ජීවිතේ මට දුන්නු

ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ
මගේ පණ නල ඔබ අතේ රැදුනේ
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා //

සතුරු අනතුරු මා වටේ එන්නේ
රුදුරු බියකරු සතුන් විලසින්නේ
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා //

හිරු උදා වී දවස ඇරඹෙන්නේ
දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා //

අඳුරු සිතුවිලි වලින් වට වෙන්නේ
දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ
රැක ගන්න සමිඳුනි මා
රැක ගන්න සමිඳුනි මා //

කිතුනු ළමා ගී (1) 31 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න