2009-11-12

AVI - DivX,Xvid - MPEG-4, MPEG2 - DVD

මම වැඩිය DVD players ගැන නම් දන්නෙ නෑ.
ඒත් media encoding formats ගැන නම් ටිකක් විත‍ර දන්නවා.
DivX හා Xvid දෙකම ගොඩක් එක වගේ. DivX එකේ Opensource එක වගේ තමයි Xvid. DivX
encoder එකෙන් DivX avi වීඩියෝ හැදෙනවා. Xvid encoder එකෙන් Xvid හා DivX
දෙකෙන්ම avi ෆයිල් හදන්න පුළුවන්. aXXo release කරන DivX avi rips convert කරල
තියෙන්නෙ Xvid writing library එකෙන්.
මොනව වුනත් හැදෙන avi ෆයිල් එක Mpeg 4 ASP කියන වර්ගයට අයත් එකක්. ඒ නිසා බොහෝ
MPEG 4 decoders වලින් මේ DivX හා Xvid ෆයිල් දෙකම play ක‍රන්න පුළුවන්. ඒව H.263.
නිකම්ම mpeg 4 video කිවම නම් කියවෙන්නෙ AVC ගැන... ඒ කිවුවෙ H.264..... x264 තමයි ඒවට තියන මරුම encoder එක.... දැන් x265 encoder එක තියනව, H.265 (HEVC) video තමයි අලුත්ම tend එක....

avi ෆයිල් වල FourCC කියල එකක් තියනවා. DivX ඒවගෙ මේක DX50, DIVX, DIV3 වගේ
එකක් තියෙන්නෙ. Xvid වල XVID වගේ එකක් තියෙන්නෙ.
Data DVD support කරන DVD Players වල සමහ‍රවිට DivX play වුනාට Xvid play
නොවන්න පුළුවන්. එතකොට ඒ Xvid ෆයිල් වල XVID කියල තියන FourCC එක DIVX කළොත්
බොහෝවිට play වෙනව. ඒක නිසා Nero වගේ burner එකකින් Data DVD වල avi write
ක‍රද්දි FourCC වල XVID තියන ඒව DIVX ක‍රන්නද කියල options පවා තියනව. මේකට
වෙනම convert කිරීමක් ඕනෙ වෙන්නෙ නෑ. තප්ප‍රෙන් වෙනස් වෙනව.
AVI FourCC code Changer වගේ tool එකකින් ක‍රන්න පුළුවන්.
http://www.free-codecs.com/AVI_FourCC_Code_Changer_download.htm
DVD player එක Xvid support නොක‍ර DivX support ක‍රයි නම් විවිධ avi ෆයිල්
කීපයක DX50, DIVX වගේ DivX FourCC දාල try ක‍රල බලන්න.
Nero 9 එකේ FourCC change option එක හොයාගෙන ඒකෙන් DVD write ක‍රලත් බලන්න
පුළුවන්!
http://forums.afterdawn.com/thread_view.cfm/158182
.MP4 support ක‍රනවනම් Avidemux වගේ එකකින් audio video stream 2 avi එකෙන්
අරන් mp4 එකක් අස්සට ඔබල .mp4 ෆයිල් එකක් හදාගන්න convert නොක‍ර Direct Stream
COPY මගින්.
නැත්නම් DivX වලට convert ක‍රන්න වෙයි.
Convert කලොත් නම් වෙලාවත් යනවා, Quality එක අවුල් වෙනවා, size එකටත්
බලපානවා!.. :(
කෙළින්ම avi නැතුව MPEG-2 vob වලින් DVD Video එකක් ගහනව නම් ConvertXtoDVD වගේ
එකක් භාවිතා කරන්න
http://www.vso-software.fr/products/convert_x_to_dvd/
-

No comments:

Post a Comment

something,anything...