ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 10.

අද වන විට ලොව පුරා විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා අන්තර්ජාලය භාවිතා කරනු ලබනවා. ශ්‍රී ලංකාවේද එය එසේමයි. අනතර්ජාලය තුළ විවිධ වර්ගයේ හා විවිධ ක්ෂේත්‍රවලට අදාල වෙබ් අඩවි බිලියනකට අධික ප්‍රමාණයක් අඩංගු වනවා. එම විශාල වෙබ් අඩවි ප්‍රමාණය අතරින් ශ්‍රී ලාංකිකයන්ගේ හිත දිනාගත් එනම් ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම් අනුව වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් දෛනිකව පිවිසෙන වෙබ් අඩවි 10 පිළිබඳවයි පරිගණක පියස වෙබ් අඩවියේ මෙම ලිපිය දිග හැරෙන්නේ.

Google

hero-dhp-chrome-win

ලෝකයේ වැඩිම දෙනෙකු භාවිතා කරනු ලබන සෙවුම් යන්ත්‍රය (Search engine) වන ගූගල් සමාගමට අයත් Google.lk හා Google.com යන වෙබ් අඩවි, ලංකාවේ ජනප්‍රයම වෙබ් අඩවි අතර පිළිවෙලින් පළමු හා දෙවන ස්ථායන්හි වැජඹෙනවා. අන්තර්ජාලයේ ඇති ඕනෑම දෙයක් සැණින් සොයා ගැනීමට පමණක් නොව විවිධ සේවාවන් සඳහාද ගූගල් සහය දක්වනවා.
http://www.Google.lk , http://www.Google.com

Youtube

youtube-homepage

ලොව විශාලතම විඩියෝ ෂෙයාරින් වෙබ් අඩවිය වන Youtube ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි අතර තෙවන ස්ථානයේ පවතිනවා. 2005 ආරම්භ කරන ලද Youtube වෙබ් අඩවිය, වර්ෂ 2006දී ගූගල් සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන එකකට මිළදී ගනු ලැබුවා.
http://www.Youtube.com

Facebook

facebooknew

ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි අතර සිව්වන ස්ථානය හිමි කර ගනු ලබන්නේ අප කවුරුත් දන්න ලංකාවේ ආණ්ඩු පෙරලීමට පවා සමත්කම් දක්වන ෆේස්බුක් (Facebook) සමාජ ජාළයයි. වර්ෂ 2005දී මාර්ක් සකබර්ග් විසින් ආරම්භ කරන ලද Facebook මේ වන විට විශාල පිරිසක් භාවිතා කරන හා විශාල වශයෙන් ආදායම් උපයන සමාජ ජාළයක් බවට පත්ව ඇත.
http://www.Facebook.com

Hiru fm

untitled

ABC මාධ්‍ය ජාළයට අයත් හිරු fm ගුවන්විදුලි නාළිකාවේ නිළ වෙබ් අඩවිය වන Hirufm.lk, පස්වන ස්ථානයේ රැදී සිටිනවා. මෙම වෙබ් අඩවිය මගින් හිරු එෆ් එම් ගුවන්විදුලි නාළිකාවට සජීවීව සවන්දීමටත් නවතම ගීත, ගුවන්විදුලි වැඩසටහන් බාගත කිරීමටත් පහසුකම් සපයනු ලබනවා.
http://www.Hirufm.lk

ikman.lk

1

ලංකාව තුළ සිටින විකිණුම්කරුවන් හා ගැනුම්කරුවන් එකට මුණ ගස්වනු ලබන තෝතැන්නක් ලෙස ikman.lk ඉමහත් ජනප්‍රියත්වක් උසුලනවා. එය මෙම ශ්‍රේණිගත කිරීමේ හයවන ස්ථානය හිමි කර ගෙන ඇත. ඕනෑම අයෙකුට තමන්ගේ විකිණුම් භාණ්ඩය පිළිබද දැන්වීමක් නොමිළේ ikman.lk වෙබ් අඩවියේ පළකිරීමටත්, ගැනුම් කරුවන්ට තමන්ට අවශ්‍ය භාණ්ඩය සොයා එහි නියම විකිණුම්කරුව සම්බන්ධ කර ගැනීමටත් අවශ්‍ය පහසුකම් මෙම වෙබ් අඩවිය මගින් සපයයි.
http://www.ikman.lk

Blogger

blogger-homepage

ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ නම් Blogger යන්න අළුත් දෙයක් නොවනු ඇත. ඉක්මනින් හා පහසුවෙන් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යකරන පහසුකම් සපයන Blogger.com වෙබ් අඩවිය ලංකාවේ හත්වන ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමේ සඳහන් වේ.
http://www.Blogger.com

Yahoo.com

yahoo-screenshot

ලොව දෙවැනි ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය ලෙස හැදින්වෙන Yahoo.com වෙබ් අඩවිය අටවන වෙබ් අඩවියයි. 1994 ජනවාරි Jarry Yang හා David Filo යන දෙදෙනා විසින් ආරම්භ කළ Yahoo සෙව්ම් යන්ත්‍රයේ දැනට ප්‍රධානත්වය දරනු ලබන්නේ Marissa Mayer නම් ඇමරිකානු ජාතික කාන්තාවක විසිනි.
http://www.Yahoo.com

wikipedia

868px-german_wikipedia_screenshot_-_2007-07-16

ලොව දැවැන්තම ඔන්ලයින් විශ්ව කෝෂය වන wikipedia නවවන ස්ථානයේ පසුවනවා. ඕනෑම ක්ෂේත්‍රයකට අදාලව විවිධ භාෂාවලින් ලිපි විශාල ගණනක් ඇතුලත් විකිපීඩියා පිළිබදව අප විසින් කලින් පළ කරන ලද ලිපිය මෙතනින් කියවන්න.
http://www.wikipedia.org

Ebay

ebay-homepage

අන්තර්ජාලය ඔස්සේ යම් භාණ්ඩයක් ඇණවුම් කිරීමට අවශ්‍යනම් මුලින්ම මතකයට නැගෙන්නේ Ebay වෙබ් අඩවියයි. ලොව පුරා පැතිරී ඇති ඕනෑම භාණ්ඩයක් විශ්වාසනීයව මිළදී ගැනීමට හැකි සේවාවක් ලෙස Ebay ජනප්‍රිය වී ඇත. මෙම Ebay වෙබ් අඩවිය ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි අතර දසවන ස්ථානයේ රැදී සිටියි. Ebay ගැන ඔබ නොදන්නා දේ පිළිබඳව කලින් පළ කල ලිපිය මෙතනින් කියවන්න.
http://www.Ebay.com

ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර ජනප්‍රියම වෙබ් අඩවි 10 පිළිබදව මෙම ලිපියෙන් ඔබව දැනුවත් කළ අතර වැඩිදුර විස්තර අවශ්‍යනම්, ඇලෙක්සා වෙබ් අඩවියට පිවිස සම්පූර්ණ ශ්‍රේණිගතකිරීමේ ලේඛනය කියවන්න. අළුත්වන ලෝකයේ තාක්ෂණික පුවත් සඳහා අපගේ පරිගණක පියස ෆෑන් පේජ් එක ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ශෙයාර් කරන්න.
මෙම සම්පූර්ණ ලිපිය ඔබට අවශ්‍යනම් ආකර්ෂණීය PDF ලිපියක් ලෙස නොමිළේ බාගත කළ හැක. ඒ සඳහා මෙතන ක්ලික් කරන්න.

සැකසුම – බවන්ත හේරත්

One response to “ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 10.

  1. Pingback: ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 10. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a comment