අපගේ ජීවිත රහසයි

පුන ගැයුම:

අපගේ ජීවිත රහසයි
අපගේ ජීවිත අරුතයි
පෙන්වා දෙනු මැන කිතු සමිඳේ
අප දිවි ගමනට එලිය ඔබයි

ඔබගේ කැපවුණු ජීවිතයේ
මඟ අප ගත යුතු වේ
අප දිවි ඔබගේ ජීවිතයේ
සලකුණ විය යුතුවේ

හරි මඟ යාමට දිවි ගමනේ
එඩිතර විය යුතුවේ
මිනිස් වගේ සුව පිණිසැ අපේ
සිත් යොමු කළ යුතු වේ

අගනා මානව ජීවිතයේ
නිසි පල ගත යුතුවේ
ජනතා සේවය පිණිසැ අපේ
දිවි කැප කළ යුතුවේ

ඔබට පසස ගී (6) 29 පිටුව

1 thoughts on “අපගේ ජීවිත රහසයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න