මගී ආරක්ෂාවක් නැති මෝටර් රථ 05ක් ලංකාවේ

මගී ආරක්ෂාවක් නැති මෝටර් රථ 05ක් ලංකාවේ

මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෝටර් රථ 05ක ආරක්ෂාව ඉතාම පහළ මට්ටමක පවතින බවට අනාවරණ වී ඇත.

ලොව නිෂ්පාදනය කරන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදු කරන බ්‍රිතාන්‍ය සමාගමක්වන Global NCAP (Global New Car Assessment Programme) ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වා තිබේ.

ඒ අනුව ඉන්දියානු මෝටර් රථ 05ක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර ඇත. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී එම වාහන වර්ග 05ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම එහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වය වේ.

එලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ 05වන්නේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග ය.

එම මොටර් රථ 05 සම්බන්ධයෙන් Global NCAP විසින් නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වන්නේ මෙලෙසිනි,

Renault Kwid වර්ගයේ එයාබෑග් සහිත වහනයක් ද ඇතුළු ව වාහන 03ක් යොදා ගනිමින් පරීක්ෂණයක් සිදු කර තිබේ. එහි ආරක්ෂාව ඉතා ම අඩු බවත් අනතුරක දී වාහනයේ සැකිල්ලට දැඩි සේ හානි සිදුවන බවත් එමගින් තහවුරු කරගෙන ඇත.

එසේ ම Renault Kwid (I) වාහනය පිළිබඳ සිදු කළ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු තරුවක් හිමි වී නොමැති බවයි. එහෙත් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ තරු 02ක් ඊට හිමි වී තිබේ.

Mahindra Scorpio මෝටර් රථයේ ද වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳ සිදු කළ පරීක්ෂණය සඳහා කිසිදු තරුවක් හිමි වී නොමැති අතර ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ තරු 02ක් හිමි වී තිබේ. එසේ ම එහි සැකිල්ල ඉතාම අස්ථායි එකක් බවට ද අනාවරණ වී තිබේ. එම මෝටර් රථයේ එයාබෑග් නොමැත.

Maruti Suzuki Eeco

මෙම මෝටර් රථයේ ද වැඩිහිටියන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු තරුවක් හිමි වී නොමැති අතර ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ තරුවක් හිමි වී තිබේ. එහි ද එයාබෑග් නොමැත.

Hyundai Eon

එයාබෑග් නොමැත. වැඩිහිටියන්ගේ ආක්ෂාව පිළිබඳ තරු හිමි වී නොමැති අතර ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ තරු 02ක් හිමි වී ඇත. එසේ ම රියැදුරු අසුනට යාබද ඉදිරි පෙළ අසුනේ සැකිල්ල ඉතා දුර්වල බව ඊට අදාල ව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

Maruti Suzuki Celerio මෙම මෝටර් රථයේ ද ආක්ෂාව පිළිබඳ සිදු කළ පරීක්ෂණයේ දී ඒ සඳහා වැඩිහිටි ආක්ෂාව සඳහා තරු හිමි වී නොමැති අතර ළමුන්ගේ ආක්ෂාව සඳහා එක් තරුවක් හිමි වී ඇත. මෙහි ද එයාබෑග් නොමැත.

එම වාහන 05 සම්බන්ධයෙන් Global NCAP විසින් නිකුත් කළ සම්පූර්ණ අධ්‍යයන වාර්තා පහතින්,

Renault Kwid (III) එයාබෑග් සහිත

Renault Kwid (III) එයාබෑග් රහිත

Renault Kwid (I) එයාබෑග් රහිත

Suzuki Maruti Celerio එයාබෑග් රහිත

Suzuki Maruti Eeco එයාබෑග් රහිත

Hyundai Eon එයාබෑග් රහිත

Mahindra Scorpio එයාබෑග් රහිත

එයාබෑග් රහිත Renault Kwid (I) වර්ගයේ මෝටර් රථයක් අනතුරුට ලක්වන ආකාරය සම්බන්ධයෙන් Global NCAP විසින් නිකුත් කළ වීඩියෝවක් පහතින් නරඹන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න