DATA වියදම් නොකර, නොමිළේ facebook යන්න.

අදවනවිට බොහෝදෙනෙකු ෆේස්බුක් සමාජ ජාළය භාවිතාකිරීමට පුරුදුවී සිටිනවා. නමුත් ඔබගේ දුරකථනයේ මුදල් හෝ Data නාස්ති නොකර සම්පූර්ණයෙන්ම නොමිළේ ෆේස්බුක් වෙත පිවිසීමට හැකිබව ඔබ දැනසිටියාද? මෙම Free facebook සේවාව හදුන්වාදී දැනට වසර කිහිපයක් ගතවී ඇතත් මේ පිළිබදව දන්නා පිරිසට වඩා නොදන්නා පිරිස බහුල බැවින් මේ සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නෙමු.

2010 වසරේ facebook සමාගම නිර්මාණය කළ මෙම free facebook සේවාව සදහා සහය දක්වන අන්තර්ජාළ සේවා සපයන ආයතනවල (ISP) පාරිබෝගිකයින්ට මේ හරහා නොමිළේ ෆේස්බුක් වෙත පිවිසිය හැකියි. දැනට ලංකාවේ මොබිටෙල් ආයතනය මේ සදහා සහය දක්වන අතර එමගින් මොබිටෙල් පාරිබෝගිකයන්ට මෙම සේවාව ලබාගත හැකියි.

මෙම සේවාව ඔස්සේ නොමිළේ facebook වෙත පිවිසීමේදී පිංතූර දර්ශනය නොවන අතර අකුරු පමණක් දර්ශනය වේ. ඔබට නැරඹීමට අවශ්ය පිංතූර මත ක්ලික් කිරීමෙන් ඒවා නැරඹිය හැකි අතර එහිදී පමණක් සාමාන්ය ගාස්තු අදාල වේ.

කෙසේවෙතත් මෙමගින් ඔබට ස්ටේටස් අප්ඩේට් කිරීම, ලයික් කිරීම, චැට් කිරීම වැනි ක්‍රියා සාමාන්ය පරිදි සිදුකල හැක.
මෙම free facebook සේවාව ලබාගැනීම සදහා ඔබ කලයුත්තේ පහත දැක්වෙන සබදතා (links) ඕනෑම එකක් භාවිතා කර facebook වෙත පිවිසීම පමණි.

 

සැ.යු:- free facebook සේවාව සදහා අවම වශයෙන් ඔබගේ ගිණුමේ ශතයක් හෝ තිබිය යුතුයි.

Leave a comment