හිර නොවී ගේම් ගහන්න නියම Booster එකක්.

Wise Game Booster.
පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙකු විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්‍රීඩා වල නිරත වනවා. මෙසේ පරිගණක ක්‍රීඩාවල නිරත වන විට නිතර මතුවන ගැටළුවක් වන්නේ නවීන පන්නයේ පරිගණක ක්‍රීඩා ධාවනය (Run) වන විට ඒවා හිර වීමකට (Stuck) ලක් වීමයි. මෙමගින් අදාල පරිගණක ක්‍රීඩාවේ සැබෑ ආශ්වාදය පරිශීලකයාට, මඟහැරෙනවා.

ඇයි මෙහෙම වෙන්නේ?

පරිගණක ක්‍රීඩාවක් ධාවනය වන විට හිර වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එම ක්‍රීඩාවට අවශ්‍ය රැම් මතක ධාරිතාවය සැපයීමට රැම් කාඩ් එක අපොහොසත් වීමයි. පරිගණකයක් ක්‍රියාත්මකව ඇති විට, අපට නොපෙනෙන වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් ඇතුලතින් ක්‍රියාත්මක වනවා. උදාහරණයක් වශයෙන් Windows explorer, Anti virus softwares, sidebar,gadgets ආදීය ගත හැක. මෙසේ ක්‍රියාත්මක වන සෑම වැඩසටහනක් සදහාම විවිධ වූ මතක ධාරිතාවයන් රැම් කාඩ් එක මඟින් සැපයිය යුතු වනවා. (Task managerහි processos මගින් මෙම වැඩසටහන් පිළීබද සංඛ්‍යාත්මක විස්තර බලා ගත හැක.) මෙලෙස ලබා දීමේදී 1GB රැම් එකක් නම් දැනටම 512MB ප්‍රමාණයක් පමණ වැය වී අවසන් විය හැකියි. එවිට වෙනත් වැඩසටහන් සඳහා ඉතිරිව ඇත්තේ 512MB ප්‍රමාණයක් පමණයි. මෙම තත්ත්වය 1GB මතක ධාරිතාවක් අවශ්‍ය කරන පරිගණක ක්‍රීඩාවක් ධාවනය කිරීම දුශ්කරය.

මොකක්ද විසදුම?

මේ සදහා විසදුමක් ලෙස පරිගණකයේ රැම් මතක ධාරිතාවය වැඩි කල හැකි නමුත් එයට වඩා පහසු, ලාබදායි හා හොඳම විසදුමක් ලෙස Game Booster මෘදුකාංගයක් භාවිතා කළ හැකියි. මෙමගින් සිදු වන්නේ ඉහත කී වැඩසටහන් තාවකාලිකව නවත්වා ඒවාට වැය වන රැම් මතකය ඉතිරි කරගෙන එය පරිගණක ක්‍රීඩාව සඳහා භාවිතා කිරීමයි. හොද තත්වයේ හා නොමිළේ ලබාදෙන game booster මෘදුකාංගයක් ලෙස Wise Game Booster නම් කළ හැකි අතර එහි නවතම සංස්කරණය පහළින් Download කරගන්න.
wisegameboosterfree-icon

Wise Game Booster

Downlaod

Screenshots

පාවිච්චි කරන්නේ කොහොමද?

පරිගණක ක්‍රීඩාව ධාවනය කිරීමට ප්‍රථම ස්ථාපිත කරගත් Wise game booster විවෘත කරන්න. ඉන්පසු ඔබගේ පරිගණක ක්‍රීඩාවේ අයිකනය එහි සටහන්ව නැතිනම් එය එකතු කරගන්න. දැන් පහළින් optimize all යන විධානය ලබා දෙන්න (01 රූපය).
-01 රූපය-

-01 රූපය-

එවිට වම්පස ඇති මීටරය කොළ පැහැයට හැරෙනු ඇත. (02 රූපය) ඉන්පසුව ඉහළින් ඇති ඔබගේ පරිගණක ක්‍රීඩාවේ අයිකනය ක්ලික් කිරීම මඟින් හිර නොවී එය ධාවනය කළ හැක.
-02 රූපය-

-02 රූපය-

පරිගණක ක්‍රීඩාව අවසානයේදී නැවතත් පෙර කී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දකුණු පස ඉහළ කෙළවරේ ඇති Restore විධානය ලබා දී Resume All යන්න ලබා දෙන්න අමතක නොකරන්න.
ඔබගේ අදහස් පහළීන් Comment කරන්න. අපගේ ෆේස්බුක් පිටුවත් ලයික් කරන්න. යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

 

Leave a comment