බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍

1069079200b

“මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?”
 
කාලයකට කලින් ඇහිච්ච කතාවක්.
 
බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක් නැහැ.
 
ලේ, ඇට, මස්, නහර වගේම සතුට, කඳුළ, දුක, බලාපොරොත්තු වලින් නිර්මාණය වුන මනුස්සයෙක්ට බඩුව වගේ වචනයකින් ආමන්ත්‍රණය කරද්දිම ඒ මනුස්සයාව අමානුෂීකකරණයට (dehumanize) ලක් වනවා. ඒ වගේ වචනයකින් ප්‍රකාශ කෙරෙන්නේ මනුෂ්‍යයෙකු ගැන හැඟීමක් වෙනුවට මෙවලමක් ගැන හැඟීමක්.
 
සමාජයෙන්ම නිර්ණය කරන මේ ‘හොඳ කෙල්ල’ කියන චරිතයෙන් ‘බඩුව’ වෙනස් වෙන්නේ කොහොමද කියන එක හිතල බලන්න වටින කාරණයක්.
 
ගැහැණියකගේ ගෞරවය සහ අවමානය තීරණය කෙරෙන ඔය අන්ත දෙක වෙන් කෙරෙන්නේ කොහොමද කියන එකට තියෙන්නේ සංකීර්ණ පැහැදිළි කිරීමක් නෙමේ.
 
ස්ත්‍රියගේ භූමිකාව විදියට සමාජය විසින් නිර්ණය කරන රාමුවට මෙපිටින් සිටින ගැහැණුන් හොඳ ගැහැණුන් වෙද්දි ඒ රාමුවට එපිටින් සිටින ගැහැණුන් නිතැතින්ම බඩු බවට පත් වෙනවා
 
අපේ සමාජයෙන් පිළිගන්නා හොඳ කෙල්ල කියල හඳුන්වන චරිතය මොනවගේ කෙනෙක්ද?
 
අපේ සමාජය හොඳ කෙල්ලෙක් විදියට හඳුන්වන්නේ හිමීට කතා කරන, අතින් කටවහගෙන හිනාවෙන, කකුළ් දෙක ලං කරල ඉඳගන්න, පොත් ටික පපුවට තුරුළු කරන් බිම බලාගෙන ඇවිදින, අත් දෙක බැඳගෙන රිටක් කෙළින් හිටෝලා වගේ බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්න, කොල්ලෙක්ගෙ උදව්වක් නැතුව මල් පෝච්චියක්වත් තනියෙම උස්ස ගන්න බැරි, උඹ බං කියන්නෙත් කුණුහරපයි කියලා හිතාගෙන ඉන්න, ‘පුක’ කිව්වත් අයියෝ ඌයි ගාන, විහිලුවක් කලාම කටවහගෙන චූ බරේ වගේ දෙපැත්තට ඇඹරි ඇඹරි බයිට් වෙන, එකට එක කියන්නෙ නැති, හයියෙන් කතා කරන්නෙ නැති, හයියෙන් හිනා වෙන්නෙ නැති, වයස 18 පැන්නයින් පස්සෙත් හැම දේටම තාත්තගෙයි කොල්ලගෙයි මිනිහගෙයි අවසර ඉල්ලන, තමාට ඕන දේ කරන්න කලින් ‘අරයා මොනවා කියයිද, මෙයා මොනවා හිතයිද, ගමේ අය මොනවා නොකියයිද’ කිය කිය කල්පනා කරන, ජීවිතේට පුරුෂ ලිංගයක් අල්ලලා තියා දැකලවත් නැති, කොල්ලෝ එක්ක යාලුවෙලා රවුම් ගහන්නෙ නැති, රූම් යන්නෙ නැති, බයික් පදින්නේ නැති, රෑ පාටි වලට යන්නේ නැති, ටැටූ ගහල නැති, බියර් අරක්කු සිගරට් බොනව තියා ඒවයේ ග‍ඳවත් ඉවසන්න බැරි, කොටට අඳින්නේ නැති, වැඩිය කොල්ලෝ ආශ්‍රය කරන්නෙ නැති, යාලුවෝ එක්ක ට්‍රිප් යන්නේ නැති, හවස හයෙන් පස්සෙ ගෙදරින් එළියට බහින්නේ නැති..අර සමාජයෙන් දුන්න ‘කෙල්ල’ ගේ චරිතය රඟපාන හිරේ වැටිච්චි “ගැහැණු” මනුස්සයෙක්ට..
 
අන්න එහෙම කෙනෙක්ට තමයි අපේ සමාජයේ පිරිමියා ‘හොඳ කෙල්ලෙක්’ කියන ගෞරව නාමය පිරිනමන්නෙ.
 
පිරිමියාගේ ඔලුවේ ජීවත් වෙන ඒ ෆැන්ටසික ගැහැණිය කියන භූමිකාවට පයින් ගහපු ගමන් ගෑණියෙක්ගේ හොඳ නමට කෙළ වෙලා යනව. මොකද පිරිමින්ට අනුව ගැහැණියකට අයිතියක් නෑ තමාගේ ඔලුවේ තියෙන ඒ ෆැන්ටසිය කුඩු කරන්න. ඒ ගැහැණිත තමාගේ ජීවිතේ නැති කෙනෙක් වුනත්.
 
ඒත් ඇත්තටම බඩුවක් වෙලා පාවිච්චියට ලක් වෙලා තියෙන්නේ කවුද කියන එකත් හිතල බලන්න වටින කාරණයක්
 
තමන්ව වෙන පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න දෙන ගැහැණියක්? විවාහයට පෙර තමාගේ කන්‍යාභාවය අහිමි කරගත්ත ගැහැණියක්? තමාගේ පියාට, සැමියාට අවනත නැති ගැහැණියක්? විවාහ නොවී වෙනත් පිරිමියෙක් එක්ක එකට ජීවත් වෙන ගැහැණියක්? මුදල් වලට තමාගේ ශරීරය, වටිනාකම, ආත්මගරුත්වය විකුණන ගැහැණියක්?
 
දිගින් දිගටම හිතාගෙන යද්දි තේරෙනව මේක මහා අවුලක් ජාලයක් බව.
 
ඇත්තටම පිරිමියා ඉස්සරහා පාවිච්චි වෙන්නෙ කවුද?
 
තමා කැමති පිරිමියෙක් එක්ක තමා කැමති විදියට යහන්ගතවන ගැහැණියක්ද , තමාගෙ පියා තෝරලා දෙන තමා අකමැති පිරිමියෙක් එක්ක නිදාගන්න ගැහැණියද? ජීවිතේ එක එක කාලයන්ගේ පියා/සැමියා වේශයෙන් එන පිරිමි අනසක ඉදිරියේ යටත් වෙලා ඒ අයට ඕන විදියට පාවිච්චි වෙන ගැහැණියද බඩුව, එහෙම නැත්නම් තමාගේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන තමාගේ තීරණ ස්වාධීනව ගන්නා ගැහැණියද?
 
මුදලට තමාගේ ගැණුම්කරුවා ඉස්සරහා තමාගේ ශරීරය පාවිච්චියට ලක් කරන්න ඉඩ දෙන කාන්තාව වේසියක් වෙලා, මාසෙ අන්තිමට හම්බෙන පඩියක් වෙනුවෙන් මාසය පුරා අසීමිත විදියට පාවිච්චි වෙන, ආත්මගරුත්වය බලලට දාලා නිවාඩුවක් ගන්න පවා තම ආයතනයේ ප්‍රධානියා ඉදිරියේ නැමෙන, ප්‍රමෝෂන් එකේ ඉඳලා සියලුම දේට ඔහුට *ක දෙන මිනිසුන් පාවිච්චියට ලක් වෙන බඩු නොවන්නේ කොහොමද?
 
ඔය බඩුව, වේසිය කියන වචන කිසිම තේරුමක් නැති හිස් වචන වෙන්නේ ඒ නිසයි.
 
ඔය වචනය අස්සෙම තියෙන්නේ සමාජය විසින් කාන්තාව පාලනය කරන්නට දාපු නාස් ලණුවක්
නමුත් නියම පෞරෂයක් තියෙන පුද්ගලයෙක්ට අනෙකාට අපහාස කිරීම තුළින් ඒ කෙනාව පාලනය කරන්න තටඹන්න අවශ්‍ය වෙන්නේ නෑ. හේතුව, කෙනෙක්ගේ නිදහස ඉදිරියේ ඒ පුද්ගලයාගේ පෞරෂයට හානියක් නොවන නිසා
 
මේ විදියට හිතන ගොඩක් පිරිමි හිතන්නෙ තමාගෙ අණසකට අවනත නොවන ගැහැණියක් කියන්නේ තමාගේ පිරිමිකමට අභියෝගයක් කියල. ඒ නිසයි මොන ක්‍රමයකින් හරි ස්වාධීන, නිදහස් ගෑණුන්ව මෙල්ල කරන්න හදන්නෙ
 
ඒ අතින් කාන්තාවකට බඩුව, වේසිය කියල කියන්නේ කිසිම පෞරෂයක් නැති නපුංසකයො. ස්වාධීන කාන්තාවක් ඉදිරියේ බිඳ වැටෙන පෞරෂයක් තියෙන කෙනෙක්ගේ මහා ලොකු පිරිමිකම මොකක්ද?
 
මේ ගැන වත්පොතේ මිතුරියක් කියල තිබ්බා ලස්සන කතාවක්
 
“අපේ සමාජයෙ පිරිමියාට කිසිම ලැජ්ජාවක් නැතුව කාන්තාවකට බඩුව, වේසිය කියන්න පුළුවන්. ඒත් ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නේ සෑහෙන අමාරුවෙන් ලැජ්ජාවෙන්”
 
බඩුව, වේසිය කියල අපේ සමාජයේ බහුලව භාවිතා කෙරෙන මේ වචන දෙකේ පුරුෂ ලිංගික පද මොනවද? එහෙම ඒවා තියෙනව නම් ඒවා එච්චර භාවිතා වෙන්නෙ නැත්තේ ඇයි කියන එක පොඩ්ඩක් හිතල බලන්න වටිනවා.
 
කොහොමත් පිරිමියෙක් නම් කිසිම ගෑණියෙක්ට,
ඔව්.. කිසිම ගෑණියෙක්ට
බඩුවක්.. වේසියෙක්
කියලා අගෞරව කරන්නේ නැහැ
එහෙම කරනවා නම් ඒ කරන කෙනා
පිරිමියෙක් නෙමේ
පෞරෂයක් නැති නපුංසකයෙක්
එච්චරයි !

16 responses to “බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍

  1. Pingback: බඩුවක්..වේසියක්..ගණිකාවක්.. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. බමුණෝ එක්ක ගණුදෙණු කරන්න හරිම අමාරුයි මචං. බොහොමයක් පිරිමි හිතන් ඉන්නේ ගැනියෙක් කියන්නේ ඇඳ උඩ ඔරු පදින්න හදපු මෙවළමක් කියලා. ඔව් අපි ඔරු තමයි කියලා හිතාගෙන ජීවත්වෙන ගෑණුත් ඉන්න නිසා මේක තවත් අවුල්. පාටියකට ගිහින් ගැනියෙක් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තොත්..කා එක්ක හරි ඩාන්ස් කරොත් ඒක ඉස්සෙල්ලාම ටොපික් එකක් කරගන්නෙත් ගෑනියෙක් බොහෝවිට. මේක අපේ රටේ අවුලක්ද කියලා හිතෙනවා.

    Like

    • උඹ කියන කතාව ඇත්ත මචන්. මිනිස්සු හදල තියෙන ට්‍රැක් එකෙන් ගෑණියෙක් එළියට පනිද්දි වැඩියෙන්ම කියවන්නෙ ගෑණුම තමා. උන් කැමති නැතුව ඇති උන්ගේ ජීවිතය, නිදහස බිල්ලට දීලා ඒ වෙනුවෙන් හිමිකරගත්ත එකම දේ වන ‘ගෞරවය’ ඒවා කැප කරන්න ලෑස්ති නැති ගෑණියෙක්ටත් ලැබෙනවට. ඉතින් ඔක්කොටම කලින් උන්ම රෙද්ද කරට ගන්නවා ඒ වගේ ගෑණුන්ට එරෙහිව.

      මචන් තව එකක්, උඹ ආපු පාර දිගේ ගිහින් උඹෙ බ්ලොග් එකට ඔලුව දාලා බැලුවා. සිරා බ්ලොග. ඇයි දිගටම ලියන්නෙ නැත්තෙ?

      Liked by 1 person

  3. මෙවැනි දෙයක් ලිවීමට ගටක් තිබීම ගැන ස්තුතියි.
    //ඒ අතින් කාන්තාවකට බඩුව, වේසිය කියල කියන්නේ කිසිම පෞරෂයක් නැති නපුංසකයො. ස්වාධීන කාන්තාවක් ඉදිරියේ බිඳ වැටෙන පෞරෂයක් තියෙන කෙනෙක්ගේ මහා ලොකු පිරිමිකම මොකක්ද?//

    Like

    • ඇත්ත ‘ලි’යන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා කියල කතාවක් තියෙනවනේ අජිත් 😛

      Like

  4. පිරිමින්ට වැඩිය ඔය විදියට කාන්තාවන්ට අපහාස කරන්නෙ ‘හොඳ කෙල්ලෙක්’ පට්ටම පරිස්සම් කරන ගැහැණු. පිරිමි ‘හොඳ කෙල්ලෙක්’ හොයන්නෙ විවාහයට විතරයි. තමන්ගෙ ගෑණි ඇරෙන්න අනිත් අය බඩුවක්ද, වේසියක්ද, ගණිකාවක්ද කියන එක ගැන එයාල කරදර වෙන්නෙ නෑ. මට නම් හිතෙන්නෙ තමන්ගෙ අය ඇරෙන්න අනිත් අය බඩුක් වෙනවනම් එයලා වැඩිය කැමතියි ලියලා.

    Like

    • ඔව්. කතාවක් තියෙන්නේ ගොඩක් පිරිමි ආස බඩු වලට, හැබැයි බඳින්න හොයන්නේ අම්මා වගේ ගෑණියෙක් කියලා. නමුත් සමාජය ඉල්ලන විදියට ඉන්නේ නැති ගෑණුන්ට බඩුව ලේබලය නම් ගෑණු පිරිමි භේදයකින් තොරව අලවනවා. මේ සටහන ලියන්න මුල් වුනෙත් කෙල්ලෙක් ගැන මගෙ යාලුවෙක්ම කියපු අදහසක්. (සටහන ආරම්භයේදීම කියල තියෙන්නෙ)

      Like

  5. මේ වචන සෙට් එකේ ආරම්භක අවධිය සඳහන් වෙලා නෑ. කාන්තාව ද්‍රව්‍යකරණය කරන පළවෙනි වචනය *කෑල්ල‍* එකම කාන්තාවක් මුලින්ම පට්ට කෑල්ලක් ලෙස අගය කරන පිරිමියාම පසු කලෙක ඈ පට්ට බඩුවක් පට්ට වේසියක ලෙස නාමකරණය කරනු ලබනවා. තමන්ට අයිති නොවූ හෙයින් පිරිමින්ද තමන්ට විඳගත නෙහැකි වූ ලොවක් වින්දනය කරන නිසාවෙන් ගැහැණුන්ද එලෙස තවකෙක් හැඳින්වීම ලිංගික ඊර්ෂ්‍යාව විනා වෙන යමක් නොවේ.

    Like

    • 100%ක් එකඟයි ඇනෝ. මනුස්සයෙක්ට කෑල්ල කියලා ආමන්ත්‍රණය කරන එක මගේ සටහනේ මඟහැරිලා තියෙනවා. ඒ අදහස එකතු කල එකට ස්තූතියි මචන්.

      Like

    • එක එක පුද්ගලයා තමාගේ ගෑණිගෙන් (බිරිඳ හෝ පෙම්වතියගෙන්) බලාපොරොත්තු වෙන දේවල් එකිනෙක වෙනස් වෙන්න පුළුවන්. මම අහලා තියෙනවා කතාවක්, “සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන්න නම් හැම ගෑණියෙක්ම තමාගේ පිරිමියා ඉස්සරහා ගණිකාවක් විදියට හැසිරෙන්න ඕනේ” කියල

      Like

  6. වැදගත් මාතෘකාවක්,මේ ගැන සංවාදයක් ආරම්බ කරන්ඩ පුලුවන්නම් හොදයි…

    Like

    • එකඟයි. හැකි විදියට සංවාදයක් ආරම්භ කිරීම සහ සංවාදයට දායකත්වයක් ලබා දීම තමා මේ වගේ සටහන් වල අරමුණ.

      Like

  7. මචං මේ බ්ලොග් එකේ රිප්ලයි එකට රිප්ලයි එකක් දෙන්න ත්‍රෙඩ් එකක් නැහැ. ඒ හින්දා මම බ්ලොග් එක ලියන්නේ නැත්තේ ඇයි කියන එකට උත්තරේ මෙතන දාන්නම්.

    මම කොහොමත් බ්ලොග්ස් ලියනවට වඩා කියවන්නයි කැමත්තක් තිබුනේ. ඒනිසා ගොඩක් බ්ලොග්ස් කියවනවා. මට වර්ඩ්ප්‍රෙස් එකවුන්ට් එකෙන් බ්ලොගර් කමෙන්ට්ස් දාන්න බැහැ මොකක්ද අවුලක් තියෙනවා. ඒ නිසා බ්ලොගර් සයිට්ස් වල අරුණ පෙරේරා කියලා කමෙන්ට්ස් දානවා. අනිත් එක මට දිගටම බ්ලොග් එක ලියන්න කම්මැලියි. උඹේ ඔය රිප්ලයි දිගටම පවත්වාගෙන යන එක හදපන්. එතකොට හොඳ සංවාදයක් අරන් යන්න පුලුවන්.

    Like

    • හරි මචන්. බලලා හදන්නම්. දිගටම මේ පැත්තේ වරෙන්. ජය !

      Like

  8. Pingback: බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍මවක්.. බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍මවක්.. | Nelum Yaya·

ප්‍රතිචාරයක් ලබා දීමට