Blog Portal of Durakatana

2011 දී පලමු වරට හඳුන්වාදුන් Temple Run ක්‍රීඩාව නිපදවනු ලැබුවේ තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.Keith Shepherd සහ Natalia Luckyanova යන විවාහක යුවල විසින් මෙහි coding හෙවත් කේතකරණය සිදු ලරනු ලැබූ අතර, ඔවුන්ගේ මිතුරෙකු වූ Kiril Tchangov විසින් මෙහි ග්‍රැෆික්ස් යනාදී කලා කටයුතු සම්පාදනය ලරනු ලැබීය.

2011දී IOS සඳහා පළමුවරට නිකුත් කෙරුනුTemple Run ක්‍රීඩාව, පසුකාලීනව Android හා Windows Phone සඳහාද පසුකාලීනව නිකුත් කරන ලදී.
2013දී Temple Run දෙවන ක්‍රීඩාව වනTemple Run 2 ක්‍රීඩාවද නිකුත් කරනු ලැබීය. මෙම ක්‍රීඩා ද්විත්වයම එකක් බිලියන වතාවක් පමණ Download කර ඇත.
පළමු ක්‍රීඩාව නිපදවීමට තිදෙනෙකුගේ කණ්ඩායමක් දායක වූ අතර, දෙවන ක්‍රීඩාව නිපදවීමට තවත් දෙදෙනෙකු සහයට ගන්නා ලද බැවින් එය පස් දෙනෙකුගේ තරම් කුඩා කණ්ඩායමක් විසින් නිපදවූ ක්‍රීඩාවකි.

කෙසේ වුවද, ඔබ කෙතරම් දක්ශයකු වුවත් ඔබට කිසිදිනක Temple Run ක්‍රීඩාවක් අවසන් කිරීමට හැකියාවක් නොමැත.

සියලුමTemple Run ක්‍රීඩා නොමිළයේ ලබාගත හැකි ක්‍රීඩා වුවද, ක්‍රීඩාව තුල ඇති in-app purchases හරහා ක්‍රීඩාවේ නිර්මාණ කරුවන් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

Comments on: "Temple Run ගැන ඔබ නොදන්නා තොරතුරැ කීපයක්" (1)

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්