Star wars Battle front පරිගණක ක්‍රීඩාව.

විශ්වයේ එකෝමත් එක මන්දාකිණියක හෙවත් ගැලැක්සියක සිදුවන යුද්ධයක් හා ඊට අදාල පාර්ශව අතර සිදුවන ගැටුම් පිළිබඳ කතාවක් මෙම පරිගණක ක්‍රීවෙට තේමා කොටගෙන තිබේ. ලොව සුපතල ස්ටාර් වෝස් චිත්‍රපටයේ කතා තේමාව පාදක කරගෙන වසර 2004 සිට විවිධ සංස්කරණ ඉදිරිපත් කරන මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ අලුත්ම සංස්කරණය ස්ටාර් වෝස් බැට්ල් ෆ්‍රන්ට් (Star wars battle front)ය. මෙය නවතම ස්ටාර් වෝස් චිත්‍රපටයට සමගාමීව නිකුත් වූ පරිගණක ක්‍රීඩාවකි.

මෙහි ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් සිටිති. ඉන් එක් කණ්ඩායමක් විසින් එම ගැලැක්සිය දුර්දාන්ත පාලනයකට යටත් කරගෙන සිටී. ඊට විරුද්ධව සටන් කරන කණ්ඩායමේ උත්සාහය වන්නේ එම දරුණු පාලනයෙන් ගැලැක්සිය මුදා ගැනීමය. මෙහිදී පරිගණක ක්‍රීඩකයාට තමන් කැමති පාර්ශවයක් තෝරා ගෙන ක්‍රීඩා කළ හැක. එසේම එම පාර්ශව දෙකෙහි සෙබලුන්ට අමතරව එහි ඇති තවත් ප්‍රධාන චරිත කිහිපයක්ද මෙහෙයවමින් ක්‍රීඩා කළ හැක.

මෙම ගැලැක්සිය තුළ දෙපාර්ශවය අතර විවිධ මෙහෙයුම් සිදුවේ. ඒවා එකිනෙකට වෙනස් පරිසට තත්තවයන් යටතේ සිදුවන අතර සටන්වලට අවශ්‍ය අවි ආයුධ තමන් තෝරා ගත් පාර්ශවයට අනුව ලැබේ. යුධ බිමෙහි සිතියම් හා තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි නවීන අවි හා නවීන ගොඩබිමේ හා ගුවනේ ගමන් කළ හැකි යුධ වාහන යොදා ගනිමින් තමන්ගේ පාර්ශවය සටනේදී ජයග්‍රහණය දක්වා මෙහෙයවීම පරිගණක ක්‍රීඩකයාගේ වගකීම වේ.

ස්ටාර් වෝස් බැට්ල් ෆ්‍රන්ට් ක්‍රීඩාව තනි පුද්ගලයෙකුට හෝ නෙට්වර්ක් හෝ අන්තර්ජාළය භාවිතා කොට පුද්ගලයන් කිහිපදෙනෙකුට වුවද සෙල්ලම් කළ හැක. මෙහි ඇති තවත් විශේෂත්වයක් ලෙස සඳහන් වන්නේ එකම පරිගණකයක තිරය දෙකට බෙදා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ක්‍රීඩා කළ හැකි අවස්ථාව හිමිවීමයි.

නිළ ප්‍රචාරක පටය පහතින්.

සුප්‍රකට පරිගණක ක්‍රීඩා නිෂ්පාදනය කරන EA සමාගම නිෂ්පාදනය කර බෙදාහරින මෙම ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණ ස්ටාර් වෝස් චිත්‍රපටයේ ආකාරයට බෙහෙවින් සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත ත්‍රිමාණ සජීවිකරණය මගින් විශිෂ්ඨ ආකාරයෙන් නිමවා ඇත. වෙනත් පරිගණක ක්‍රීඩා වලට වඩා සංකීර්ණ වූ ග්‍රැෆික් නිර්මාණ හා නාද රටා මෙම ක්‍රීඩාවේ යොදාගෙන, එය චිත්‍රපටය තරමටම සමාන නිර්මාණයක් ලෙස එළිදක්වා ඇති බව විචාරකයන්ගේ මතයයි. මෙම ක්‍රීඩාව පිළිබද වැඩි විස්තර හා වීඩියෝ සඳහා බැට්ල් ෆ්‍රන්ට් වෙබ් අඩවියට පිවිසෙන්න.

තවත් මෙවැනි තොරතුරු සඳහා අපගේ පරිගණක පියස ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

One response to “Star wars Battle front පරිගණක ක්‍රීඩාව.

  1. Pingback: Star wars Battle front පරිගණක ක්‍රීඩාව. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a comment