සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

අයියෝ ක්ෂිතිජ ඔයත් ! …………..

with one comment

කෙනෙක් පලමු වතාවට ගැණු ලමයෙකුට ආදරය ප්‍රකාශ කරන මොහොත ඒ පුද්ගලයාට සමහර විට දෙන්නාටම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. මාස ගණනාවක් සමහරවිට අවුරුදු ගණනාවක් යම් කෙනෙකු ගැන හිතේ  අදහසක් තියන් ඉදලා ඒක වචනවලට හරවලා ප්‍රකාශ කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමේ.

කාලෙකට පස්සේ ලියන්න හිතුන බ්ලොග් සටහන අද ක්ෂිතජ ලියන්නේ ක්ෂිතිජගේම අත් දැකීමක් ගැනයි.ක්සිතිජ උසස් පෙල කරන  කාලයේ තමා මේ සිද්ධිය වුනේ.ක්ෂිතිජ ඉගෙන ගත්ත පාසලෙන් සමාන්‍ය පෙලට ඒ අකුරු දහයක් ගත්ත ලමයි ටික පේරදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුන වැඩමුලුවකට එක්කන් ගියා.ඉතින්  මේකටත් ක්ෂිතිජත් , නාලිනිත් (ඒක තමා ක්ෂිතිජගේ හිත්ගත් තැනත්තියගේ නම ) ගියා . එහිදි ඇතිවෙච්ච මිතුදම හුගක් දුර දිග ගියා.

ටික කාලයක් යද්දී (කිව්වට මාස දෙක තුනක් ) ක්ෂිතිජත්  නාලිනිත් එක්ක කතාබහ කරන්න   පටන් ගත්තා . ඔහොම ටික කාලයක් ගියා ක්ෂිතිජට ඕන වුනා නාලිනිගේ පින්තුරයක් ගන්න ඉතින් මේකට ක්ෂිතිජ ගැහුව ප්ලැන් එකතමා මුලු ඉස්කෝලෙම ලමයින්ට  පාසල් හැදුනුම්පත් අලබා දෙන්න ඕනේ කියාලා ක්ෂිතිජගේ පාසල් ව්‍යාපෘතිය ලියලා අන්තිමට ක්‍රියාත්මක කරා (කෝමද ටිකිරි මොලේ ). ඉතින් ඒහෙම කරලා කෝමෙන කෝමෙන් හරි ගැනු ලමයාව ෆිට් කරගත්තා.දැන් ක්ෂිතිජ ගැනු ලමයා යන එන පංති යනවා හොදට පාඩම් කරනවා .ආ දිනපොතකුත් ලියනවා , ක්ෂිතිජගේ නගාටත් වැඩේ මීටර් නගාත් දැන් පුල් සපොර්ට් එකලු.

දැන් ඉතින් අවුරුද්දක් විතර ඒකා පාක්ෂික ආදරය නැගලා යනවා . විභාගවල ලකුණු එහෙම සිග්‍රයෙන් ශුන්‍ය කරා ලංවෙනවා.ක්ෂිතිජට තේරුණා මෙහෙම දිගටම ගියොත් අනාගතයක් නෑ කියලා . ඕන මගුලක් වෙන්න ආදරය ප්‍රකාශ කරන්න ඔනේ කියලා .

ඔන්න ඉතින් ක්ෂිතිජගේ බෙස්ට් ෆ්‍රෙඩා තමා ක්ෂිතිජගේ නංගි . (අම්මා තමා අංක එක ).ඔන්න ඉතින් දවස් දෙක තුනක් විතර නගා ගෙන උපදෙස් අරන් චොකලට් එකකුයි පොඩි පොඩි තැගි වගයකුත් අරන් ක්ශිතිජ ගියා ඉස්කොලේ ( ගියේ ඉගෙන ගන්න ) ක්ෂිතිජ ඉතින් බඩු භාණ්ඩ ආරක්ෂාව සදහා ශිෂ්‍ය නායක කාමරයේ තියලා ගියේ (ක්ෂිතිජ ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෙක් ) . එනකොට චොකලට එකට බඩු බනිස් , දැන් ඉතින් මොකද කරන්නේ ඊලග දවසෙත් ( ඒ කියන්නේ මීට අවුරුදු හතරරකට පහකට කලින් අද වගේ දවසක ) ක්ෂිතිජ ආයිත් ගියා මේ පාරනම් අමතර අරක්ෂාව පැත්තක තියලා

ක්ෂිතිජ ගාවම තැගි ටික තියා ගත්තා.කෝමෙන් කෝමෙන් හරි එදා ඉස්කොලෙන් පස්සේ ගැනු ලම්යාව හම්බ වෙන්න ගියා. ගැනු ලමයාව පැත්තකට කතා කරලා ඔන්න ආදරය ප්‍රකාෂ කරන්නයි ක්ෂිතිජ හදන්නේ.මලකෙලියයි මොනවත් ඔලුවට එන්නේ නෑ ඒ මදිවට හාර්ට් ඇටැක් එකක් එන්න වගේ පපුව ගැහෙනවා . අන්තිමට වටින් පිටීන් ගිහින් විනාධි පහක් විතර තටමලා ආදරය ප්‍රකාශ කරා කියමුකෝ.

නාලිනිගේ උත්තරය වුණේ “අයියෝ ක්ෂිතිජ ඔයත් ! ” .ඔන්න එච්චරයි ක්ෂිතිජට මතක. ක්ෂිත්ජ ඊට පස්සේ වුණ දේ මතක් කරන්න තාමත් හදනවා .

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2012 පෙබරවාරි 16 at පෙ.ව. 6:29

One Response

Subscribe to comments with RSS.

  1. හුටා ! පුදනකොටම කාපු යකා….. ඒ කියන්නෙ ඒ කාලෙ බේරුමක් තිබිලම නෑ වගේ.

    නවම්

    2012 පෙබරවාරි 17 at ප.ව. 4:38


ප්‍රතිචාරයක් ලබාදෙන්න