විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Hitan   අම්මපා මේ හිටං කියන එක, මෑත කාලයේ ඉඳලා අපිට එකතුවුන යෙදුමක් කියලා හිටං, බැලූ බැල්මට පෙනෙන්න තියනවා හිටං. නමුත්, මේ හිටං කියන එක, සෑහෙන තරම් අතීතයක ඉඳලා හිටං, අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් විසින්, පාවිච්චි කොරලා තියනවා හිටං කියලා, මම මේ මෑතකදී තේරුම් ගත්තා හිටං. දැන් බළනකොට මේ හිටං කියන එක කිසිම අවුලක් නැති යෙදුමක් කියලා හිටං, තේරෙන්නේ දැනුයි හිටං. මේ හිටං කියන යෙදුම, අපේ ජන නායකයන් විසින්, මීට අවුරුදු හැට හැත්තෑවකට උඩදිත් පාවිච්චි කොරලා තියනවා කියලා හිටං, ඔහෙලා බොහොමයක් දන්නේ නැතුව ඇති හිටං. ඉතිං අප්පා, කාටද තංතෝස කියලා මං අහන්නේ හිටං. මෙව්වා අපේ සඟිස්කුරුතියේ, පරණ කියමන් කියලා දැනුයි ඕං තේරෙන්නේ හිටං.

   අපේ වර්තමාන ජනාධිපතිතුමා, හිටං කියනවා කියලා හිටං, හුඟක් දෙනෙක්, අරවා මෙව්වා කියනවා හිටං. ඒ උනාට, එතුමාටත් කලින් හිටං, හිටං කියන යෙදුම පාවිච්චි කල උත්තමයෝ හිටියා කියලා හිටං, ඔහෙලා දැනගන්නවා හොඳයි හිටං. මං මෙව්වා කිව්වට විස්වාස නැත්තං හිටං, ඔන්න ඔය පහලින් තියන, තප්පර 35 ක් විතරක් යන වීඩියෝ එක, බලනවා හොඳයි හිටං. කොම්පීතරේ ළඟ හිටගෙන හිටං.

 

   ඕං බලනවාලා හිටං, ජාතියේ පියා කියලා කියන උත්තමයා හිටං, මේ හිටං කියන එක කියලා තියනවා හිටං. හැක්, ඉතිං කියනවලකෝ හිටං, දැං ඔහෙලා මොකද කියන්නේ කියලා හිටං?

2016 අප්‍රේල් මස 27 වැනි දින 2354 පැය

Comments on: "ඉස් ඉස්සෙල්ලම හිටං කිව්වේ කවුද හිටං" (12)

  1. ඉතාම දුර්ලභ විඩියෝ ක්ලිපයක් මෙලෙස අප අතරට ගෙනාවාට ස්තුති විචාරකතුමා

    • මේක මම කලකට ඉහතදී දැකල තිබුනේ ගුණසිංහ මහත්තයෝ. මහේ හිතේ කොනක තිබුනා, ඔය හිටං කියන වචනය, මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාත් කියපු බව. අද මේ අපේ ජනාධිපතිතුමාට විතරක් අපහාස කරන්න උත්සාහ කරන අයගේ දැනගැනීම සඳහා තමයි, මේක ලිව්වේ.

  2. මට නම් හිටං මහතා ගැන තියෙන්නේ දුකක් හිටං ,ඊටත් වඩා අපේ සරත් මහත්තයා වාහන නැතුව වැඩ බැ කිව එක දුකයි හිටං ,එත් හිටං මක්කා කොරන්නෙයි එයාලා ලොක්කොනේ හිටං .
    🙂

    සර් වර්තමාන තත්වය ගැන ඔබේ අදහස් මොනවද ?
    මන් හිටං ඉන්නේ අයේ ජන්දේ නොදී ඉන්න
    ඔක්කොම හොරු වෙලා අපි හාවෝ වෙලා

    • කියලා වැඩක් නෑ හිටං. බලනකොට ඔක්කොම එකයි හිටං. අල්ලන්න හිටිය හොරුත් දැන් රෙද්ද අස්සේ දාගෙන හිටං. දේසපාලනේ තිත්තයි හිටං. පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි හොඳ හිටං.

  3. මේ වගේ උත්තමයො දැන් ඉන්න පඹයත් එක්ක සමාන කරන්න කිසිම දෙයක් නැහැ. තියෙනවනම් තියෙන්නෙ ඔය කියන “හිටං” කියන වචනෙ විතරයි. හමුදාවෙ ඈයො සිරගත කරනකොට මරාගෙන මැරෙන කොටි නිදහස් කරන මේ වගේ නමට ජනාධිපති කෙනෙක්ට මේ රටේ මිනිස්සු ආවට ගියාට වචනයක් අල්ලගෙන අපහාස කරන්නෙ නැහැ… අනේ මන්ද අර දැන් ඉන්න “වෙලේ විදානෙ” (අගමැතිතුමා කියපු විදියට Field marshel…. ඔන්න අපි නෙවෙයි කියන්නෙ…. 😉 ) මහත්තයත් රණවිරුවො ගැන කිසි කතාවක් නැහැ. මම හිතන්නෙ ලක්ෂ 400 කාර් එක හම්බ වෙනකම් සේවය කරන්න බැරුව ඇති. ඔය දැන් යහපාලන කට්ටිය හොරු කියන අයව අපිටත් එපා වෙලා තිබුනෙ. නමුත් අපි දැනගත්ත ඉගුරු දීල මිරිස් ගත්තම වෙන දේ

    • ඔබේ අදහස් සමග එකඟ නොවුනත්, අදහස් පලකිරීමට ඔබට ඇති අයිතියට ඉඩ දෙනවා.

      • සරත් ෆොන්සේකා මහත්තයට මුල ඉදන් ම සර් ගොඩක් සහයෝගය දුන්නා,එක හින්දා මන් අහන්නේ ,සර් ඔහුගේ වැඩපිළිවෙල පිළිගන්නවද ? උත්තර නොදී ඉන්න පුළුවන් සර් ,මේක අහන්නේ අපහසුවට පත් කරන්න නෙමේ ,cyber අවුරුදු උළෙල ලට ආවද මේ පාරත් ?

  4. මෛත්‍රිපාලට හිටං කියන්න ගත්තේ “හිටං”කියන වචනේ පාවිච්චි කරන නිසාම නොවේ.

    චන්දේ කාලේ මෛත්‍රිපාල කිව්වා එයා චන්දෙ දින්නහම ගුවන්තොටුපල වහලා දමලා රජපක්ෂලාට දඬුවම් දෙනවා කියලා.ඊට ටික කාලකට පස්සේ කිව්වා “එහෙම ගුවන්තොටුපල වහලා දානවා වගේ කතාවක් කියන්න මට පිස්සුද හිටං” කියලා.

    “හිටං”කියන නම වැටුනේ ඔය සිද්දියට ලැබුනු ප්‍රචාරයත් එක්ක.

  5. ඉතිං අපට මොකද හිටං

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.