ජේස්වරී

Posted: July 4, 2016 in Uncategorized

කූඩය ඉනේ බැඳ
හිමිදිරි පාන්දර
තේ දලු නෙලන්නට
යනවා වත්ත වෙත
හැලුනාට චුරු චුරුව
ඉදින්නට බෑ ගෙදර
කැපෙයි දවසේ පඩිය
නොගියොතින් අද වැඩ්ට
ණය තුරුස් නොබේරා
පැත්තෙ එන්නට එපා
ලැයිමෙ කෙලවර කඩේ
මුදලාලි කියනවා
මීනා ලොකු දූට
ඉස්කෝලෙ අදින්නට
තියනවා අද හෙටම
සුදු ගවුම මහන්නට
ජේස්වරී උඹ නිකන්
මොකට දුක් විදිනවද
මගෙ කාමරේ පැත්තෙ
ඇවිද පලයන් යන්න
ඉඩ තියන වෙලාවට
කංන්කානි මාතියා
එහෙම කීවාට මට
හිල් වෙච්ච වහල ඇති
ලයින් කාමරේ දුක
මටනම් සැපක්මයි
හුස්ම නැතිවෙනකම්ම

-සාගා-

Leave a comment