බුදු අම්මෝ මෙන්න ටීවී එකේ ගණිකාවක් !

බුදුන් තෙවරක් වැඩිය, පොඩි උන්ව දූෂණය කරලා මරන, පොඩි උන්ව කෑලි කෑලි වලට කපලා මරන, කෝච්චියට හැප්පුන එකාගේ පර්ස් එකටත් කෙළින්න හදන, දළදාව වටේ රේස් පදින, හදිසි අනතුරක් වුනාම වාහන ගිණි තියලා ඩ්‍රයිවර්ගේ අඬු කඩන, පන්සල් පල්ලි වල ළමයින්ව අපයෝජනය කරන, තුන්සිය හැටපස් දවසෙම කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් වලින් බණ අහන ගමන් බුදුන්ගේ නාමයෙන් මිනීමරන මේ පුණ්‍ය භූමියේ..

ටීවී එකේ ගණිකාවක් යකෝ !

අම්මෝ මගෙ ඇස් දෙක !!! 

මුංගේ වේස රස්සාවට නීතියෙන් මීට වඩා පිළිගැනීමක් ඕනෑලු. සමාජයෙන් පිළිගැනීමක් ඕනෑලු. උන්ගේ දරුවන්ට පිළිගැනීමක් ඕනෑලු.

මුංට ප්‍රශ්න තියෙනවලු. ඒවාට විසඳුම් ඕනෑලු. ඒ මදිවට මුංට අයිතිවාසකම් තියෙනවලු (හුකෑස්). ඒ අයිතිවාසකම් ඕනෑලු

අනේ බොල ගොං වැස්සියේ, උඹලට කොහෙද මේ රටේ අයිතිවාසකම්?

පහුගිය දවස් වල දැක්කනේ අපරාධකාරයෝ කියල සැකපිට අත් අඩංගුවට ගන්න උන්ට අපේ රටේ නීතිය රකින්න බැඳිලා ඉන්න පොලිසියයි අපේම සමාජයයි සලකපු හැටි. 

එහෙමයි යකෝ අපි අපරාධකාරයින් කියල ඔප්පු නොවුන සැකකාරයින්ටත්  සලකන්නේ. 

අපරාධකාරයින් තියා සැකකාරයිටවත් නැති මානුෂීය අයිතීන් ගණිකාවන්ට කොහෙන්ද යකෝ?

ගණිකාවන්ට කොහෙද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක්?

මේ වගේ පට්ට බැල්ලියන්ට කතා කරන්න ඉඩක් හදල දීපු මාධ්‍ය බල්ලන්ට එළෝ එළෝ ගහන්න ඕනා. දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන්න ඕන. ඔව්. 

මෙච්චර කල් කොච්චර ලස්සනට වැඩකටයුතු කරගෙන ගියාද මේ මාධ්‍යය මහත්තුරු.

මෙච්චර කල් ටීවී එකේ ඉඩ දුන්නේ බිලියන ගණනින් ජනතා මුදල් වංචා කරන, කුඩු කන්ටේනර් ගණන් ගේන, වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන්න, ගුරුවරු දණ ගස්සපු, මිනිස්සු ගස් බැඳපු අපේ ශිෂ්ඨ දේශපාලක මහත්තුරුන්ට විතරයි.

අපිත් ඒ සාකච්ඡා, කුලල් කාගැනිලි බලං හිටියෙ කොච්චර ආසාවෙන්ද?

ඒ දේශපාලකයින්ට දෙන අයිතිය කොහොමද යකෝ මාධ්‍ය බල්ලො මේ පට්ට බැල්ලියන්ට දුන්නේ?

අම්ම අප්ප විකුණල හරි සල්ලි හම්බකරන්න හදන කාලකණ්ණි හැත්ත.

මෙහෙම ගියොත් හෙට ඉඳල කොලුකාරයොයි, ආප්පකාරියොයි ගෙනල්ලා මාධ්‍ය සාකච්ඡා තියයි. 

අපි අපේ රටේ පාරිශුද්ධ, නිකැලැල්, පරම පිවිතුරු සංස්කෘතිය මෙච්චර කල් රැකගෙන ආවේ කොච්චර අමාරුවෙන්ද? මේ ගණිකාවන්ට අපේ ආගම, දහම, සංස්කෘතියට කෙළවන්න දෙන්න බෑ. 

අර කවුද කිව්ව වගේ බඩු ගහන්න ඕනේ නම් ඕන අය හොරෙන් ගිහින් බඩු ගහන එක වරදක් නෑ. හාමුදුරුවන්ට මස් කන්න නියම කරල තියෙන ක්‍රමේට.

ඒත් හැංගි හැංගි කරන්න ඕන ඒවා ගැන මෙහෙම ප්‍රසිද්ධියේ කතා කලාම අපේ සමාජීය හෘද සාක්ෂියට කොච්චර නං ඌයියා වෙනවද මං අහන්නෙ? ඒක තේරෙන්නෙ නැද්ද මුංට?

අපේ සමාජයේම මිනිස්සු කොටසකගේ අවශ්‍යතා ඉටු කරන ගමන් ඒකට මුදලක්  අය කරන ගණිකාවෝ කියල ජාතියක් ඇත්තටම ඉන්නව කියල උන්ව ටීවී එකේ පෙන්නල අපිට මෙහෙම මතක් කරනවද මං අහන්නෙ?

එහෙම මිනිස්සු කොටසක් ඉන්නව කියල, උන්ටත් අපිට වගේම ප්‍රශ්න තියෙනව කියල, උන්ටත් අපිට වගේම අයිතිවාසකම් තියෙනව කියල, උනුත් අපි වගේම ඇට,මස්, ලේ, නහර වලින් හැදුන මිනිස්සු කියල අපි අමතක කරල ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද? 

අපි කොච්චර අමාරුවෙන්ද ඇහැ වහලා අහක බලාන ඉන්නෙ. එහෙම කට්ටියක් නෑ කියල හිතාගෙන.?

අපේ නැති සභ්‍යත්වයක් තියෙනව කියල අපි හිතාගෙන ඉන්නේ මේවා හොර රහසෙ කෙරෙනකං නෙ. එළිපිට මේව ගැන කතා කරන්න ගත්තම අපි දරාගන්නෙ කොහොමද?

අපේ සංස්කෘතික ෆැන්ටසි වලට කෙළින්න එපා යකුනේ. ආතල් කුඩු කරන්න එපා !

ගණිකාවන්ව ටීවී එකේ පෙන්නලා අපේ සිල් බිඳින්න එපා !

මෙහෙම ගියොත් අපිට වෙන්නේ සුද්දාගේ ආච්චිව ඇඳෙන් බස්සලා සුද්දගේ දුව එක්ක නිදාගන්න.

One thought on “බුදු අම්මෝ මෙන්න ටීවී එකේ ගණිකාවක් !

Leave a comment