විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


cobweb   හප්පා……….මේ දවස්වල, ඔන්න ආයෙත්, එකසිය ගානට ජාලය පුරා කරක් ගහන්ඩ පටන් ගත්තා, පරණ යුද තොරතුරු ටිකක් හොයන්න. ඒ අල්ල පනල්ලේ දැක්ක දෙයක් තමයි, අද මෙහෙම බෙදා හදාගන්න හිතුවේ. හැබෑටම තමුන්නැහෙලා ගෙදර නිකං (ඇඳුම් ඇඳගෙන නිකං හිටං) ඉන්න වෙලාවට, ඔය පොඩි පොඩි කරුමාන්ත වැඩ කොරන්නේ නැද්ද? වයසක උන්දෑ වුනාට මොකෑ, මමනං ඔය, කියත, මිටිය, නියන (ඔව් හැම එකක්ම) පාවිච්චි කොරලා, පොඩි පොඩි කරුමාන්ත කොරනවා. තමන්ගේ ගෙදර පොරෝජනේට කියලා, නිකං මේ බංකු කෑල්ලක්, කොලොම්බුවක්, වගේ දෙයක් හදාගත්තාම දැනෙන චිත්තප්පිරීතිය, කියලා නිමකොරන්ඩ බෑ ඕං. ඔන්න මම පහලින් දානවා පින්තූර ටිකක්. බලන්ඩකෝ හිටං. බලලා කියන්ඩකෝ හිටං, මොකෑ හිතෙන්නේ කියලා.

Project8

    බලන්ඩකෝ හිටං. ඔයවගේ පොඩි රාක්ක කෑල්ලක්, කුස්සියේ හරි, කාමරේක හරි හදාගන්ඩ පුලුවන්නං, කොච්චර පොරෝජං වෙනවද? 

Project9

   දඟකාර පැටවු දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරකට, උන්ගේ අඩුම කුඩුම තියාගන්න, මෙන්න මෙව්වාගේ එකක් හදලා දෙන්ඩ පුලුවන්නං හොඳයි නේද? ඔන්න හදන හැටි ගැන අදහසක් ගන්ඩ, පහල තියන පින්තූරේ බලන්ඩ.

Project11_1

 සපත්තු තියන්නයි, සපත්තු රාක්කය උඩ වාඩිවෙලා සපත්තු දාන්නයි, දෙකම කොරාගන්න මෙන්න බඩුවක්, හදන හැටිත් එක්කම.

Project16

   පහලින් තියනවා, චූටි රාක්ක කෑලි කීපයක්. ඒවා සෑහෙන්න පොරෝජං වෙන බව පේනවා.

Project26

Project36_3

Project45

Project152_7

   මේක නම් ගෙදරදී හදන්න අමාරු වෙයි. නමුත්, වඩුවැඩ දන්නා කෙනෙකුට, එතරම් අමාරු දෙයක් නෙවෙයි. බිත්තියට ගිල්ලවූ රාක්කයක්. 

Project40

 අද කාලේ, ගෙදරක තියන දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේ, ගෙදර නෝනා වුනත්, කියතක්, මිටියක්, ඉස්කුරුප්පු නියනක්, පාවිච්චි කරන හැටි දැන සිටීම වැදගත්. 

Project35_5

Project35_9

   ලෑලි කෑලි ටිකක් පුරුද්දන හැටි ඉගෙන ගැනීම, මහා ලොකු කජ්ජක් නෙවෙයි. ටිකක් කල්පනා කලාම, අදහස හිතට එනවා. තමන්ම හදාගත්තාම, කොච්චර සතුටක්ද? 

Project58

Project282

Project299 Project300

Project195

Project170_3

    මේ පහත තියන බහුකාර්ය කැබිනට්ටුව සහිත මේසය හදන්නත් ටිකක් දැනුම ඕනේ. ඔන්න හදන විදිහත් දානවා. 

Project109 Project110

  මේ මේසය නම්, හදන්න එච්චර අමාරු නැහැ.

Project208

Project209

   මේස විතරක් හදලා මදිනේ. ඔන්න ලස්සණ පුටුවකුත් තියනවා. මේ පුටුව හැදීම, හිතන තරම් අමාරු නැහැ.

Project313

Project315

   ඉතිං මොකද හිතෙන්නේ. විවේක වෙලාවල් තියන විටක, මෙවැනි දෙයක් කරන්න උත්සාහ කර බලන්න.

2016 ජූනි මස 21 වැනි දින 2243 පැය 

Comments on: "ගෙදරදි කළහැකි පොඩි පොඩි වැඩකිඩ" (4)

  1. පොඩියක් හිතල බලනවා නම් කොපමණ දේවල් කළ හැකිද විචාරකතුමා. මාත් ඔය විදිහට ගෙදරට අවශ්‍ය පොඩි පොඩි විදුලි/විද්‍යුත් තාක්ෂණය පැත්තට සීමා වුන දේවල්.

    • ඉස්සර මිනිස්සු නිකමටයැ කිව්වේ දෑතේ කරුමාන්තයක් බැරි එකාගෙන් වැඩක් නෑ කියලා ගුණසිංහ මහත්තයෝ. එකම රැකියාවකට කොටුවෙලා ඉන්න එක මටනම් මහා කම්මැලි වැඩක්.

      • විශ්‍රාම ගත්තම කොපමණ දේවල් කළ හැකිද ? වෘත්තීය අත්දැකීම් අදාල ආයතනය විසින් ඉවත දමන්නේ නැහැ. එය තමන්ට නීරස නම් වෙනත් යෙදිය හැකි කොතෙකුත් දේ තිබියදී උඩබලාගන සිටින බොහෝ අය අසහන කාරයන් බවට පත්ව සිටිනු දැකීම ඛේදවාචකයක් . මේ තත්වය සුලභ වීම අපේ වගේ රටවලට පමණක් සීමාවී ඇද්දැයි හිතෙනවා ඇමරිකාවෙ වැඩිම අදායමක් ලබමින් විනෝද සුවයෙන් ඉන්න අය අතරින් වැඩිම පිරිස විශ්‍රාමිකයන් බව පැවසෙනවා. එය මාත් අත්දකිමින් සිටින තත්ත්වයක් මෑත දී නිවාඩු දවසක ඇට්ලන්ටා උද්‍යානයට ගිය මා දුටු පිරිසගෙන් හරි අඩකටත් වඩා සීයලා අච්චිලා සහ මුණුපුරු මිණිපිරියන් බව දකින්නට හැකි වුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.