මම අද ඩයිට් අනේ..?

 

“මම අද ඩයට් අනේ.. වැඩිය මුකුත් කන්නෙ නෑ.. දවල්ට චූට්ටක් කාලා, රෑට මුකුත්ම නොකා නිදාගන්නවා.. ඇඟ හදාගන්න ඕනි අනේ. ෆිගර් එක ලස්සනට තියා ගන්න ඕනෙනේ..”

ඕනම කෙනෙක් ව්‍යායාම් කරනවා නම් ඒක නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඉතාම හොඳ දෙයක්. කෑම පාලනය කරන එකත් හොඳ දෙයක්.

ඒත් කෙට්ටු වෙන්න කියල නොකා ඉන්නව නම් අන්තිමට නවතින්නේ නැති ප්‍රශ්න ඇති වෙලා.

යහපත් ශරීරයක් හදාගන්න නම් කරන්න ඕන නොකා ඉන්න එක නෙමේ, කෑම පාලනය කරන එක. සමබර ආහාර වේලක් ගන්න එක.

ඩයට් කරනවා කියල නොකා ඉන්න ලෙඩේ ගොඩක්ම තියෙන්නේ ගෑණු ළමයින්ට. හේතුව තමා මේගොල්ලන්ට ඕනේ ලස්සන ෆිගර් එකක්.

දැක්කාම කොල්ලො කොර වෙලා යන ඇඟක් !

සාධාරණයි !
තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය දිනාගන්න කවුරුත් කැමතියි. හොඳ පෙනුමකින් ඉන්න කවුරුත් කැමතියි.

ඒත් මේ තරුණ/තරුණියන් මවාගෙන ඉන්න ශරීරය ඇත්තටම ප්‍රයෝගිකව හදාගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන් එකක්ද?

ඊට කලින් හිතන්න ඕන මේ අය මවාගෙන ඉන්න මේ අංගසම්පූර්ණ පර්ෆෙක්ට් බොඩි එක මේගොල්ලන්ගේ ඔලුවලට ආවේ කොහෙන්ද කියන එක

ඔය අයිඩියල් බොඩි ඉමේජ් එක කියන එක තරුණ/තරුණියන්ට මවලා දෙන්නේ මාධ්‍යය/චිත්‍රපට/සංගීත ක්ෂේත්‍ර වලින්. ඔතනදි ඔය බොඩි ඉමේජ් එක මාර්කට් කරන්න ගොඩක් වෙලාවට යොදාගන්නේ වෘතිය මට්ටමේ නිරූපිකාවන් හෝ නළුනිළියන්. ඒ අයගේ රැකියාවම තමා ඇඟ හදාගන්න එක. ඒ අයගේ ආදායම තීරණය වෙන්නේම ඒ අයගේ පෙනුම මත.

මේක මිලියන් බිලියන් ඩොලර් වලින් කෙරෙන බිස්නස් එකක් !

ඒ වගේ නළුනිළියන් නිරූපිකාවන් යොදලා නිර්මාණය කෙරෙනවා “සෙක්සි ලස්සන කෙල්ල” කියල ස්ටෑන්ඩර්ඩ් එකක්.

කත්‍රිනාගේ වගේ සුදු හමයි, ප්‍රියංකාගේ ලෑල්ල වගේ බඩයි, කරීනාගේ වට්ටක්කා ගෙඩිය වගේ පස්සයි, බිපාෂාගේවගේ පියයුරු දෙකකුයි.. වගේ ලස්සන සෙක්සි කෙල්ලෙක්ට තියෙන්න ඕන අංගෝපාංග ටිකක් නිර්මාණය කරලා මාර්කට් කරනවා.

ඔය මාර්කට් එකෙන් ඉලක්ක කරන්නේම පිරිමින්ව. ලොකයේ වැඩි ප්‍රමාණයක් වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, චිත්‍රපට, නිර්මාණය කෙරෙන්නේ පිරිමි මනස ඉලක්ක කරගෙන.

ඒ අනුව මෙතනදි පිරිමියාට හදල දෙනවා පර්ෆෙක්ට් ඇඟක් තියෙන සර්වසම්පූර්ණ කෙල්ලක්. වෙන ලෝකෙකින් ගෙනත් තියලා වගේ.

ඉතින් ඔතනදි තමයි තරුණියෝ මේ ලණුව අරගෙන රස කර කර කන්න පටන් ගන්නෙ. මේගොල්ලන්ටත් ඕන වෙනවා අර “ලස්සන සෙක්සි කෙල්ල” වෙන්න. එහෙම වෙලා ඒ බොඩි එක හොයන පිරිමින් ඉස්සරහා තමාට වටිනාකමක් හදාගන්න.

නමුත් ගොඩක් අයට තේරෙන්නේ නෑ ඕක අමුම අමු මිත්‍යාවක් කියන එක.

ඔය නිසා තමයි දකින දකින තැන කෙල්ලෝ පුකවල් හිරවෙන්න ලෙගින්ස් ඇඳගෙන, ඇඟේ හැඩය ඉස්මතු වෙන්න ඇඳුම් ඇඳගෙන, කට්ට අව්වේ මේකප් දාගෙන, හීල්ස් දාගෙන කෝච්චිය අල්ලන්න පවා දුවන්නේ..

ඔය මාකට් කරලා බිල්බෝර්ඩ් වල අමුණලා තියෙන සෙක්සි නිළියන්ගේ අයිඩියල් ෆිගර් එක හදාගෙන තියෙන්නේ අප්‍රමාණ දුකක් විදලා. උදේ ඉදන් හවස් වෙනකම් ජිම් වල ප්‍රොෆෙශනල් ට්‍රේනර්ස්ලගෙන් ට්‍රේන් වෙලා, ප්‍රොෆෙශනල් ඩයටීශියන්ලගෙන් පෝෂණය සම්බන්ධව ලැබෙන උපදෙස් සහ වත් පිළිවෙත් අනුගමනය කරලා.

සරලවම කිව්වොත් එහෙම ෆිගර් එකක් මේන්ටේන් කරනවට ඒ අයට ගෙවනවා. ඒක ඒ අයගේ ජොබ් එක. ඒ අයගේ මිළ තීරණය වෙන්නේ ඒ මත.

ඒ නිසා නළුනිළියන් නොවන සාමාන්‍ය තරුණියන්ට ඒ වගේ ඇඟවල් හදාගන්න දගලන එක අපරාධයක්, සහ එහෙම කරන්න ඕනත් නැහැ.

මේ කියන්නේ ලස්සන ඇඟක් තියෙන එකවත්, ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න එක නරකයි කියලවත් නෙමේ. නමුත් සමාජයක් විදියට මනුස්සයෙක්ගේ වටිනාකම ඒ මනුස්සයාගේ බඩේ හැටියෙනුයි, පියයුරු වල හැටියෙනුයි, නුයි, පශ්චාත් භාගයෙ හැටියෙනුයි මනිනවා නම් ඒක සමාජයක් විදියට එච්චර හොඳ දෙයක් නෙමේ.

මනුස්සයෙක්ට රෝල් role model ලා හිටියට කමක් නෑ. නමුත් ඒ role model ලව තෝරලා බේරලා හරියට තෝරගන්න එක වැදගත්. තමාගේ role model විදියට ඉන්නේ ලස්සන ‘ඇඟක්’ තියෙන නිළියෙක් නම්, නළුවෙක් නම්..

එතන පොඩි අවුලක් තියෙනවා නේද?

මේ කියන්නේ ශරීරය ගැන කිසිම සැළකිල්ලක් නැති, සෞඛ්‍ය ගැන හිතන්නේ වත් නැති ඇවිදින පිටි මුට්ට වෙන්න කියලා නම් නෙමෙයි.

ගෑණු වේවා පිරිමි වේවා තමාගේ කෑම පාලනය කරලා නිරෝගී විදියට ඉන්න එකයි සුදුසු.

හැබැයි එහෙම ඉන්න හැම කොල්ලාටම සික්ස් පැක් එකක්වත්, හැම කෙල්ලටම ලෑල්ල වගේ බඩකුත් තියන්න ඕන නම් නැහැ !

ලස්සන සාපේක්ෂයි !
ඔය අයිඩියල් ෆිගර් එක පට්ට පල් බොරුවක්, මායාවක් !
එච්චරයි !

11 responses to “මම අද ඩයිට් අනේ..?

  1. Pingback: මම අද ඩයිට් අනේ..? | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. ඔය බැදපු නැති ලමයි වගේ අය නම් ස්ලිම් එකට හිටියට මුල්‍ය වටිනාකමක් එන්න පුලුවන්….මොඩ්ලර්ස්ලට ස්ලිම් වෙලා ඉන්නවට ගෙවනවා වගේ, මේ ලමයිගෙත් කසාද වටිනාකම ඉහල යන්න පුලුවන් 😉

    එ වගේ බැදපු නෝනලගේ මහත්තුරු ‍රැක ගන්න කොස්ට් එක ස්ලිම් සහ ආකර්ශනීය වීම වෙන්න පුලුවන්නෙ….

    Like

    • ප්රියමනාප පෙනුමක් තියා ගන්න එක කොහොමත් හොඳයි මයියා. බඳින්න කලිනුත්, පසුවත්. ඒත් ප්‍රියමනාප පෙනුමක් තියාගන්නවා කියන්නේ නම් ඔය අයිඩියල් බොඩි ඉමේජ් එක, ස්කින් ටෝන් එක මේන්ටේන් කරන එක නම් නෙමේ මට හිතෙන විදියට. 🙂

      Like

  3. Speaking of skin colour, I’ve heard there’s a shocking new method to achieve fair skin, apparently practised even in this country, where anti-cancer drugs are taken to kill red blood cells. Paleness = fair skin, to those desperate enough to fall victim to unscrupulous peddlers.

    I don’t think anorexia is as much an issue in our part of the world as the results of all the damage caused in the search for “fairness”.

    Like

    • මයියා, ඔය දෙකම ලියන්නේ මම. ස්තූතියි අවදානය යොමු කෙරුවට.

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට