2017 වසරේ කරළියට එන සුපිරි ෆිල්ම්ස් 5ක්.

එළඹෙන 2017 වර්ෂය සිනමා ලෝලීන්ට ඉතාමත් වැදගත් වර්ෂයක් වනවාට සැක නැත. මක් නිසාද යත් ලොව ඉමහත් ජනප්‍රියත්වයට පත් සිනමා කතා මාලාවන් කිහිපයක මීලඟ සිනමා නිර්මාණ 2017 වර්ෂයේ එළි දැක්වීමට නියමිතය. එසේ දින ගනිමින් ඇගිලි ගනිමින් සිටින සිනමා නිර්මාණ 5ක් පිළිබදවයි මෙම ලිපිය දිග හැරෙන්නේ.

Fast 8

fast8poster

ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත් Fast and Furious කතා මාලාවේ අටවන සිනමා නිර්මාණය Fast 8 (Fast and Furious 8 හෝ Furious 8), 2017 වසරේ තිරගත වීමට නියමිතයි. F. Gary gray විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම නිර්මාණය සදහා සුපිරි හොලිවුඩ් නළු නිළියන් වන Vin Diesel, Michelle Rodriguez, Dwayne Johnson, Tyrese Gibson ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ. Fast 8 සිනමා පටය 2017 වසරේ අප්‍රේල් 14 දින නිළ වශයෙන් එළි දක්වන බව වාර්තා වේ.

Pirates of the Caribbean: Dead men tell no tales

pirates-caribbean-5-filming-australia

ලොව බොහෝ සිනමාලෝලීන් අතර ඉමහත් ප්‍රසාදයට ලක්වූ තවත් සිනමා කතා මාලාවක් වන්නේ Pirates of the Caribbean කතා මාලාවයි. මෙහි පස්වන සිනමා නිර්මාණය Pirates of the Caribbean: Dead men tell no tales ලෙස 2017 වසරේදී තිරගත වීමට නියමිතය. Joachim Ronning හා Espen Sandbery විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය Disney pictures මගින් නිෂ්පාදනය කොට ලොව පුරා ප්‍රචාරය කරනු ලබයි. සුපුරුදු පරිදි කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස සුපිරි නළු Johnny deppද හෙක්ටර් බාබෝසා ලෙස Geoffrey Rush ද, ගිබ්ස් ලෙස Kevin Mcnelly ද රංගනයෙන් දායක වන බව වාර්තා වන අතර පසුගිය චිත්‍රපටයේ දක්නට නොලැබුණු විල් ටර්නර්ගේ චරිතය මෙවර චිත්‍රපටයේදී නැවතත් සිනමාලෝලීන්ට දැකගත හැකි වනු ඇත. මෙම නිර්මාණය 2017 වසරේ මැයි 26 දින තිරගත කිරීමට සැලසුම් කර ඇත.

World war z

world-war-z-banner-1

ලොව පුරා පැතිරී යන වයිරසයක් හේතුවෙන් මිනිසුන් සෝම්බීන් ලෙස පරිවර්තනය වන තේමාවක් වටා ගෙතුනු World war z පළමු සිනමා පටය ජනප්‍රියත්වයට පත්විය. එහි දෙවන චිත්‍රපටය ලෙස World war z 2 2017 වසරේදී ඔබට නැරඹිය හැකි වනු ඇත. මෙම නිර්මාණය සදහා ප්‍රධාන චරිතයෙන් සුපුරුදු පරිදි Brad pitt රංගනයෙන් දායක වන අතර එය නිෂ්පාදනය කරනු ලබන්නේ ද ඔහු විසින්ය. World war z 2, ලබන වසරේ ජූනි 9වනදා සිට තිරගත වේ.

Transformers: Last Knight

800px-transformers_the_last_knight_poster

ලෝකප්‍රකට විශාල රොබෝවරුන් බවට පත්වන මෝටර් රථ පිළිබද කතා මාලාව වන Transformersහි පස්වැන්න Transformers: Last Knight සිනමාපටය ලබන වසරේදී තිරගත වීමට නියමිතය. විද්‍යා ප්‍රබන්ධ හා ක්‍රියාදාම යන කාණ්ඩයන්ට අයත් වන මෙය Michael Bay විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අතර එය 2017 වසරේ ජූනි 23 සිට ලොව පුරා තිරගත වේ.

Despicable me 3

despicable-me-3-wallpaper

ඇනිමේෂන් චිත්‍රපටවලට ප්‍රිය කරන්නන් ඉමහත් ආදරයෙන් වැළදගත් Despicable me කතා මාලාවේ හතරවැනි සිනමාපටය Despicable me 3 ලෙසින් 2017 වසරේදී තිරගත වේ. Cinco paulහා Ken Daurio ගේ තිරපිටපතට අනුව Pierre Coffin විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම නිර්මාණය 2017 වසරේ ජූනි 30 වනදා නිකුත් කරන බව සඳහන් වේ.

One response to “2017 වසරේ කරළියට එන සුපිරි ෆිල්ම්ස් 5ක්.

Leave a comment