මගෙ පැලට ඔබ එන්න

Posted: May 26, 2016 in Uncategorized

රතු රෝස පඳුරේ
තාම මල් පිපෙනවා
පිපෙන මල් දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

උදෑසන ගෙවත්තට
වළිකුකුලො ඇදෙනවා
රඟන උන් දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

කබරගල කඳු වැටිය
මීදුමෙන් වැසෙනවා
ඒ සිරිය දැකගන්න
මගෙ පැලට ඔබ එන්න

වත්ත මායිම දෙසින්
මහවැලිය ඇදෙනවා
ගං දියේ පීනන්න
මගෙ පැලට ඔබ එන්න

කඳු මුදුනෙ පන්සලේ
සමිදු වැඩ ඉන්නවා
මල් පුදන්නට යන්න
මගෙ පැලට ඔබ එන්න

රෑ නිදන යහනේ
තනිකමක් දැනෙනවා
තනිය නැති කරගන්න
මගෙ පැලට ඔබ එන්න

-සාගා-

Comments

Leave a comment