රියදුරු බලපත්‍රයත්, ස්මාට් දුරකථනය මතට ගෙනේ.

සෑම පහසුකමක්ම පාහේ ඇඟිලි තුඩු අතරට ගෙන ඒමට සමත් ස්මාට් තාක්ෂණය (smart technology) භාවිතා වන අද ලෝකයේ, මෙතෙක් භාවිතා වූ කඩදාසි නැතිනම් ප්ලාස්ටික් සාම්ප්‍රදායික රියදුරු බලපත්‍රය වෙනුවට ස්මාට් ජංගම දුරකථනයක ගබඩා කළ හැකි ඩිජිටල් පිටපතක් ලෙස නවීකරණය කිරීමට සැලසුම් කරන බව වාර්තා වෙනවා. මේ කාරණය අදාල වන්නේ ලංකාවේ අපට නොව අසල්වැසි ඉන්දියාවටයි.

ඉන්දියාවේ පරිපාලන වියදම් අවම කිරීමත්, නව තාක්ෂණය ඔස්සේ රියදුරන්ටත්, පොලීසියටත් පහසුකම් සැලසීමත් හා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව අනතුරු අවම කිරීමේ රාජකාරී සිදුකිරීමත් යන හේතුන් ප්‍රධාන කොට ගෙන මෙම නව රියදුරු බලපත්‍ර ක්‍රමය හදුන්වා දෙනු ලබයි. නව සේවාව මගින් රියදුරන්ට ඔවුන්ගේ රියදුරු බලපත්‍රය, වාහනයේ ලියකියවිලි ආදිය ඔවුන්ගේ ජංගම දුරකථනයේ ගබඩා කරගෙන අවශ්‍ය විට එය ඉදිරිපත් කළ හැකිය. මේ සඳහා ඉන්දියානු රජය නිර්දේශ කරනු ලබන Digilocker නම් යෙදුම ස්ථාපනය (install) කරගෙන ඒ සඳහා ලියාපදිංචි වීය යුතුය. ඉන්පසු එම ලියකියවිලි, අදාල යෙදුමට අයත් සර්වර් පරිගණකය තැන්පත් වන අතර යම් හෙයකින් ජංගම දුරකථනයට හෝ අදාල යෙදුමට හානියක් වුවහොත් නැවත ලියකියවිලි ලබා ගත හැකිය. ඉන්දියානු පොලීසියද මෙම නව ක්‍රමවේදය අනුමත කොට ඇත.

Digilocker යෙදුමේ Screenshots

Digilocker යෙදුමේ Screenshots

ඉන්දියාව විසින් පසුගිය වසරේදී (2015) ඉහත කී Digilocker හදුන්වා දෙනු ලැබුවේ ඕනෑම අයෙකුට තමන්ගේ වටිනා කියන ලියකියවිලිවල පිටපත් ආරක්ෂාකාරීව තැන්පත් කිරීමට කදිම යෙදුමක් වශයෙනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවලද මේ ආදි ක්‍රම භාවිතා කරන අතර නුදුරු දිනයකදී අප රටේද මෙවැනි ක්‍රමයක් සඳහාද රජයේ අනුමැතිය ලැබෙනු ඇත.

සැකසුම – බවන්ත හේරත්
ටෙලිග්‍රාෆ් ඇසුරිණි.

3 responses to “රියදුරු බලපත්‍රයත්, ස්මාට් දුරකථනය මතට ගෙනේ.

  1. Pingback: රියදුරු බලපත්‍රයත්, ස්මාට් දුරකථනය මතට ගෙනේ. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a comment