ඇමරිකාවට එල්ලවන දැවැන්ත පිටසක්වල ප්‍රහාරය, “Independence day 2”.

විශාල ආදායමක් උපයමින් 1996 තිරගතවූ, ඉමහත් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වූ Independence day සිනමාපටයේ දෙවන දිගහැරුම ලෙස Independence day 2 චිත්‍රපටය දිගහැරෙනු ලබනවා. පසුගිය ජූනි 24 (2016) දින සිට ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය ක්‍රියාදාම, වික්‍රම හා විද්‍යා ප්‍රබන්ධ යන කැටගරියන්ට අයත් වේ. Nicolas Wrightගේ තිර පිටපතට අනුව Roland emmerich විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම හොලිවුඩ් නිර්මාණය සදහා හොලිවුඩ් රංගන ශිල්පී Liam morriaon හා Jeff goldblum ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.

ඇමරිකා එක්සත් ජනපදයට එල්ලවන මාරාන්තික පිටසක්වල ප්‍රහාරයක් හා ඇමරිකානු ආරක්ෂක හමුදා එම ප්‍රහාරවලට මුහුණදෙන ආකාරය තේමාව කරගත් Independence day 2 සිනමාපටය සජීවිකරණ තාක්ෂණය උපරිම ආකාරයෙන් සාර්ථක ලෙස යොදාගෙන ඇති බව වාර්ථා වේ. Independence day පළමු කතාවේ එල්ලවූ පිටසක්වල ජීවී ප්‍රහාරයෙන් ඉතිරි වූ ජීවින් ඇමරිකාව තුළ සාමාන්‍ය මිනිසුන් අතරම ජීවත් වී, හොදින් සංවිධානය වී එල්ල කරන දෙවන ප්‍රහාරය පාදක කොට ගෙන මෙම සිනමාපටය දිවෙයි. මෙම දැවැන්ත සිනමා පටය සඳහා වියදම් වූ මුළු වියදම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 165 ක් ලෙස සදහන් වේ

සිනමා පටයේ නිළ ප්‍රචාරක පටය පහතින්.

ඔබගේ අදහස් පහළින් පළ කරන්න. තවත් මෙවැනි පුවත් සඳහා අපගේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.

සැකසුම – බවන්න හේරත්

One response to “ඇමරිකාවට එල්ලවන දැවැන්ත පිටසක්වල ප්‍රහාරය, “Independence day 2”.

  1. Pingback: ඇමරිකාවට එල්ලවන දැවැන්ත පිටසක්වල ප්‍රහාරය, “Independence day 2”. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a comment