රියදුරෙකු නැතිව ධාවනය වන ගූගල් කාර්.

කාර්යබහුල ලෝකයේ, රිය අනතුරුවලින් සිදුවන ජීවිත හානි හා දේපළ හානිවල විශාල වර්ධනයක් දක්නට ලැබේ. රියදුරන්ගේ ඇති නොසැලකිලිමත්බාවය, මෙම අනතුරුවලට මූලිකවම බලපාන බව නොරහසකි. ලොවපුරා මෙලෙස රිය අනතුරුවලින්, වසරකදී අහිමි වන ජීවිත ප්‍රමාණය මිලියන 12ක් බවද ඇමරිකාවේ සිදුවන රිය අනතුරුවලින් 94%ක්ම සිදුවන්නේ රියදුරන්ගේ වැරදි හේතුවෙන් බව වාර්තා වේ.

මෙයට පිළියමක් ලෙස රියදුරෙකු නොමැතිව, පරිගණකගත පද්ධතියක් මගින් මාර්ග නීති නියමාකාරයෙන් අනුගමනය කරමින් ධාවනය කළ හැකි වාහන නිපදවීම කෙරේ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ අතීතයේ පටන්ය. අතීතයේ විද්‍යා ප්‍රබන්ධ සිනමා පටවලට පමණක් සීමා වූ මෙම මෝටර් රථ අදවනවිට යථාර්තයක් වී හමාරය. ඒ ගූගල් සමාගම ඔවුන්ගේ ස්වයංක්‍රීය ධාවන මෝටර් රථ හදුන්වාදීමත් සමගය. එක් බටනයක් තද කිරීම මගින් ඔබට අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් හා ආරක්ෂිතව, රියදුරෙකු නොමැතිව ගමන් කළ හැකි මෝටර් රථ නිපදවීමට සුප්‍රකට ගූගල් සමාගම සමත් වී තිබේ.

ගූගල් සමාගමේ විශේෂිත ව්‍යාපෘතියකට අනුව මෙම සංකල්පය යථාර්තයක් බවට පත්වූ අතර අනික් මෝටර් රථවලින් ගූගල් මෝටර් රථ විශේෂ වන්නේ මේවා රියදුරෙකු රහිතව ස්වයංක්‍රීයව මගියාගේ අපේක්ෂා ඉටු කරන නිසයි. මෙම මෝටර් රථවල සවිකර ඇති විශේෂිත සංවේදක (Sensors), කැමරා (Cameras) හා ස්ථාපිත කර ඇති මෘදුකාංග මගින් තමන් වටා ඇති ගොඩනැගිලි, රථ වාහන, පදිකයන් හා මාර්ග සංඥා හදුනාගනිමින් ඒවා අතරින් රථය හැසිරවීම සිදුකරයි.

මෙහිදී ගමන් කිරීමට ප්‍රථම මුල් පියවර වශයෙන් තමන් දැනට ස්ථානගතව ඇති ස්ථානය නිශ්චය කර ගැනීම සිදුකරයි. මේ සඳහා සහය වන්නේ ගූගල් මැප් වැඩසටහනයි. මෙමගින් කුමන වීදියේ කුමන පටුමගේ, මෝටර් රථය නවතා ඇතිදැයි පහසුවෙන් හදුනාගත හැක. ඉන්පසුව මුලින් සඳහන් කරන ලද සෙන්සර්, කැමරා සහ මෘදුකාංග මගින් තමන් වටා ඇති ගොඩනැගිලි ආදි විවිධ ද්‍රව්‍යවල හැඩය, ප්‍රමාණය, චලන විස්තර ආදීය සලකා බැලෙයි. එහිදී පාපැදිකරුවෙකු හා පදිකයෙකු අතරින් වෙන්කොට හදුනාගැනීමට මෙම පද්ධතිය සමත් කම් දක්වන බව සඳහන් වේ. ඉන්පසුව මගියා විසින් පරිගණකය මත සටහන් කරන ගමනාන්තය දක්වා අදාල මාර්ග නීති පිළිබදිමින් ආරක්ෂිතව ගමන් කිරීමට ගූගල් ස්වයංක්‍රීය මෝටර් රථයට හැකිය.

features

ගූගල් සමාගම විසින් මෙම ස්වයංක්‍රීය මෝටර් රථ පද්ධතිය ඇතුලත් කරන ලද මෝටර් රථ, සැතපුම් මිලියන 1.5කට අධික දුර ප්‍රමාණයක් ධාවනය කරමින් පරීක්ෂාකර ඇති අතර ගූගල් මැප්හි ස්ට්‍රීට් වීව් පහසුකම සඳහා අවශ්‍ය වූ වීදිවල ඡායාරූප ලබාගැනීම සඳහාද යොදවන ලද්දේ මෙම ස්වයංක්‍රීය මෝටර් රථයකි.

පහත වීඩියෝව නරඹන්න.

කෙසේනමුත් අනාගතයේදී, මහා මාර්ගවල මෙම ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර්රථ සුලභ දර්ශනයක් වනු ඇති අතර එමගින් රිය අනතුරුවලින් විනාශ වන ජීවිත හා දේපළ හානි අවම වනු ඇත.

සැකසුම – බවන්ත හේරත්

(Google Self driving car project නිළ වෙබ් අඩවිය ඇසුරිීණි.)

Leave a comment