Saturday, May 18, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ඉහළ පුටුවක් සහ පොලිසියේ තවත් ස්ථාන මාරුවීම්




බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පොලිස් අධිකාරී ආර්. එම්. පී. එන්. රත්නායක පත් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි. ඔහු මීට පෙර නුගේගොඩ කොට්ඨාශයේ රාජකාරී කළා.

මේ අතර වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. එස්. කුමාරසේන පානදුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

දොඩංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක 
ඩබ්ලිව්.  බී. එම්. සී. පී. එස්. බණ්ඩාර වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මීට අමතරව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 12 දෙනෙකුට සහ පොලිස් පරීක්‍ෂකවරුන් 13 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවා.

ස්ථාන මාරුවීම් ලැබූ එම නිලධාරීන්ගේ ලේඛණය පහතින් දැක්වේ.