සිංහබාහු තාම නෑ

Posted: May 16, 2016 in Uncategorized

ගල් ලෙනක් නොවුනාට
මේ විසල් මන්දිරය
ගල් ලෙනක් මට
ඇයි තාම නැත්තේ
කෝ මේ සිංහබාහු
හිරු නැගී එද්දිම
සිංහයා පිටවෙනව
ඇයි තාම නැත්තේ
කෝ මේ සිංහබාහු
එයි කියා සිතුවත්
හිතෙත් ඇත සැකයක්
සිංහයා නිදන්නේ
අනෙක් පැත්තට හැරිල

-සාගා-

Comments

Leave a comment