මානව හිමිකම් පිළිබද පොත් කට්ටලයක්, නොමිළේ නිවසටම.

ලොව ජීවත්වන සෑම පුරවැසියෙකුටම මානව හිමිකම් සතුවනවා. ඔබට හිමි මානව හිමිකම් ගැන ඔබ දැනුවත්ද? ඔබ ඒ පිළිබදව දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත් වනවා. මන්ද ඔබට අසාධාරණයකට ලක් නොවී ජීවත්වීමට ඉඩ සලසන්නේ ඔබ සතු මානව හිමිකම් මගිනි.

“මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමට ඇති අයිතීන් මානව හිමිකම් ලෙස සරලව හැදින්විය හැකියි.

වර්ෂ 1945 දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග මානව හිමිකම්වල අවශ්යතාව ලෝකයට දැනෙන්නට විය. එමනිසා 1948දී එක්සත් ජාතීන්ගේ සංගමය, මානව හිමිකම් ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් මානව හිමිකම් 30ක් පිළිබදව විස්තර කෙරේ.

එම මානව හිමිකම් ගැන ලෝකය දැනුවත් කිරීමට බැදීසිටින ආයතනයක් ලෙස YOUTH FOR HUMAN RIGHTS හැදින්විය හැකි අතර එම ආයතනය මගින් නිකුත් කරන මානව හිමිකම් පිළිබදව සම්පූර්ණ විස්තර සහ සංවේදී වීඩියෝපට ඇතුලත් පොත් හා DVD තැටියකින් සමන්විත කට්ටලයක් නොමිලේ නිවසටම ගෙන්වාගත හැකියි.

ඒ සදහා ඔබ කලයුත්තේ youth for human rights නිළ වෙබ්පිටුවෙහි ඇති පෝරමය (form) නිවැරදිව පිරවීම පමණි.

ඔබගේ කට්ටලය ඇනවුම් කිරීඅම සදහා ‘මෙතන’ ක්ලික් කරන්න.

Leave a comment