Mobitel LiveScreen මගඩිය

මෑතකදි මමයි අම්මයි දෙන්නම අළුත් මොබයිල් ෆෝන් දෙකකට මාරු වුණා. ඉතින් පරණ එකෙන් අළුත් එකට මාරු වෙද්දි අළුත් ෆෝන් එකට ගැළපෙන විධියට සිම් එකත් මාරු කරන්න වුණා. පරණ සිම් එක ඉවත් කරලා අපට Micro SIM එකකුත් Nano SIM එකකුත් තිබුණු පරණ දුරකථන අංක වලටම ලබාගන්න සිදුවුණා.

අළුත් සිම් දාපු හැටියේ මෙන්න එනවා SMS එකක්, Welcome to LiveScreen කියලා… මේ මොකක්ද? අපි ඒ ගැන ඒ හැටි හිතුවේ නෑ. නමුත්, මෙන්න දවසක් දෙකක් ගියාට පස්සෙ එනවා pop-up messages.

Remedies for all your problems! Get 1 Home Remedy daily @Rs.30/ month. Click OK!

මම නම් දන්නවනේ මේ මොකක්ද කියල. හොඳ වෙලාවට අම්මා මේකට අහුවෙලත් නෑ. ෆෝන් එක පාවිච්චි කර කර ඉන්නකොට, එක්කෝ ෆෝන් එක සාක්කුවෙ තියෙද්දි, මේ පොප් අප් message එක එනවා. වැරදිලාවත් OK එක ක්ලික් වුණොත් රුපියල් තිහක් එක්ක බදු මුදලකට කෙළවෙනවා.

පිටකොටුවෙ පේමන්ට් එකේ බාල බඩු විකුණන තොරොම්බල් වෙළෙන්දෙකුගෙ තත්වයට මේ ආයතනත් පත් වෙලා දැන්. මේ ගැන Facebook හරහා කතා කරද්දි අහන ප්‍රශ්න වලින් ලිස්සලා යන්නත් Mobitel ආයතනය ප්‍රවේසම් වෙනවා. 🙂

ඉතින් මේ මගඩිය නවතින වගක් පේන්න නැති නිසා අළුතින් Mobitel SIM එකක් ගන්න අයටත්, පරණ නොම්මරේටම අළුත් SIM එකක් Mobitel වෙතින් ලබාගන්නා අයටත්, SIM එක ෆෝන් එකට දාගෙන ඒක ඇක්ටිව් වුණු ගමන්ම කළ යුතු පළවෙනිම කාරිය විධියට LiveScreen ඉවත් කරන හැටි කියා දෙන්න.

Menu (app drawer) –> SIM Toolkit –> LiveScreen –> Activate –> Deactivate –> Confirm

හැක්ඃ! Confirm කරන්නත් අහනවා.. 😀 හැම දේම අද කාලේ “OK Google, get me a home remedy for…” කියල හොයාගනිද්දි මාසෙට රුපියල් තිහක් ගෙවල දවසට SMS එක ගානේ ගෙන්නගන්න අපට පිස්සු නෑ. 🙂

Mobitel LiveScreen මගඩිය

13 thoughts on “Mobitel LiveScreen මගඩිය

  1. මේ වගේම එකක් ඩයලොග් වලත් ටික දවසක් තිබුනා මතකයි. පොප්අප් ඇඩ් එනවා. ඒත් මතක විදියට නම් ඒකේ OK කලත් නැවත confirm කරන්න ඕනේ.

      1. Sudheera says:

        actually, there is a sim tool kit menu for Lumia, go to settings, then network and wireless, choose cellular and sim. in here you can find sim settings

    1. That’s right. In the Complaint Procedure section of TRC website they expect us to talk to the telecommunication service provider and give them sufficient time to resolve the matter. In my I was able to talk to Mobitel and sort it out (after making many phone calls), so I didn’t proceed with the complaint.

      If this isn’t the case with yours, go ahead with a complaint.

Leave a comment