Saturday, May 18, 2024

General line - 0115112241

සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ




සමන්තුරේ, සෙල්නල්ග‍්‍රාමය ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු ද සමන්තුරේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග‍්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි.