ප්‍රසිද්ධියේ දුම් බොන අක්කා

කැලෑ පත්තර ගසමින්ද චරිත ඝාතන කිරීමෙන්ද අහු මුළු වල කතා හදමින්ද ලජ්ජාවට පත් කිරීමෙන්ද,

චිරාත් කාලයක් තිස්සේ දියත් කෙරුන කෙසේ හෝ ගෑණු මට්ටු කරමු ව්‍යාපෘතියේ නවතම පෙරළිකාර අංගය වන අන්තර්ජාලයේ පතුරු ගැසීම මඟින් ගෑණු මට්ටු කිරීමේ trend එක අනුව යන තවත් Modern අයියා කෙනෙක් විසින් කාන්තාවක් දුම් බොන අවස්ථාවක් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැර තිබෙනු දුටුවෙමි.

අදාල වීඩියෝවට අනුව සිද්ධිය සිය කැමරා ෆෝන් එකට හසු කරගන්නා තරුණයා තමාව පොලිස් නිලධාරියෙකු ලෙස හඳුන්වා දුන්නත් එසේ වීමට ඉඩක් නැති බව අමුතුවෙන් සඳහන් කල යුතු නැත. මන්ද රටේ ජනතාවගේ ක්‍රියකාරකම් වීඩියෝගත කොට අන්තර්ජාලයට මුදා හැරීම පොලීසියේ රාජකාරිය නොවන බැවිනි.

අවට සිටින පුද්ගලයෙක් විසින් අදාල කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන්නියක් ලෙස සඳහන් කලත් විනාඩියකට අඩු වීඩියෝවේ ඇය කියනා වචන ස්වල්පයට ඇති වූ කැමැත්ත නිසාම ඇයගේ පිළිතුර මෙසේ සටහන් කරමි.

“ඔයා පොලිසියෙ උනාට මට වැඩක් නෑ හරී. කනේ පාරක් දෙන්නෙ ඔව්. පොලිසියෙ උනාට. උඹට වැඩක් නෑනෙ මම සිගරට් බිව්වත් එකයි නැතත් එකයි. උඹලගෙ සල්ලිද? හුත්තිගෙ පුතා !”

එයට වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හල තරුණයා පිළිතුරු දෙන්නේ සිංහ ගර්ජනාවකිනි

“හූ..හූ..හූ..හූ..!!!”

අනේ බං අපේ උන්ගෙ පිරිමිකම කැමරා ෆෝන් එකකුයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි අස්සෙ දිය වෙලා යන හැටි !

Leave a comment