ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙන් play කරන්න.

ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරින් ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් නම් ස්මාට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධකියට හිමි වන්නේ විශේෂ තැනක්. විවිධ කාර්යයන් සඳහා නිර්මාණය කරන ලද යෙදුම් (ඇප්ස්) විශාල සංඛ්‍යාවක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධකියට නිර්මාණය කර තිබෙනවා. මෙම යෙදුම් වෙනත් මෙහෙයුම් පද්ධතිවල උදාහරණයක් වශයෙන් වින්ඩොස් මෙහෙයුම් පද්ධකියක වැනි එකක ධාවනය කිරීමට හැකිනම් විශාල ඇප් ප්‍රමාණයක් පරිගණකය මගින් භාවිතා කිරීමට හැකි වනවා වගේම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාවන් පරිගණකය මගින් සෙල්ලම් කිරීමට හැකි වෙනවා. මෙලෙස ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්, සාමාන්‍ය ලෙස වින්ඩොස්හි ධාවනය කල නොහැකි අතර ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද එමියුලේටර් මෘදුකාංගයක් භාවිතා කිරීම මගින් ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් පරිගණකයේ භාවිතා කිරීමට හැකියි. මේ සඳහා හොද මෘදුකාංගයක් ලෙස බ්ලූස්ටැක්ස් (Bluestacks) මෘදුකාංගය නිර්දේශ කළ හැක.

bluestacks-new-logo-big

බ්ලූස්ටැක්ස් මෘදුකාංගය, ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් කිසිදු ගැටලුවකින් තොරව ඔබගේ පරිගණකයේ ධාවනය කිරීමට අවස්ථාව සලසනු ලබනවා. එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන අතර එය භාවිතා කිරීමට ඉතාමත් පහසු වීමද මෙහි ඇති විශේෂත්වයයි. බ්ලූස්ටැක්ස් ඉන්ස්ටෝල් කළ පසු එමගින්ම ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් සොයා ඩවුන්ලෝඩ් කරගෙන ධාවනය කල හැකිවීමද තවත් විශේෂත්වයකි.

මෙතනින් පිවිස බ්ලූස්ටැක්ස් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය පරිදි එහි ලබාදෙන උපදෙස් පරිදි ඉන්ස්ටොල් කරගන්න. පසුව එය විවෘත කර ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ලබාගන්න.

Screenshots

bluestacks-app-player_windows-1024x652

One response to “ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙන් play කරන්න.

  1. Pingback: ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙන් play කරන්න. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a comment