Saturday, May 4, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමති අමාත්‍යාංශයේ කෑල්ලක් ගලවන් යයි




කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය අද (23) දිනයේ බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත ගෙනයන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.

ඔහු ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වමින් සඳහන් කළේ "කෘෂිකර්ම අමාත්‍යාංශයේ කොටසක් හැටියට රාජ්‍ය අමාත්‍ය කාර්යාලය ගොවිජන මන්දිරය වෙත ගෙන යනවා. අපි විශ්වාස කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනෙකුත් අංශත් මේ විදිහට මෙතනට එයි කියලා. " යනුවෙනි.

ඉකුත් රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ සිට රාජගිරිය ප‍්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙනයාම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වුණා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විදුර වික‍්‍රමනායක පැවසුවේ කඩිනමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සිය පැරණි නිවහන වන ගොවිජන මන්දිරය වෙත රැගෙන යන බවයි.

කෙසේවෙතත් සිය උත්සාහයට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගෙන් බාධා එල්ල වූ බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මීට පෙර නෙත් නිවුස් වෙත අනාවරණ කළා.

එවැනි තත්ත්වයක් හමුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය හෝ ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට තමන් තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.