයක් (detachment) කිලෝමීටර් 3 – 4 ක් ඈත තනිව ස්ථානගත නොකරන්නේ,
1. අවශ්‍ය අවස්වථාකදී ආධාරක භටපිරිස් ලබාදීම (reinforcement) අපහසු වීම.
2. ආධාරක වෙඩි බලය සහ සන්නද්ධ රථ ආධාරය ලබාදීම, අපහසු වීම. (support fire and tank support)
3. තුවාලකරුවන් ඉවත්කරගැනීම අපහසුවීම. (casualty evacuation – CASEVAC)
4. වියළි/අමු සලාක ද්‍රවය සැපයීම අපහසුවීම.
5. නිතර ගුවනින් අවශ්‍යතා සැපයීමේදී, ගුවන් යානා සහ කඳවුර යන දෙකම, දැඩි අවදානමකට පත්වීම.
යන කරුණු නිසා ය.
හැක් හැක්, මේ අයියා, ආදී කාලයේ කරුපයියෙකි. 1958 මැෂින් තුවක්කු ප්‍රහාර ගැන කතාකරන මේ කරුපයියා, 1971 දී, .303 LMG අවියෙන්, අපේ හමුදාව සටන් කල ආකාරය ගැන මොකුත් නොදන්නා, කරුමක්කාර කරුපයියෙකි.
මුන්නැහැ එසේ මෙසේ ප්‍රාඥයකු නොවේ. වින්නඹු අම්මලාගේ අත් උදව්වට යැවීමට තරම් සුදුසු ප්‍රාඥයෙකි. අයුතු ජනරාශියක් විසුරුවා හැරීම පිළිබඳව, මා ලියන ලද ලිපිය, මුන්නැහේගේ මහා දැනුම් සම්භාරය අනුව විකාරයකි. ඇත්ත ඇත්ත, ‘ඌරෝ කවද්ද කහ කෑවේ’ කියලා, පරණ කියමනක් තියනවනේ.
මුන්නැහේ ඉස්සර ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුන ‘විනෝද සමය’ වැඩසටහනේ පිටපත් ලිව්වානම් බොහොම හොඳයි කියා මට සිතේ. අයුතු ජන රාශියක් විසුරුවා හැරීමට, හමුදා නිලධාරියකුට බලයක්, ඔහුගේ නිළ බලයෙන් ලැබී ඇතැයි මම කියා නැත්තෙමි. නමුත් මේ ගව උන්නැහේ, තමන්ගේ සරම කණපිට ඇඳගත්තා මදිවට, කඩුල්ලත් අල්ලා අමුඩය ගසාගෙන ඇත. අයුතු ජනරාශියක් තමන්ට විසුවන්නට තරම්, භටපිරිස් ශක්තියක් නැති බව, පොලීසියට අවබෝධවූ විට, ස.පො.අ. නිලයේ නිලධාරියකු උසාවිය වෙත ගොස්, ඒ බව වාර්තාකොට, හමුදා බලය ඉල්ලා සිටී. එවිට මහේස්ත්‍රාත් වරයා, එම බලය ලබාදෙන්නේ, හමුදාවෙන් විමසා, හමුදාව විසින් නිර්දේශ කරන නිලධාරියා වෙතටය. නැතහොත්, එම නියෝගය ලැබෙන්නේ, ඉඳුරාම හමුදාපතිවරයා වෙතටය. ඉන්පසු සුදුසු නිලධාරියකු යොදවන්නේ, හමුදාපතිවරයා විසිනි. ඒ කාර්යය හමුදාව භාරගත් පසු, මහේස්ත්‍රාත් වරයාද කැටුව යන්නේ, නීතියට අනුකූලව එම ක්‍රියාන්විතය සිදුවේද යන්න නිරීක්ෂණය කිරීමටය. මේ කරුපයියා අයියා Commissioned Officer / Gazetted Officer කියන දෙකේ වෙනසවත් නොදන්නා හරක් අයියෙකි.
දැන් බලමු තවත් මේ වෛශා පුත්‍රයන්ගේ කමෙන්ට් කීපයක්.
ප්‍රභාකරන් මරණයට පත්කළ භටපිරිස් අතර සිටි ප්‍රධාන පෙළේ නිලධාරියකු, මෙලෙස සෙසු නිලයකු ලෙස සිට, අධිකාරියට පත්වූවෙකි. එමෙන්ම එවැනි තවත් එක් නිලධාරියකු, ඒ අවස්ථාවේ එතන සිටියේය. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඒ සිද්ධිය මට සවිස්තරව දුන්නේ ඔහු ය. මේ දෙදෙනා අද ද ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ට සේවයක් ඉටුකරති. ඊට අමතරව මෙලෙස සෙසු නිලයන්ව සිට අධිකාරියට පත් සෑහෙන පිරිසක්ද, සේවයේ යේදී සිටිති.
මෙවැනි හරකුන්ට, යුද හමුදා පරිපාලනය ගැන දැනුමක් නොතිබීම නිසා, ශ්‍රී ලංකා යුද හමුදාවට කරන අපහාසයම ඇති, මුන්ව අධිකරණයට ගෙන යන්නට.
මෙලෙස සෙසු නිලයන්ව සිට අධිකාරියට පත්ව, මේජර් ජෙනරල් නිලය දක්වා උසස්වීම් ලැබූ නිලධාරීන් සිටින බව, මේ හරකා නොදනී. මූ හිතන්නේ, සෙසු නිලයකුව සිට අධිකාරියට පත්වීම, පහත් පෙළේ අධිකාරී පත්වීමක් ලෙසයි. අනේ මෙවැනි හරකුන් වැදු මුන්ගේ මව්ලාට…..
මූ සෑහෙන මහන්සිවී කලකට ඉහතදී වෙනත් බ්ලොග් කරුවන් වෙත දුරකථන ඇමතුම්, ඊ මේල් යවා, විචාරක තුමා කියන්න එපා කිව්වේය. එයින් කීපදෙනෙක් ඒ ගැන මට කියා සිටී අතර, මා කිව්වේ, එය හොඳ බවත්, ඔබට කැමති ආකාරයකට මා ඇමතීමට ඔබට නිදහස ඇති බවත්ය. බ්ලොග්කරුවන් දෙදෙනෙක්, මගේ එක්තරා ලිපි මාලාවක, පළමුවැනි කොටසේදී විචාරකතුමා යනුවෙන්ද, දෙවැනි කොටසේ සිට විචා යනුවෙන්ද ඇමතුවේ, ඒ නිසාය. මේ විචා යන නාමයට මම බෙහෙවින් ප්‍රියකරමි. මන්ද, එයින් මා තුළ, තාරුණ්‍යයේ ජවයක් ඇතිකරන නිසාය. අද මට විචාරක තුමා යනුවෙන් අමතන බොහෝ අයට, එසේ නොකරන ලෙස මා ඉල්ලා ඇති වාර ගණන ද අපමණය.
හැබැයි මේ පුඟුලා උඩින් පෙන්වන්නේ බොහොම ලොකු හිතවත්කමකි. මේ අයියා, නූගත්කම, බේබදුකම, අවුල්සහගත පවුල් අතීතය නිසා, තවතවත් විශාදයේ පතුලට කිඳා බසිමින් සිටී.
මගේ පදක්කම් ගැන අහන මේ කැනහිලා, වීර පදක්කම් එකක්වත් නොලබා විශ්‍රාම ගිය මේජර් ජෙනරල් වරුන් පවා සිටින බවත්, ඔවුන් සටන් පෙරමුණේ සිටියත්, වීරපදක්කමකට නිර්දේශ නොලද බවත්, නොදන්නා මේ ගොන් තඩියා, විශ්‍රාමික නිලධාරීන්ගේ ලැයිස්තුවක් සොයා නොකියවන්නේ ඇයිද කියා නොදනිමි.
හරකෝ, මේක මතක තියාගනින්. මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මට වෙනත් ආදායම් මාර්ග තියනවා, මටම අයිති නිවසක්, කාර් එකක් තියනවා, මගේ බිරිඳටත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා, මගේ දරුවෝ හොඳ රැකියාවල ඉන්නවා. ඒ නිසා මට වෙනත් රැකියා අවශ්‍ය නැහැ. උඹ වගේ හිඟන්නෙක් නෙවෙයි මම.
අන්තිම කොමෙන්ට් එක දාලා තියෙන්නේ අර මම ඉංගිරිසි නිවැරදි කරපු හිඟන්නා විසින්. මම උගේ ඉංගිරිසි නිවැරදි කලාට පස්සේ, ඌ මලලසේකර ශබ්ද කෝෂය බලලා තියනවා. මුගේ සිඟිති මොලේට තේරෙන විදිහට මූ හිතන්නේ ,මම ලිපි ලියන්නේ ඒ ශබ්දකෝෂයෙන් කියලා. තේරෙනවා නේද මුන්ගේ තරම. මුන්ට තමයි කියන්නේ;
ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා
කිතුල් පිත්ත මත පියවර මැන්නා
උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා
එහෙව් උනුත් අද සබයට එන්නා
ඒ මදිවට එකෙක් මට ගහන්නම ප්‍රොෆයිල් එකක් හදාගෙන. මීට ඉස්සර කවදාවත් අහලා නැති සුමිත් කියන නමකින්, මේ කැනහිලා ඇවිත් තියෙන්නේ. බලනකොට මේ මටම ගහන්න අටවගත්ත ප්‍රොෆයිල් එකක්.
Comments on: "සිංහ වෙස් ගත් හිවල් මොටාලා" (10)
[…] සිංහ වෙස් ගත් හිවල් මොටාලා […]
ඕවා හණන් ගන්න එපා මහත්මයා. ඕක මේ රටේ හැටි.
ඒකනම් සම්පූර්ණ ඇත්ත. අපි ඉන්නේ දියුණු පෙනුමක් තියන, නොදියුණු ගෝත්‍රිකයන් ද ඉන්න රටක.
“අපරාදෙ අපේ විචාරකතුමාගෙ කාලය කියල මටත් මුලදීම හිතුන. ඒත් මෙවැනි දෑට ඉඩ දීම අජිත් පැරකුම් වගේ වඩා පරිනත බ්ලොග් කරුවන්ගෙන් ආරම්භ විය යුතුයි. වටිනා අදහස් වලට තොරතුරු වලට මග ඇහිරීමට තැත් කරන්නන් ප්‍රතික්ෂේප විය යුතුය. Trans Sylvania ගේ සහ මේ දුෂ්ට කාර්යයට විරුද්ධව මත පළ කරන ලද සියල්ලන්ගේ අදහස් මගේද කොමෙන්ටු ලෙස සලකන ලෙසත් සිංහල මාධ්‍ය කියවන්නන්ට අමුතුම දැනුමක් ගෙන එන විචාරතුමා ගේ පොස්ටු කිසිසේත් අධෛර්යයට පත් නොකරන ලෙසත් ඉල්ලමි. ” මේ ලිපිනයට සමාන්තර බ්ලොගර් වෙතින් වර්ඩ් ප්‍රෙස්වලට ගෙන නැවත පළ කෙරෙන කොමන්ටුව
ස්තුතියි ගුණසිංහ මහත්තයා. ඔබතුමා වැනි අවංක හිතවතුන් නොහිටින්ඩ මේ ඔක්කොම දමලා ගහලා හුඟක් කල්.
ඔය වගේ දේවල් ගණන් ගන්න එපා සර්.
ඔබතුමා දිගටම ලියන්න. අපි කියවනවා. ඔය අනිත් එවුන් කියන ඒවාගෙන් අපිට වැඩක් නෑ
හානේ…..කොච්චර කාලෙකට පස්සෙද ටිරෝන්? ඔයාලා මාවදාලා යන්නේ නැහැ කියන එක මම දන්නවා. ඔයාලගේ ශක්තිය මට ලොකු ධෛර්යයක්.
විස්තර කියලා මට ඊ මේල් එකක් එවන්නකො. දැන් නම් සතුටෙන් ඇති කියලා හිතනවා.
wmjgslsr@gmail.com
සර් ,
මේ ලංකාවේ වැඩිය හිතන්න ගියොත් ජිවත් වෙන්න බැ ,
කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ජිවත් වෙන්න ,
ඒකනම් සහතික ඇත්ත. මේ වගේ මානසික ලෙඩ්ඩු ගැන හිතන්න ගියොත්, අපිත් ලෙඩ වෙනවා.
ඇත්තටම මෙකෙ අර(ගොන්පාට්) අයින් කරල අංකල් ලියල තියන උත්තර වල තියනව සෑහෙන ඉගනගන්න දේ?
(subscription එකට මොනාහරි වෙලා මට අලුත් පෝස්ට් එන්නෑ, මේ ලඟදි හොයාගත්තෙ T56 ලිපියෙන් ඔන්න දැං දිගටම කියවනවා විබාග ඉවර වේගන එන්නෙ:D )